Author: LFN
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උපරීම සහයෝගය ලබාදෙන බව ඊයේ (04) ප්‍රකාශ කළේය. වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මේ බව සඳහන් කළේ මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවයට පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේදී අද එක් වෙමිනි. “මාගේ ජීවිත කාලය තුළ ඔබතුමාට විරුද්ධව වැඩ කරපු කෙනෙක්. මම කවදාවත් විශ්වාස කළේ නැහැ ඔබතුමත් එක්ක වැඩ කරන්න ලැබෙයි කියලා. කෙසේවුවත් අද මම ආඩම්බර වෙනවා ඔබතුමාගේ රජයක රාජ්‍ය ඇමතිවරයෙක්වීම ගැන.” “අපේ පක්ෂයේ අපේ වැරදිත් තිබ්බා… රජයට පාලනය කරගන්න බැරි අවස්ථාවක ඔබ මේ…
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය වන යෝකෝ කමිකාවා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුවී තිබේ. ඒ, ඊයේ (04) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. එහිදී සාකච්ඡා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය, මෙරට ආර්ථිකය යථාතත්ත්වයට පත්කිරීම සහ ජපන් ණය ආධාර මත මෙරට ක්‍රියාත්මක ව්‍යාපාති සම්බන්ධයෙනි.
ජපාන විදේශ කටයුතු අමාත්‍ය යොකෝ කමිකාවා මහත්මිය අද දිවයිනට පැමිණියාය. දෙදින නිළ සංචාරයක් සදහා ඇය දිවයිනට පැමිණී බව වාර්තා වේ. මෙරට ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජපානයේ සහයෝගය තවදුරටත් ලබා දීම ජපාන විදේශ කටයුතු අමාත්‍යවරියගේ සංචාරයේ අරමුණ වී තිබේ. ඒ අනුව ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මෙරට නියෝජිතයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
එරාවූර් චෙංකලඩි ප්‍රදේශයේ පාලු නිවසක් පිටුපස තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 31 හැවිරිදි තරුණයෙකු බව පොලීසිය පවසයි. මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණයන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලීසිය පවසයි. එමෙන්ම මෙම මරණය යම් සාහසික ක්‍රියාවක් හේතුවෙන් සිදු වූ එකක් ද නොඑසේනම් වෙනත් කාරණයක් ද යන්න සම්බන්ධයෙන් එරාවුර් පොලීසිය විමර්ශන සිදුකරයි.
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ මුල්‍යමය දායකත්වය මත ඉදිරිකරන ලද ජංගම අධිකරණ පද්ධතිය ඊයේ (03) විවෘත කෙරුණි. අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ ඉදිකෙරුණු එම අංශය විවෘත කෙරුණේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙලෙසම මාතර සහ ගාල්ල බන්ධනාගාර තුළද ජංගම අධිකරණ ශාලා විවෘත කිරීම සිදුවිය.
ඩුබායි රාජ්‍යයේ පැවැත්වෙන “UAE Athletics Grand prix 2024” තරගාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීට යුපුන් අබේකෝන් සමත්විය. යුපුන් අබේකෝන් සිය Facebook මාධ්‍ය පිටුවේ සටහනක් තබමින් පවසා ඇත්තේ, මිටර් 100 තරගය තප්පර 10.18 (+1.2) කින් අවසන් කිරීමට හැකිවීම ගැන තමන් මහත්සේ සතුටට පත්වන බවය. එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන්ගේ එකම බලාපොරොත්තුව පැරිස් ඔලිම්පික් උළෙල බවය. එමෙන්ම කාන්තා මීටර් 400 ඉසව්වෙන් දෙවැනි ස්ථානය දිනා ගැනීමට නදීෂා රාමනායක සමත්විය.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී “වැඩි අවධානය” යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම, “වැඩි අවධානය යොමු කළයුතු” මට්ටමක පැවතිය හැකි බව අපේක්ෂා කරන බව සඳහන් වේ. එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතිය හැකි බව දැනුම් දී තිබේ. මෙහිදී “වැඩි අවධානය” ලෙස නම් කර ඇති ප්‍රදේශවල ජනතාවට විජලනය, ලවණ ඉවත් වීම නිසා ඇති වන මස්පිඩු පෙරළීම (heat cramp) සහ අධික උෂ්ණත්වය නිසා…
2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් කිරීම හා තෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර ඊයේ (03) දිනයෙන් අවසන් වේ. එමෙන්ම පළමු පාසල් වාරයේ තෙවන අදියර මැයි මස 20 වන සඳුදා දින ආරම්භ වන බවද එම නිවේදනයෙන් දැක්වේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන් එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබීමෙන් දුෂ්කරතාවට පත්ව තිබේ. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, තාක්ෂණික කරුණක් හේතුවෙන් පැනනැගුණු එම ගැටලුව නිරාකරණය කර ඇති බවය. 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 06 වනදා ආරම්භවීමට නියමිතය. මෙවර විභාගය සඳහා 452,979 දෙනෙකු අයදුම්කර ඇති අතර ඉන් 65,331 දෙනකු පෞද්ගලික අයදුම්කරුවන් වේ. අදදෙරණ BIG FOCUS වැඩසටහනේදී විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් අප මේ පිළිබඳ විමසූ විට ඔහු පැවසුවේ මේ වන විට එම පැනනැගුණු ගැටලුව නිරාකරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අදාළ පාසල්වලට දැනුම් දී…
විවිධ වැරදි සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලාංකිකයින් 44 දෙනෙකුට එරට රාජකීය සමාව හිමිව තිබේ. අප්‍රේල් මාසයට යෙදී තිබූ රාමසාන් සමය හේතුවෙන් මෙම රාජකීය සමාව හිමිව ඇති බව අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළේය. මෙම ශ්‍රී ලාංකිකයින් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය සහ අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු මේ වන විට සූදානම් කරමින් ඇති බව සඳහන්ය.