Author: LFN

මව්පියන්ගේ විරෝධය මැද විවාහයක් කරගත් දියණියගේ පවුලට ඇයගේ පියා විසින් දැඩිව බලපෑම් කිරීමේ සිද්ධියක් පන්නිපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි. විවාහයෙන් පසුව ඔවුන් දෙදෙනා ජීවත්ව සිට තිබුණේ, පන්නිපිටිය වීරමාවතේ පිහිටි තරුණයාගේ නිවසේය. දිගින් දිගටම එල්ල වූ මේ බලපෑම් දරාගත නොහැකිව ඔවුන් දෙපළ ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි. ඔවුන් පවසන්නේ, එම රටටද පැමිණි තරුණියගේ පියා තමන්ට බලපෑම් කළ බවය. පසුව මෙම තරුණ යුවල යළි දිවයිනට පැමිණ වීරමාවතේ නිවසේ ජීවත්ව තිබුණි. මෙවන් පසුබිමක පසුගිය 29 වැනිදා දහවල් පන්නිපිටියේ පිහිටි තරුණයාගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බවට පවසමින් පුද්ගලයින් තිදෙනකු පැමිණි බව ඔවුන් පවසයි . එම අවස්ථාවේ නිවසේ සිටි මවගේ, ජංගම දුරකථනය පරීක්ෂා කර ඇති…

Read More

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවය. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවද පොලීසිය පැවසීය. ගින්නෙන් ජීවිත හානි සිදුව නොමැති අතර කර්මාන්තශාලාවේ දේපොළවලට හානි සිදුව ඇත. කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ජාඇළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Read More

ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් බදු පදනම මත සේවයට යොදවා ඇති ගුවන්යානයක සිදුවී ඇති බවට මාධ්‍ය ඔස්සේ පළවූ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිචාර දක්වා තිබේ. එහි දැක්වෙන්නේ එවැනි සිද්ධියක් සිදුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් සිදුකෙරෙන බවත් ය.

Read More

2024 දෙසැම්බර් 15 දක්වා පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා වන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කරගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (07) සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදි සම්මත කෙරුණි. කාරක සභා අවස්ථාවේදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට සංශෝධන ඉදිරිපත් කළ ද ඒ සඳහා පැවති ඡන්ද විමසීමෙන් එය වැඩි ඡන්ද 25කින් පරාජයට පත් වුණි.

Read More

ජනාධිපති අරමුදල විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන්වලට අමතරව තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම නව ශිෂ්‍යත්ව වැඩසටහන් ආරම්භ කර ඇත. ඒ අනුව පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මෙන්ම අ.පො.ස (උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය විෂයයක් ලෙස හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ද 2024 මැයි මස සිට ක්‍රියාත්මක වන පරිදි ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට නියමිතය. පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ…

Read More

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින කාන්තාවක් වැලිකඩ බන්ධනාගාරයේ සිට ඇයට එරෙහිව විභාග වන නඩුවේ සාක්ෂිකරුවන් වෙත බලපෑම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ. ඊට අදාළ නඩුව කැස්බෑව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් මේ බව අධිකරණය වෙත දැනුම්දී තිබේ. එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ සැකකාර කාන්තාව මැයි මස 20 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර කරන ලෙසටය. අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට එක්කිරීමේ සිද්ධීන්ට අදාළව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට බව පවසා ඊට අදාළ චෝදනා එල්ලවූ පුද්ගලයින්ගෙන් මුදල් ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකකාර කාන්තාව රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබුණි. මෙහිදී සැකකාර කාන්තාව විසින් රුපියල් ලක්ෂ 22කට…

Read More

අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ස්ථාපනය කෙරෙන සුළං විදුලි බලාගාරවලින් ජනනය කෙරෙන විදුලිය මිලදී ගැනීම සඳහා වූ ටෙන්ඩරයට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. අදාළ ටෙන්ඩරය අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ඉදිරිපත්කර තිබූ අතර ඒ අනුව වසර 20ක් සඳහා ඔවුන්ගෙන් එම ව්‍යාපෘතිය යටතේ නිපදවෙන විදුලිය මිලදී ගැනෙයි. විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් එම කැබිනට් යෝජනාව ගෙන ආ බව වාර්තා විය. එම ව්‍යාපෘතිය යටතේ නිපදවන විදුලිය සඳහා කිලෝ වොට් පැයකට අමෙරිකානු ඩොලර් ශත 8.26ක අගය (සැබෑ විනිමය අනුපාතය ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවීමට යටත්ව) අවසන් ගාස්තුව වශයෙන් පිළිගැනීමටත් එහිදී යෝජනා කර තිබේ. මන්නාරම සහ පුනරින්…

Read More

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අද (07) පාර්ලිමේන්තුවෙදී මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා, “හෙද සහ ඇතැම් වෛද්‍ය සේවාවල විශ්‍රාම යෑමේ වයස 63 දක්වා දිර්ඝ කිරීමේ තීරණයක් ගත්තා. එය ක්‍රියාත්මක නොවෙන තත්ත්වයට පත්වුණා. දැන් මේකේ ප්‍රතිඵලයක් විදිහට රත්නපුරේ තිබෙන හෙද පුහුණු පාසලේ විදුහල්පති විශ්‍රාම ගිහිල්ලා ඊළඟ කෙනාට හෝ වෙන විදුහල්පති කෙනෙකුට වැඩ භාරදෙන්නේ නැතුව දැන් රෝහලට වෙලා ඉන්නවා. මේ 63 ක්‍රියාත්මක වෙනවද…

Read More

වැලිගම පොලිස් වසමේ, රාජගල, වැලිගම ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ කාන්තාවක් අබිරහස් ලෙස ඝාතනය කර ඇතැයි වාර්තා වේ. ඊයේ (06) රාත්‍රී 11.30ට පමණ මියගිය කාන්තාව රැඳී සිටි නිවසට නාඳුනන පුද්ගලයින් කිහිපදෙනෙක් ඇතුළු වී ඇති අතර, නිවසේ තිබූ වටිනා දේ මංකොල්ල කා ඇතැයි අනාවරණය වී තිබේ. පසුව අදාළ කාන්තාවගේ අත්පා ගැට ගසා නිවස තුළ ඝාතනය කර අතර, එලෙස මියගොස් ඇත්තේ 78 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය පවසයි. මියගිය කාන්තාව සිය සහෝදරිය හා ස්වාමිපුරුෂයා සමග ජීවත් වන අතර මොවුන් දෙදෙනා රාත්‍රී කාලයේ දි ප්‍රතිකාර ලබාගැනීම සඳහා වැලිගම නගරයට ගොස් නැවත නිවසට පැමිණෙන අතරතුර මෙම ඝාතනය සිදුව ඇත. මියගිය කාන්තාවගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ…

Read More