Author: LFN

තල්මසුන්ගෙන් ලබාගත් අම්බර් කිලෝ 05ක් රුපියල් බිලියන 01කට අලෙවි කිරීමට සූදානමින් සිටි පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුන්ගල්ල ප්‍රදේශයේදී ය. වලාන පොලිස් දු‍ෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර තිබුණි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ පසුගිය (01) ඇතිවූ තත්ත්වය ට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ සිදුවූ ප්‍රමාදයන් නිසා ඊයේ මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබුණි. මෙම තත්ත්වය ඇතිවුයේ මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබු වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය ඊයේ සිට විදෙස් සමාගමක් වෙත පවරා තිබෙන පසුබිමකය. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් රජය විසින් 2012 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ ඔන්ලයින් වීසා පහසුකම අධීක්ෂණය කරනු ලැබුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසිනි. එමගින් සාක් රටවල සංචාරකයින් සඳහා දින 30ක විසා ගාස්තු වශයෙන්…

Read More

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ අදාළ මිල ගණන් අද දිනයේදී ප්‍රකාශයට පත්කරන බවය. ඒ අනුව එලෙස අඩුවන මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇත.

Read More

මෙම වසරේ ජනවාරි 05 වනදා සිට බදුල්ල – බණ්ඩාරවෙල අතර නව විශේෂ සංචාරක දුම්රියක් හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි. එය නම් කර ඇත්තේ “කැලිප්සෝ” දුම්රිය නමිනි. උඩරට දුම්රිය මාර්ගය බදුල්ල දක්වා දීර්ඝ කර වසර 100ක් සැපිරීම නිමිත්තෙන් මෙම හඳුන්වාදීම සිදු කළේය. නමුත් මෙම දුම්රියේ “කැලිප්සෝ” සංගීත කණ්ඩායම සහ අංග සම්පූර්ණ ආපන ශාලාව ක්‍රියාත්මක වී තිබුණේ පළමු දිනයේ පමණක් බවට මාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ අනුව මාස කිහිපයකට පසු නැවතත් පසුගිය (01) දිනයේ සිට “කැලිප්සෝ” සංගීතය මෙන්ම අංග සම්පූර්ණ ආපන ශාලාව ද ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කටයුතු කළේය. බදුල්ලෙන් ගමන් ආරම්භ වන දුම්රිය, දෙමෝදර අසල විනාඩි 10 ක්ද ඇල්ල ආරුක්කු 9…

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත්දා නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේ ද? නැද්ද? යන තීරණය මේ මස 07 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළේය. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් දීර්ඝ ලෙස සලකාබැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

Read More

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. පසුගිය 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කෙ‍රුණු අතර එහිදී ඩීසල් මිල රුපියල් 30කින් අඩු කෙරුණි. එහෙත් බස් සංගම් පැවසුවේ මීට පෙර ඉන්ධන මිල ඉහළ දැමුණු අවස්ථා දෙකේදීම බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවූ බැවින් යළි ගාස්තු සංශෝධනය සිදුකළ යුතු වන්නේ ලබන ජුලි මාසයේ දී බවය.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ සිදුවූ ප්‍රමාදයන් නිසා ඊයේ (01) උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණි. මෙම තත්ත්වය ඇතිවුයේ මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබු වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය ඊයේ සිට විදෙස් සමාගමක් වෙත පවරා තිබෙන පසුබිමකය. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් රජය විසින් 2012 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ ඔන්ලයින් වීසා පහසුකම අධීක්ෂණය කරනු ලැබුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසිනි. එමගින් සාක් රටවල සංචාරකයින් සඳහා දින 30ක විසා ගාස්තු වශයෙන් අමෙරිකානු ඩොලර් 20ක මුදලකුත් අනෙක් රටවල සඳහා ඩොලර් 50ක මුදලක් අයකරනු ලැබීය. මෙම ආදායම සම්පූර්ණයෙන්ම මෙරටට හිමිවු අතර ඉතා කෙටි කාලයක් තුළ ON ARRIVAL VISA පහසුකම සංචාරකයින්…

Read More

දිය වැලකට හසුවී මුහුදේ ගසාගෙන යමින් සිටි මවක් සහ ඇගේ කුඩා දියණියව බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් දෙදෙනෙක් සමත්ව තිබේ. ඊයේ (01) උදෑසන පානදුර වෙරළ තීරයේ දී මෙම අනතුර සිදුව තිබිණි. අනතුර සිදුවන අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් 69951 පුෂ්පකුමාර හා පොලිස් කොස්තාපල් 101557 ධනුක යන නිලධාරීන් විසින් මෙම වීර ක්‍රියාව සිදුකර ඇත. අනතුරුව කාන්තාවට හා දරුවාට මුලික ප්‍රථමාධාර ලබාදී වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර තිබේ. එලෙස අනතුරට පත්ව ඇත්තේ, පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිව සිටින, වයස අවුරුදු 6ක් වූ දැරියක් සහ ඇගේ 38 හැවිරිදි මවයි.

Read More

පළාත් දෙකකට නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ. ඒ අනුව දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත්කර ඇති අතර, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් මහතා පත්කර ඇත.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා ඊයේ (01) යාපනය, මණ්ඩතිව් පිහිටි කඩොලාන පරිසර පද්ධතිය නිරීක්ෂණයට ලක්කර තිබේ. කඩොලාන ශාකවල ස්වභාවික ප්‍රතිලාභ සහ මණ්ඩතිව් හි කඩොලාන පරිසර පද්ධතිය පිළිබඳව එහිදි අවධානය යොමු කෙරිණි. ගංවතුර ආපදා වළක්වා ගැනීමට සහ ජලජ ජීවීන්ගේ බහුලත්වය වැඩි කිරීමට මණ්ඩතිව් කලාපයේ වැඩෙන කඩොලාන ශාකවල දායකත්වය හා එම දායකත්වය ඉහළ නැංවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවද එහිදි සොයා බැලීමට සෝල්හයිම් මහතා කටයුතු කළේය. නිරීක්ෂණ චාරිකාවට උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මිය හා පරිසර සංවිධාන නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.

Read More