Close Menu
Lanka Focus News
    What's Hot

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මත්කුඩු නිසා තමන්ගේම දරුවෙකුට කළ අපරාධය
    Featured

    මත්කුඩු නිසා තමන්ගේම දරුවෙකුට කළ අපරාධය

    By LFNMay 6, 2024No Comments1 Min Read138 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දරුවන් වෙනුවෙන් තම ජීවිතයම කැපකරන උත්තම පියවරුන් අතර තාත්තා යන නමටත් නිගා දෙන ඇතැම් පියවරුන්ද සිටී.

    මත්කුඩු මිලදී ගැනීමට මුදල් ඉල්ලා බිරිඳ සමග ඇතිකරගත් ආරවුලක් අතරතුර වයස අවුරුදු හතක් වූ තම දරුවා පොළොවේ ගසා බරපතළ තුවාල සිදුකිරීමට තරම් සැහැසි වූ එවන් පියෙකු පිළිබඳව අපට වාර්තා විය.

    සිය සැමියා විසින් තම හත් හැවිරිදි දරුවා පොළොවේ ගැසූ බවට මීට දින කිහිපයකට ඉහතදී ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වෙත පැමිණි කාන්තාවක් මෙම පැමිණිල්ල සිදුකර තිබුණි.

    එමගින් ඇය සඳහන් කර තිබුණේ තම සැමියා ඉතා තදින් මත්කුඩුවලට ඇබ්බැහිවූවෙකු වන අතර, මත්කුඩු මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලමින් නිරන්තරයෙන් තමන්ට සහ තම දරුවාට හිරිහැර කරන බවය.

    සිද්ධිය සිදුවූ දිනයේ ද තම සැමියා මුදල් ඉල්ලමින් තමන්ට අමානුෂීය ලෙස පහරදුන් අතර ඒ අසලට පැමිණි තම 7 හැවිරිදි දරුවා ඔසවා අමානුෂීය ලෙස පොළොවේ ගැසූ බවද කාන්තාව පොලීසිය හමුවේ පවසා තිබේ.

    ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොළොවේ ගැසීමෙන් බරපතළ තුවාල ලැබූ දරුවා කොළඹ රීජ්වේ ආර්යා රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටී.
    ‍
    සැකකරු මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම පොලිස් අත්අඩංගුවට පත්වූ පුදගලයෙක් බවද වාර්තා වෙයි.

    අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරු මෙම මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 202602 Views

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති සියලු පෙත්සම් අද (01) සලකා…

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.