Close Menu
Lanka Focus News
    What's Hot

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දුප්පතාට බෙදන සහල් ටිකත් හොරකම් කළ හැටි
    Featured

    දුප්පතාට බෙදන සහල් ටිකත් හොරකම් කළ හැටි

    By LFNApril 28, 2024No Comments2 Mins Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ දිනවල ක්‍රියාත්මක අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ වැඩසටහනේදී විවිධ අක්‍රමිතා සහ දූෂණ සිදුවීම් කිහිපයක් වාර්තාවී තිබේ.

    අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74ක් සඳහා සහල් බෙදාදීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ යටතේ මේ වනවිට දිවයින පුරා සහල් බෙදීම සිදුකෙරේ.

    තෝරාගත් ප්‍රතිලාභී පවුල් සඳහා සහල් කිලෝ 10 බැගින් බෙදාදීම සිදුවන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමිනි.

    මෙම සහල් නොමිලේ ජනතාවට ලබාදෙන නමුත් තංගල්ල, නෙටොල්පිටිය, වැලිපැන්න, ලාලිතපුර ගම්මානයේ ජනතාව චෝදනා කරන්නේ තමන්ට සහල් ලබාගැනීමට මුදල් ගෙවීමට සිදුවූ බවය.

    ඒ අනුව රුපියල් 20 සිට රුපියල් 150 දක්වා විවිධ ප්‍රමාණයෙන් මුදල් ගෙවීමට ඔවුන්ට සිදුව තිබේ.

    මේ සම්බන්ධයෙන් අප හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ ජනතාවට බෙදාදීමට තිබූ සහල් තොගවල ආරක්ෂාවට සිටි පුද්ගලයාට ගෙවීම සඳහා ජනතාවගෙන් මෙලෙස මුදල් එකතු කර ලබාදී ඇති බවට වාර්තා වූ බවය.

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා අදාළ නිලධාරීන්ට නිසි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

    මේ අතර කන්තලේ අඩුආදායම්ලාභී ජනතාවට බෙදාදීමට නිල සෙවන ගොඩනැගිල්ලේ ගබඩා කර තිබූ සහල් තොගයකින් මිටි 20ක් කිසියම් අයෙකු විසින් සොරකම් කර තිබේ.

    ඊයේ (27) උදෑසන අදාළ ගොඩනැගිල්ලේ ජනේලය විවෘත කර ඇති අයුරු දුටු ප්‍රදේශවාසියෙකු ඒ බව ග්‍රාම නිලධාරිවරයා සහ ප්‍රාදේශීය ලේකම්වරියට පවසා තිබුණි.

    කන්තලේ පොලීසියද පැමිණ අදාළ ස්ථානයේ විමර්ශන කටයුතු සිදුකළේය.

    කන්තලේ පොලීසිය සඳහන් කළේ කිසියම් අයෙකු කාමරයේ ප්‍රධාන දොරටුව කඩා ඊට ඇතුළු වී සහල් සොරාගෙන නොමැති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වන බවය.

    කෙසේවෙතත් සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකය.

    මේ අතර හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභීන් සඳහා ඊයේ ලබාදුන් සහල් පරිභෝජනයට නුසුදුසු බවට ජනතාව චෝදනා කරයි.

    මෙම සහල් අම්පාර ප්‍රදේශයේ සහල් මෝලක් විසින් ලබාදී තිබු අතර එම මළුවල කල්ඉකුත් වූ දිනය මත තවත් දිනයක් සහිත ලේබලයක් අලවා තිබූ බවද ජනතාව පැවසීය.

    කෙසේවෙතත් හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් එම කල්ඉකුත්වූ සහල් වෙනුවට පරිභෝජනයට සුදුසු සහල් ලබාදීමට සහල් සැපයුම්කරුවන් කටයුතු කර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026010 Views

    පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක්, ගැහැණු ළමුන් දෙදෙනෙකු හා පිරිමි ළමයෙකු…

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.