Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහ බැංකුවේ අලාභය ගැන ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්
    Featured

    මහ බැංකුවේ අලාභය ගැන ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්

    By LFNMay 6, 2024No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා මහබැංකුව මෑතකදී සිය සේවකයන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ අඛණ්ඩව වසර 02ක් බිලියන ගණනින් පාඩු ලැබු වටපිටාවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අනාවරණය කරයි.

    අද (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම අනාවරණය කරමින් ඔහු කියා සිටියේ, මෙම කරුණු සඟවමින් වැටුප් වැඩි කරගත් මහබැංකු අධිපතිවරයා සහ පාලනාධිකාරිය ඉල්ලා අස්විය යුතු බවය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ගම්මන්පිල මහතා,

    “ශ්‍රී ලංකා මහ බැංකුවේ 2023 වසරේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 114ක්. 2022 වසරේ ශුද්ධ අලාභය බිලියන 374ක්. යම් ආයතනයක් දිගින් දිගටම පාඩු ලබනවා නම් ඒ ආයතනයේ සේවකයින්ගේ වරප්‍රසාද කප්පාදු කරනවා. ප්‍රසාද දීමනා නවත්වනවා. වැටුප් වැඩි කිරීම් අත්හිටුවනවා. ඒත් මහ බැංකුව ලංකා ඉතිහාසයේ ලොකුම වැටුප් වැඩි වීම ලබා දෙන්නේ ආයතනය අඛණ්ඩව වසර ගණනාවක් බිලියන ගණනින් පාඩු ලබන අවස්ථාවකයි. ඒ වගේම ලාභ ලැබුවත් මහ බැංකුවේ තිබෙන්නේ මහජන මුදල්. මහ බැංකුව ලාභ ලබන පළමු ක්‍රමය තමයි ආණ්ඩුවට සහ බැංකුවලට ණයට සල්ලි දීලා පොලී ආදායම ලැබීම. සල්ලි අච්චු ගැසීමේ ඒකාධිකාරිය මහ බැංකුවට තිබෙන නිසායි එහෙම ණයට දෙන්න පුළුවන් වෙලා තිබෙන්නේ. ඒ වගේම ආණ්ඩුවේ නිල විදේශ විනිමය සංචිතය කළමනාකරණයෙන් ලැබූ ලාභත් මහ බැංකුවේ ආදායමක්. ඒ කියන්නේ මහ බැංකුවේ තිබෙන්නේ මහජන මුදල්. ඒ නිසා රටම රවටලා තමන් මහජන මුදලින් නඩත්තු වෙන්නේ නෑ කියන බොරුව කියමින් පාඩු ලබන අතරේ වැටුප් වැඩිවීම් කලාට මහ බැංකුවේ අධිපතිතුමන් සහ පාලක මණ්ඩලය වහාම ඉල්ලා අස්විය යුතුයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.