Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හෝමාගම සාදය යුද පිටියක් කළ සිසුන් – 12ක් අත්අඩංගුවට
    Featured

    හෝමාගම සාදය යුද පිටියක් කළ සිසුන් – 12ක් අත්අඩංගුවට

    By LFNMay 3, 2024No Comments1 Min Read156 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හෝමාගම ප්‍රදේශයේ හෝටලයකට අලාභ හානි සිදුකර එහි සේවකයින්ට ද පහරදී පළාගිය පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් 11දෙනෙක් සහ සිසුවියක් හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම ගැටුම හටගෙන ඇත්තේ අදාළ සිසුන් විසින් හෝටලයේ සංවිධානය කර තිබූ සාදයක් අතරතුරය.

    ගැටුමෙන් තුවාල ලැබූ හෝටල් සේවකයෙක් මේ වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් ඉකුත් 30 වනදා රාත්‍රියේ ප්‍රිය සම්භාෂණයක් පවත්වා තිබුණේ හෝමාගම ප්‍රදේශයේ පිහිටි හෝටලයකදීය.

    එහිදී ඔවුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබුණි.

    ගැටුම උත්සන්න වීම හේතුවෙන් හෝටල් සේවකයින් එය නැවැත්වීමට උත්සාහ කළත් ඉන් පළක් වී නොමැත.

    අනතුරුව 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ සිදුවීම පොලීසියට දැනුම්දීමට හෝටල් කළමනාකාරීත්වය පියවර ගැනීමත් සමග හෝටලයේ බිල්පත් සඳහා මුදල් නොගෙවා එම ස්ථානයෙන් පළායෑමට සිසුන් උත්සහ කර තිබේ.

    හෝටලයේ සේවකයින් ඒ වනවිටත් එහි ගේට්ටු වසාදමා තිබීම නිසා සිසුන් තාප්පයෙන් සහ ගේට්ටුවෙන් පැන පළායන ආකාරය වීඩියෝවල දැක්වෙයි.

    එම අවස්ථාවේ එක් සිසුවෙක් මෝටර් රථයකින් හෝටලයේ ගේට්ටුව කඩාදමමින් ඊට ඇතුළු වන අයුරුද කැමරාවල සටහන්වී තිබේ.

    එහිදී ඔහු හෝටලයේ සේවකයෙකු අනතුරට ලක්කරන ආකාරයද සීසීටීවී කැමරාවේ දැක්වෙයි.

    අනතුරුව ඔහු හෝටලය තුළ තිබූ ඔවුන්ට අයත් වාහන කිහිපයක් සමග පිටව ගොස් තිබුණි

    සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් සිසුන් 11ක් සහ ශිෂ්‍යාවක් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.