Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇමති ටිරාන්ට එරෙහිව නීතිඥ සංගමය ජනපතිගෙන් කළ ඉල්ලීම
    Featured

    ඇමති ටිරාන්ට එරෙහිව නීතිඥ සංගමය ජනපතිගෙන් කළ ඉල්ලීම

    By LFNApril 30, 2024No Comments2 Mins Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

    අපරාධකරුවන් මර්දනය සඳහා ගිනිඅවි භාවිත කිරීමට පසුබට නොවන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පසුගියදා කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් නීතිඥ සංගමය මෙම ඉල්ලීම සිදුකර ඇත.

    නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (29) එම සංගමය සඳහන් කළේ ඊට අදාළව සිය සංගමයේ මහ සභාවේදී යෝජනාවක්ද සම්මත කරගත් බවය.

    අපරාධ කල්ලි මර්දනයට ගිනි අවි භාවිත කිරීමට පසුබට නොවන ලෙස පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස් නිලධාරීන් අමතමින් සදහන් කළේ ක්ෂණික විහිදුම් යතුරුපැදි බලකායේ නිලධාරීන් විසිර යාමේ උත්සවයේදීය.

    උක්ත ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි කණස්සල්ල පළකරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ ක්‍රියාමාර්ගවලින් තොර අත්තනෝමතික දණ්ඩනය දිරිගන්වන ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා කරමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහි යෝජනාවක් එහි මහ සභා රැස්වීමේදී සම්මත කරගෙන තිබේ.

    ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ ටිරාන් අලස් මහතා එම ප්‍රකාශය වහාම ඉල්ලා අස්කරගත යුතු බවය.

    නොසැලකිලිමත් ලෙස පුන පුනා කරන ප්‍රකාශ මගින් තවදුරටත් එම අමාත්‍යධූරය දැරීමට නුසුදුසු බව පෙන්නුම් කරන බැවින් ඔහු වහාම මහජන ආරක්ෂක අමාත්‍යධුරයෙන් ඉවත් කරන ලෙස සිය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එහි දැක්වෙයි.

    මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මේ වනවිට විදේශගතව සිටින අතර මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ අමාත්‍යවරයා සහ ඇතැම් නීතිඥයින් අතර පසුගිය මාස කිහිපය පුරා බරපතළ මත ගැටුමක් නිර්මාණය වෙමින් පැවති බවය.

    ඔහු සඳහන් කරන්නේ බොහෝ ප්‍රසිද්ධ නීතිඥවරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණනින් මුදල් ලබාගන්නා බවට හෙළිවී ඇතැයි අමාත්‍යවරයා කළ ප්‍රකාශය ඊට හේතුවී ඇති බවය.

    යුක්තිය මෙහෙයුමට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥයින් හෙළිදරව් කරමින් හෙට සිට විශේෂ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.‍

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.