Author: LFN
ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා මුණ ගැසී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ. ඒ, රාජ්‍ය ආරක්ෂණ කටයුතු සඳහා වන උසස් නිලධාරීන්ගේ 12වන ජාත්‍යන්තර හමුවේදීය . රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හිදී මෙය පැවැත්වුණි. ආරක්ෂක අභියෝගයන්ට මුහුණ දීම මෙන්ම, කලාපීය සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව සහ සාමුහිකත්වය වැඩිදියුණු කිරීම මෙහිදී අවධානය යොමු කර ඇති බව සඳහන්ය. එමෙන්ම ත්‍රස්ත මර්ධන ප්‍රයත්නයන්, සයිබර් හා අන්තර්ජාල මෙන්ම ආරක්ෂක සහයෝගීතාව ඇතුලු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබේ. ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට හා ආරක්ෂක ක්‍රියාවලිය තුළ දෙරටේ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා නව මංපෙත් පිළිබඳව සොයා බැලීමට ඇති අනෝන්‍යය…
මෑතකදී විවාහ වන්නන් අතර දික්කසාද ඉහළ යාමක් දක්නට ලැබෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි. 2020 වසරේ සිට මෙම තත්ත්වය වැඩි වශයෙන් පෙන්නුම්කරන බව එම දෙපාර්තමේන්තුව පැවසීය. දිසා අධිකරණ මගින් ලබා දුන් දික්කසාද නඩු තීන්දු සලකා බැලීමේ දී මෑත කාලීනව විවාහ වන පිරිස් වසර දෙක තුනක් වැනි කෙටි කාලයක් තුළ දික්කසාද වීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වී ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සිවිල් ලියාපදිංචි කිරීම් අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් නීතීඥ ලක්ෂිකා ගනේපොල මහත්මිය පැවසුවාය. විශේෂයෙන් ද්වේෂ සහගත අත්හැරයාම් දික්කසාද වීම්වලට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බව ඇය පෙන්වා දුන්නාය.
බියගම පොලීසියට ලැබුණු තොරතුරු අනුව සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15යි ග්‍රෑම් 81ක්, හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 14යි ග්‍රෑම් 527ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 941ක් සොයාගෙන තිබුණි. ඒ බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඔහු පදිංචි නිවස සහ නිවසේ තිබූ කාර් රථය පරීක්ෂා කිරීමේදීය. මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි බෝමරිය කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සැකකරු සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලැබී තිබුණේ මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීය. ඊයේ (26) රාත්‍රියේ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 310ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 310ක් බැගින් ඔවුන් දෙදෙනා සන්තකයේ තබාගෙන…
වැලිකන්ද, සිංහපුර මාර්ගයේ 07 වන කිලෝ මීටර් කණුව අසල සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ අදාළ තරුණයා යතුරුපැදයකින් ගමන් කරමින් සිටියදී මාර්ගයේ සිටි ගවයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු මියගොස් ඇත. මියගොස් ඇත්තේ 20 හැවිරිදි වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
තායිවානයේ, හුවාලියන් ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් ඉන් සිදු වු හානි මෙතෙක් වාර්තා වී නොමැති බව තායිවාන බලධාරීන් සඳහන් කර ඇත. මේ මස මුලදී ද තායිවානයේ ඇති වූ භූකම්පනයකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වු අතර එහිදී පසු කම්පන 1,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය විසඳීමට බලධාරීන් මේ වනතෙක් පියවර ගෙන නොමැති බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ සහකාර ප්‍රවාහන අධිකාරීවරයෙකුගේ බලතල යටතේ මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කරන බවය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් සුමේධ සෝමරත්න මහතා පැවසුවේ දුම්රිය දෙපාර්තමේන්තුව වංචා දූෂණ රැසක් සිදුවන ස්ථානයක් බවට පත්ව ඇති බවය.
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබේ. ලිපියක් භාරදෙමින් සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලීන් බණ්ඩාර මහතා මෙම ඉල්ලීම සිදුකර ඇත. මෙවැනි විවාද සංවිධාන කිරීම හා සහ සම්බන්ධීකරණය පිළිබඳ ජාත්‍යන්තරව ඇති පුර්වාදර්ශ ද සැලකිල්ලට ගනිමින් මෙම සම්බන්ධීකරණය සහ අනෙකුත් විධිවිධාන සැලසීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට එලෙස ආරාධනා කර ඇත.
ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වී තිබේ. අක්කර දෙකක පමණ භූමියක නාය යාම සක්‍රිය වුවද එය අක්කර 30ක පමණ වපසරියකට බලපෑම් එල්ලකර ඇති බව පැවසේ. මේ වනවිට භූමිය අඩි 10ක් පමණ ගිලා බැස ඇති අතර නායයාම තවදුරටත් සක්‍රිය වුවහොත් ඇල්ල වැල්ලවාය මාර්ගයටද බලපෑම් එල්ලවිය හැකිය. අක්කර 15ක පමණ ප්‍රමාණයක කන්ද බිඳවැටීමක් පැහැදිලිව ඇති බවත් එය ක්‍රියාත්මක වුවහොත් ඇල්ල – වැල්ලවාය මාර්ගයට දැඩි අවධානමක් ඇති බව ද බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, උදය කුමාර මහතා පැවසීය.
මේ දිනවල දැඩි රස්නයක් පවතින නිසා තමා රඳවා සිටින කුටියේ සිටීමට අපහසු බැවින් තමාට විදුලි පංකාවක් ලබාදෙන්නැයි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමකරුවකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටා අධිකරණයෙන් ඊයේ (26) ඉල්ලා සිටියේය. එමෙන්ම ඔහු ඉල්ලා ඇත්තේ තමාට කියවීමට පොත් හෝ පුවත්පත් ලබාදෙන ලෙසය. මෙම ඉල්ලීම් සිදුකෙරුණේ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී ඉන් පළායාමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් නඳුන් චින්තක හෙවත් “හරක් කටා” සහ තවත් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති අධිචෝදනාවලට අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී අද යළි කැඳවනු ලැබීය. ඒ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේය. තංගල්ල පැරණි බන්ධනාගාරයේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ සිට හරක් කටා නඩු වාරයට රැගෙන විත් තිබිණි. නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි…
ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂ පාට භේදයකින් තොරව ජනාධිපතිවරයාට සහාය පළකරන බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු අවධාරණය කරයි. ඔවුන් මේ බව කියා සිටියේ, ජනාධිපතිවරයා සමග පැවති විශේෂ හමුවකට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළකරමිනි. සාකච්ඡාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රිවරු එක්ව සිටියහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් අතර විශේෂ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගිය (25) පස්වරුවේ පැවැත්වුණි. පැය 02කට ආසන්න කාලයක් පැවති රැස්වීමෙන් පසු පිටතට පැමිණි මන්ත්‍රිවරු මාධ්‍යයට අදහස් පළ කළේය. මේ අතර වාරණයට ලක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්තනෝමතික ලෙස ඉවත්කරනු ලැබූ ආසන…