Author: LFN

ඊයේ (30) දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. මෙම සංශෝධන යටතේ සියලුම ඉන්ධන වර්ගවල මිල පහළ දැමීම සිදුවෙයි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 368කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 420කි. සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 333කි. එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 09කින් පහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 377කි. භූමිතෙල් මිල රුපියල් 30කින්…

Read More

අද පස්වරුවේත් ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද (01) දිනට අදාළ කාලගුණ නිවේදනය නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මේ අතර මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එහි සඳහන්. වයඹ පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ගිගුරුම්…

Read More

බස්නාහිර පළාතේ මාර්ගවල ගමන් කරන කාන්තාවන් සහ පිරිමි පුද්ගලයින්ට මන්නා පෙන්වා දණ ගස්වා, කොල්ලකෑම් සිදුකරන යතුරුපැදි කල්ලියේ පැදිකරු හෙරොයින් සමග මොරටුව පොලීසිය ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, මෙම කල්ලියේ ප්‍රධාන සැකකරු වන “මන්නා සමන්ත” නමැති අපරාධකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවය.

Read More

දරුවන්ට පහරදීම් ඇතුළු ශාරිරික දඬුවම් පැමිණවීම තහනම් කිරීම සඳහා වන දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව මින් ඉදිරියට වැඩිහිටියෙකු හෝ ගුරුවරයෙකු දරුවෙකුට ශාරිරික දඬුවම් කරන්නේ නම් එය වරදක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (30) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, “දරුවන්ගේ කන්වලට පහරදීමෙන් කන් ඇසීම නැති වෙච්ච අවස්ථා වාර්තා වෙනවා. හොඳම දේ ලබාදිය යුත්තේ දරුවන්ට නම්… දරුවන්ට සිදුවන නරකම දේ වැළැක්විය යුතුයි. මේක ජනපතිගේ පූර්ණ අවධානය යොමුවූ කරුණක්. ඒ අනුව ශාරීරික දඬුවම් පැමිණවීම තහනම් කිරීමට දණ්ඩ නීතී සංග්‍රහය, අපරාධ…

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලුපිටියේදී රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකි. සැකකරුවන් ඊයේ (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. අප්‍රේල් පළමු සතියේදී පොලිස් වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් තිදෙනෙකු සහ සිවිල් තොරතුරුකරුවකු කොල්ලුපිටියේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමට ගොස් තිබුණේ එම නිවස බලාකියාගන්නා පුද්ගලයා උණ්ඩියල් ඇතුළු විවිධ නීති විරෝධී ක්‍රම මගින් මුදල් උපයන බවට චෝදනා කරමිනි. එහිදී ඔවුන් අදාළ නිවසේ තිබී රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලක්…

Read More

හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් තම සැමියා මුදාගැනීමට කළුතර දකුණ දූෂණ මර්දන අංශ ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබාදීමට තැත් කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර දකුණ මූලස්ථාන පොලීසිය සඳහන් කළේ සැකකාරිය විසින් රුපියල් ලක්ෂ 03ක අල්ලස් මුදලක් ලබාදීමට තැත් කර ඇති බවය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. කළුතර දකුණ දූෂණ මර්ධන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ටී ශ්‍රී රංගා විසින් ඇයගේ සැමියාව හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන කළුතර දකුණ පොලීසියට රැගෙන විත් තිබුණි. සැකකරු කමිසයක් ගෙන්වා ගැනීම සඳහා බිරිඳට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති අතර, විනාඩි 20කට පමණ පසුව බිරිඳ පොලීසියට පැමිණ ඇතැයිද පොලීසිය කීය. එහිදී ඇය, පොලීසියේ දූෂණ…

Read More

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි විසින් පාස්කු දින එල්ලවූ ප්‍රහාරයේ විමර්ශන සිදුකෙරෙන අයුරු සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත. ඉන් කාදිනල් හිමි පෙන්වා දෙන්නේ පසුගියදා පාර්ලිමේන්තු විවාදයකදී තමා සම්බන්ධයෙන් ඇතැම් මන්ත්‍රීවරුන් සිදුකළ ප්‍රකාශ අසත්‍ය බවය. අදාළ නිවේදනයේ, “අපි සැමගෙන් එදා සිට ඉල්ලා සිටියේත් අද ඉල්ලා සිටින්නේත් පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණ විනිවිද පෙනෙන විමර්ශනයක් සිදු කරන ලෙසයි. එවැනි විසඳුමක් ලබාදෙන ඕනෑම පක්ෂයකට තමන්ට කැමැති අයුරින් ඡන්දය ප්‍රකාශ කිරීමට මේ රටේ සියලුම පුරවැසියන් දිරිමත් කරන්නට කැමැත්තෙමි.” වැඩි විස්තර පහතින්,

Read More

කටුනායක ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තය ආසන්නයේ සේවයේ යෙදී සිටි ගුවන් භටයෙකුගේ ගිනි අවිය අත්වැරදීමකින් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි. අද (30) උදෑසන 10ත් 11ත් අතර කාලයේදී සිදුවූ එම සිදුවීමෙන් කිසිවෙකුත් තුවාල ලබා නොමැති බව ඔහු පැවසීය. “එම ගුවන් භටයා විවේක ගන්නා ස්ථානයකට ගොස් වතුර බොන අවස්ථාවේදී ඔහුගේ ගිනි අවිය බිම වැටිලා උණ්ඩයක් පිටවුණා කියන එක තමයි ඔහු කියන්නේ.” එම අවස්ථාවේදී පිටවූ උණ්ඩය අසල ගොඩනැගිල්ලක ඉහළ ස්ථානයක වැදී තිබුණි.

Read More

මාර්ග සංඥා අසළ මාර්ගයේ සිඟමනේ යෙදෙන යාචකයින්ට මුදල් දීමෙන් වළකින ලෙස රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටී. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ඒ බව සඳහන් කළේය. සිඟමන් යදින පිරිස් සඳහා මුදල් ලබාදීමෙන් වැළැකී සිටියහොත් ඔවුන් එම ස්ථානයන් වෙත නොපැමිණෙන බව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් පැවසීය. නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් දැක්වූ අදහස් ඉහත වීඩියෝවෙන් නරඹන්න…

Read More

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් සිය බාරයට ගත් මත්ද්‍රව්‍ය නැවත ජාවාරම්කරුවන්ට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇපමත මුදා හැර සිටින එම කාර්යාංශයට අනුයුක්තව සිටි සැකකාර පොලිස් නිලධාරීන් යළි සේවයේ පිහිටුවීමට පියවර ගෙන තිබෙන්නේ කෙසේදැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29) නීතිපතිවරයාගෙන් ප්‍රශ්න කළේය. එම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ සේවය කළ නිලධාරීන් පිරිසක් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ යළි විභාගයට ගත් අවස්ථාවේදී එය සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් මෙම ප්‍රශ්නය මතු කරන ලදී.…

Read More