Author: LFN
On Arrival වීසා පහසුකම සම්බන්ධයෙන් පසුගිය දා ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් තිබේ. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, නව වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් වූ යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයකින් තොරව ඒකමතිකව පසුගිය නොවැම්බර් 23 වන දින සම්මත වූ බවය. වීසා ගාස්තු පිළිබඳ ගැටලුවත් එම සම්මත කරගත් යෝජනාවලට අයත් වූ බව පැවසු අමාත්‍යවරයා නොවැම්බර් මාසයේ සම්මත වුවත් ETA හෙවත් ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැතිය නම් ක්‍රමවේදය ඔස්සේ එම වෙනස්කම ක්‍රියාවට නැංවීමට නොහැකි නිසා අප්‍රේල් 17 වනදා දක්වා VFS ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීමට බලාසිටීමට සිදුවූ බව ද පැවසීය. ETA ක්‍රමවේදයේ තිබූ දෝෂ හේතුවෙන් මෙම ක්‍රමය වෙනස්…
පොලිස් නිලධාරීන්ගේ සතිමත් බව වර්ධනය කිරීමේ අරමුණින් වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඒ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් මත ප්‍රජා පොලිස් කොට්ඨාසයේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙමඟින් පොලිස් නිලධාරීන්ගේ සතිමත්භාවය ඉහළ නැංවීම හරහා රාජකාරි කටයුතු නිසි අයුරින් පවත්වගෙන යාම අපේක්ෂාවයි. ඒ අනුව සතිමත්භාවය වර්ධනය කිරීමේ සමාරම්භක වැඩසටහන කළුතර පොලිස් විද්‍යාලයේ දී ආරම්භ වුණි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීය. ඒ ඊයේ (05) පැවති සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම ලකුණු 15කින් පරාජයට පත් කිරීමත් සමගය. අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය තරග වැදීමට නියමිතව තිබේ. ඒ අනූව ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම් දෙකම මෙම වසරේ බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත කාන්තා 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ට සුදුසුකම් ලැබීය. මේ අතර ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 149ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විශ්මි ගුණරත්න ලකුණු…
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (06) දිනයේදී “දැඩි අවධානය” යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම එලෙස ඉහළ මට්ටමක පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එමෙන්ම බස්නාහිර, සබරගමු සහ දකුණු පළාත්වල සහ මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව වාර්තා කරයි. මෙහිදි ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බව එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ…
පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භකිරීමට කටයුතු යොදා අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. වසර 40 ක් පමණ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ යම් යම් ප්‍රතිසංස්කරණ සිදුකිරීම අවශ්‍යවන අතර එම ප්‍රතිසංස්කරණ හඳුනාගෙන ඊට අදාළ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය. ඒ අනුව පසුගිය 25 වනදා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උපදේශක කාරක සභා රැස්වීමේදී සිදුකළ යුතු කාර්යයන් හඳුනාගෙන නාගරික සංවර්ධන අධිකාරියේ සහ මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයේ මැදිහත්වීමෙන් එම කටයුතු සිදුකිරීමට තීරණය කර තිබේ. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර දීමට ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණි ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර තිබේ. අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර පසුව එය අවුරුදු 60 දක්වා අඩු කිරිම හේතුවෙන් එම කාලය තුළ අවුරුදු 60න් පසු විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා මෙම තීරුබදු සහනය ලබාදීමට නියමිතය. මාර්තු 11 වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ. ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා විසින් නිකුත් කර ඇති බව සඳහන් වෙයි.
ඉදිවෙමින් පවතින කොළඹ-මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල ප්‍රදේශයේ කණුමතින් ඉදිවන මාර්ගයේ ආධාරක කොටසක් කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර මහතා සදහන් කළේ අදාළ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාට ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස දැනුම්දී ඇති බවය. මධ්‍යම අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල කඳඔළුවාව ප්‍රදේශයේ කණු මතින් ඉදිවන කොටසේ මාර්ගයේ විශාල කොන්ක්‍රීට් බාල්කයක් පසුගිය දා කඩාවැටී තිබුණි. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ අදාළ කොටසේ ඉදිකිරිම් කටයුතු මේ වනවිට තාවකාලිකව නතර වී ඇති බවය. දිගුකලක් ඉදිකිරිම් සිදුනොකිරිම මෙම කඩාවැටීමට හේතුවී ඇතිද යන්න සහ ඉදිරිකිරීම්වල දෝෂ පවතීද යන්න සොයාබලා…
මෙරට බිත්තර මිල පාලනය කිරිම සදහා යළිත් වරක් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේය. ඔහු පෙන්වාදෙන්නේ බිත්තර ආනයනය කිරීම සඳහා රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවට අවසර ලබාදී ඇති බවය.
හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේදී ඊයේ (05) උදැසන සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබේ. පොලීසිය පවසන්නේ ඩුබායි හි සිටින සැකකරු පසුගිය අප්‍රේල් 29 වනදා මෙරටට පැමිණ ඇති බවත් ඔහු මෙම වෙඩිතැබීම සඳහාම පැමිණ ඇති බවට සැකකරන බවය. වෙඩි ප්‍රහාරයට ලක්වූ ව්‍යාපාරිකයා මෙම වෙඩික්කරුගේ වැඩිමහල් සොයුරියක් සමග විවාහ ගිවිසගෙන සිට ඇති බවත් පසුව ඔහු ඉන් දික්කසාද වී වෙනත් විවාහයක් කරගැනීම හේතුවෙන් වෙඩික්කරු මොහු සමග අමනාපයෙන් සිට ඇති බවත් පොලීසිය සඳහන් කරයි. කෙසේ වෙතත් වෙඩික්කරු රටින් පලායාමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහුගේ අනන්‍යතාව හෙළිකරගෙන ඇත්තේ ගුවන්තොටුපොළේ ක්‍රියාත්මක, සැකකරුවන්ගේ මුහුණු ස්වයංක්‍රියව හඳුනාගැනීමේ යන්ත්‍රය මගිනි. පසුව…
බම්බලපිටිය ගාලු පාර හා ඩුප්ලිකේෂන් පාර යන ප්‍රදේශවල විනෝදාස්වාදය සඳහා නොසැලකිලිමත් ලෙස හා ඉතා අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනයේ නිරත වූ 20 දෙනෙකු යතුරුපැදි සමඟ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවය. එක් දිශාවකට පමණක් දිවෙන මෙම මාර්ගයේ විශාල ශබ්දයක් සමඟ අධික වේගයෙන් හා ප්‍රතිවිරුද්ධ දිශාවට පවා නොහික්මුණු ආකාරයෙන් යතුරුපැදි ධාවනය කරන බවට ජනතාවගෙන් පොලීසියට පැමිණිලි ද ලැබී තිබුණි. මෙම පිරිස් සෙසු රියදුරන්ට ද අවදානමක් ගෙනදෙමින් ඉදිරියට පැමිණෙන වාහන අතරින් අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කරන අතර පසුපස රෝදයෙන් පමණක් ධාවනය කරමින් මාර්ගය පුරා ගමන් කරන බවට…