Author: LFN

කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ දිනේෂ් හේමන්ත නමැති වයස අවුරුදු 33 ක සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයා මේ වනවිට හමුවී තිබේ එම තරුණයා ඊයේ උදෑසන ශ්‍රී පාද රක්ෂිතයට ආසන්නයේ නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ වතු යායේ රාජමලේ ප්‍රදේශයේ සිටිනු දැක වතු කම්කරුවන් පිරිසක් විසින් නල්ලතන්නිය පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් භාරදී තිබේ. එහිදී පොලිස් නිලධාරීන් විසින් එම තරුණයාව ප්‍රතිකාර සඳහා මස්කෙළිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දික්ඔය මූලික රෝහල වෙත මාරුකර යවා තිබේ. තරුණයා සෙවීම සඳහා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් දින 3ක් තිස්සේ විශේෂ මෙහෙයුමක් සිදුකර පසුව එම මෙහෙයුම අත්හැර දැමීය.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Read More

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත්වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

Read More

2024 වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති බව මැලේරියා මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා පවසයි. ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, මැලේරියා රෝගීන් බහුතරයක් වාර්තා වී ඇත්තේ, අප්‍රිකා රටවලට ගොස් පැමිණි අය අතුරින් බවයි. ශ්‍රී ලංකාව තුළින් වාර්තා වූ අවසන් මැලේරියා රෝගීයා වාර්තා වූයේ 2012දී වුවත් 2023 වර්ෂයේදීත් මැලේරියා රෝගීන් 62ක් වාර්තා වූ බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා සඳහන් කළේය. එම රෝගීන් බහුතරයක් සාම සාධක රාජකාරි සඳහා ගොස් පැමිණි හමුදා සාමාජිකයින් සහ මැණික් වෙළෙඳාම සඳහා ගොස් පැමිණි පුද්ගයින් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Read More

ඉරානය සමග වෙළෙඳ ගනුදෙනු සිදුකරන රටවල්වලට එරෙහිව සම්බාධක පැනවීමේ අවදානමක් ඇතැයි අමෙරිකාව අද අනතුරු ඇඟවීය. අමෙරිකාව මෙම අනතුරු ඇඟවීම සිදුකළේ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි පාකිස්තානයේ දින 3ක සංචාරය අද (24) නිමකර ශ්‍රී ලංකාව බලා පිටත් වීමෙන් පසුවය. ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුරදී පාකිස්තානය සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුම් 8ක් අත්සන් කෙරුණු අතර දෙරට අතර වෙළෙඳාම ඩොලර් බිලියන 10ක් දක්වා වැඩිකිරීමට ද ඉන් යෝජනා කර තිබුණි. ඉරාන ජනපතිවරයා සඳුදා (22) පාකිස්තානයට පැමිණියේය. ඔහුගේ සංචාරයේ එක ප්‍රධාන අරමුණක් ලෙස සඳහන් වූයේ දෙරට අතර පැවති ගැටලු නිරාකරණය කර ගැනීම ය. මෙම වසර මුලදී ඉරානය සහ පාකිස්තානය එකිනෙකාට ප්‍රහාර එල්ලකර ගත්තේය.

Read More

විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනි දමිතා අබේරත්නට සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර තිබේ.

Read More

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා මීට සුළු වේලාවකට පෙර දිවයිනට පැමිණියේය. ඒ මහතා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට පැමිණි අතර අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඉරාන ජනපතිවරයාව පිළිගත්තේය. ඉරාන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අද (24) නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයාගේ පැමිණීම හේතුවෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පැවසීය.

Read More

පුත්තලමේ ක්වාසි අධිකරණයේ විනිසුරුවරයෙක් රුපියල් 5,000ක අල්ලක් ලබා ගැනීමේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව ඔහුව පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. පුත්තලම වෙට්ටාලෙයි ප්‍රදේශයේ පදිංචිකාරියක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව එම කොමිෂන් සභාව සඳහන් කළේය. පුත්තලම ක්වාසි උසාවියෙන් ලබා දී තිබූ දික්කසාද නඩු තීන්දුවකට අදාළව දික්කසාද සහතිකය ලබාදීම සඳහා සැකකරු විසින් අල්ලස් මුදල ඉල්ලා තිබේ.

Read More

වීරසේන ගමගේ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබීය. අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා වීරසේන මහතා එලෙස කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි වෙත පිහිනමින් සිටි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 78 හැවිරිදි වියේ පසුවූ ගෝපාල් රාඕ නැමති ඉන්දීය ජාතිකයෙකි. 31 දෙනෙකුගෙන් සමන්විත පිහිණුම් කණ්ඩායමක් ඊයේ අලුයම ශ්‍රී ලංකාවේ ඉන්දියාව වෙත සහාය පිහිණුම් ඉසව්වක් සංවිධානය කර ඇත. එහිදී මෙම අවාසනාවන්ත සිදුවීම වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. තරගය අතරතුර ගෝපාල් රාඕ සංවිධායකයින් වෙත දැනුම්දී ඇත්තේ තමන්ට ශ්වසන අපහසුතාවයක් ඇති බවය. කෙසේ වෙතත් එහිදී අදාළ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහු අවාසනාවන්ත ලෙස මියගොස් ඇත. මෙම සිදුවීමත් සමග සංවිධායකයින් විසින් එම පිහිනීමේ ඉසව්ව අවලංගු කර නැවත ඉන්දීයාව වෙත ගොස් තිබේ. ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා…

Read More