Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හෝමාගම සාදය යුද පිටියක් කළ සිසුන් – 12ක් අත්අඩංගුවට
    Featured

    හෝමාගම සාදය යුද පිටියක් කළ සිසුන් – 12ක් අත්අඩංගුවට

    By LFNMay 3, 2024No Comments1 Min Read158 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හෝමාගම ප්‍රදේශයේ හෝටලයකට අලාභ හානි සිදුකර එහි සේවකයින්ට ද පහරදී පළාගිය පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් 11දෙනෙක් සහ සිසුවියක් හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම ගැටුම හටගෙන ඇත්තේ අදාළ සිසුන් විසින් හෝටලයේ සංවිධානය කර තිබූ සාදයක් අතරතුරය.

    ගැටුමෙන් තුවාල ලැබූ හෝටල් සේවකයෙක් මේ වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් ඉකුත් 30 වනදා රාත්‍රියේ ප්‍රිය සම්භාෂණයක් පවත්වා තිබුණේ හෝමාගම ප්‍රදේශයේ පිහිටි හෝටලයකදීය.

    එහිදී ඔවුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබුණි.

    ගැටුම උත්සන්න වීම හේතුවෙන් හෝටල් සේවකයින් එය නැවැත්වීමට උත්සාහ කළත් ඉන් පළක් වී නොමැත.

    අනතුරුව 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ සිදුවීම පොලීසියට දැනුම්දීමට හෝටල් කළමනාකාරීත්වය පියවර ගැනීමත් සමග හෝටලයේ බිල්පත් සඳහා මුදල් නොගෙවා එම ස්ථානයෙන් පළායෑමට සිසුන් උත්සහ කර තිබේ.

    හෝටලයේ සේවකයින් ඒ වනවිටත් එහි ගේට්ටු වසාදමා තිබීම නිසා සිසුන් තාප්පයෙන් සහ ගේට්ටුවෙන් පැන පළායන ආකාරය වීඩියෝවල දැක්වෙයි.

    එම අවස්ථාවේ එක් සිසුවෙක් මෝටර් රථයකින් හෝටලයේ ගේට්ටුව කඩාදමමින් ඊට ඇතුළු වන අයුරුද කැමරාවල සටහන්වී තිබේ.

    එහිදී ඔහු හෝටලයේ සේවකයෙකු අනතුරට ලක්කරන ආකාරයද සීසීටීවී කැමරාවේ දැක්වෙයි.

    අනතුරුව ඔහු හෝටලය තුළ තිබූ ඔවුන්ට අයත් වාහන කිහිපයක් සමග පිටව ගොස් තිබුණි

    සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් සිසුන් 11ක් සහ ශිෂ්‍යාවක් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.