Close Menu
Lanka Focus News
    What's Hot

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇල්ලූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නැවත විකිණු බවට සැකය එල්ලවූ නාකොටික් නිලධාරීන්
    Featured

    ඇල්ලූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නැවත විකිණු බවට සැකය එල්ලවූ නාකොටික් නිලධාරීන්

    By LFNApril 30, 2024No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් සිය බාරයට ගත් මත්ද්‍රව්‍ය නැවත ජාවාරම්කරුවන්ට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇපමත මුදා හැර සිටින එම කාර්යාංශයට අනුයුක්තව සිටි සැකකාර පොලිස් නිලධාරීන් යළි සේවයේ පිහිටුවීමට පියවර ගෙන තිබෙන්නේ කෙසේදැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29) නීතිපතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

    එම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ සේවය කළ නිලධාරීන් පිරිසක් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ යළි විභාගයට ගත් අවස්ථාවේදී එය සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් මෙම ප්‍රශ්නය මතු කරන ලදී.

    මෙම පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගනු ලැබීය.

    එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ සේවය කළ සැරයන් රත්නායක නමැති නිලධාරියාගේ ප්‍රකාශයක් මත ඔහු විසින් සඟවා තිබූ රුපියල් මිලියන 31කට අධික මුදලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගත් බවයි.

    ඊට අමතරව අවි ආයුධ මෙන්ම මත්ද්‍රව්‍ය තොග ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නිලධාරීන් සතුව තිබී සොයාගත් බවත් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා සිහිපත් කළේය.

    එපමණක් නොව මෙම සැකකාර පොලිස් නිලධාරින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය තොග විකිණීම, ප්‍රවාහනය කිරීම වැනි කටයුතුවලට හවුල්වී ඇති බවට සාක්ෂි අනාවරණය වී ඇති බවත් රජය නීතිඥවරයා සඳහන් කර සිටියේය.

    මහජනතාව ආරක්ෂා කිරීම සඳහා බැඳීසිටින පොලිස් නිලධාරීන් මේ ආකාරයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග හවුල්වී කටයුතු කිරීම අනුමත කළ හැකි ක්‍රියාවක්දැයි ප්‍රශ්න කළ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා මෙය රටේ නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් බවත් අවධාරණය කළේය.

    මෙවැනි පුද්ගලයින්ගෙන් රටට සිදුවන හානිය සැලකිල්ලට ගෙන සෙසු නිලධාරීන්ට ද ආදර්ශයක් දිය හැකිවන පරිදි මෙම පෙත්සම් විශාල ගාස්තුවකට යටත්කොට නිෂ්ප්‍රභ කරන ලෙසත් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    මෙහිදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මෙම පෙත්සම්කරුවන් බරපතළ වැරදි ක්‍රියාවල යෙදී ඇත්නම් ඔවුන් යළි සේවයේ පිහිටුවීමට පියවර ගනු ලැබුවේ කෙසේදැයි රජයේ නීතිඥවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

    ඊට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා සඳහන් කළේ එය තමන්ටද බරපතළ ගැටලුවක් බවයි.

    ඉන් අනතුරුව පෙත්සම්වලට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීම අවසන් කිරීමට තීන්දු කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මීට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඊයේ දින සිට සති තුනක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස පාර්ශ්වකරුවන්ට නියෝග කළහ.

    ඉන් අනතුරුව මෙම පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල් තබන ලදී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026010 Views

    පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක්, ගැහැණු ළමුන් දෙදෙනෙකු හා පිරිමි ළමයෙකු…

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.