Author: LFN
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරුමැද සහ උතුරු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති වේ. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී…
බක්පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ. ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස බක්පුර පසළොස්වක පොහොය දිනය සැලකේ. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිදුවුයේ ද අද වැනි පොහොය දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. චූලෝදර මහෝදර යන නා රජුන් දෙදෙනා අතර ඇතිවූ ගැටුම සමථයකට පත්කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ බක්පුර පසළොස්වක පොහොය දිනයක නාගදීපයට වැඩම කරනු ලැබීය. එහිදී සිදුවූ තවත් වැදගත් සිදුවීමක් වනුයේ මහෝදර නාරජුගේ සහායට පැමිණි ඔහුගේ මයිලනුවන් වන මනිඅක්ඛිත නා රජු විසින් බුදුරජාණන් වහන්සේට කැලණිය වෙත වඩින මෙන් ආරාධනා කළේ ද අද වැනි පොහොය දිනයක බව වාර්තා වේ. සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත…
නැගෙනහිර තායිවානයේ භූ කම්පනයක් සිදුව තිබේ. ඊයේ (22) රාත්‍රී රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයකින් යුතුව එම භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති අතර ගොඩනැගිලි රැසක් සෙලවීමට ලක්ව ඇති බව සඳහන්ය. කෙසේවෙතත් භූ කම්පනයක් සිදුව ඇති හානිය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මොරගහහේන ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. මොරගහහේන ටයර් කර්මාන්තශාලාව ආසන්නයේදී මෙම වෙඩිතැබීම සිදුව ඇත. පොලීසිය වැඩිදුරටත් පවසන්නේ වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථය තුළ සිටි තවත් පුද්ගලයෙකු ඉන් පළාගොස් ඇති බවය.
පිරමීඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන බවට හඳුනාගත් තවත් ආයතන සහ යෙදවුම් 8ක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන මෙන් නීතිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇති බවද මහ බැංකුව එම නිවේදනයෙන් සඳහන් කරයි. තමන් වෙත ලැබුණු පැමිණිලිවලට අනුව සිදුකළ විමර්ශනවලදී ආයතන සහ යෙදවුම් 8ක් මහ බැංකු පනතේ 83 ඇ වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇති බවට හඳුනාගෙන ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ යටතේ Beecoin App/Sunbird Foundation , Fast Win pvt ltd , Fruugo Oline App /Fruugo Oline pvt ltd ,Genesis Business School /Era Miracle pvt ltf ,Isimaga International…
මහමග අතරමංව සිටි වයෝවෘද කාන්තාවක් යළි ඇයගේ නිවස වෙත භාරදීමට කාසි වත්ත ප්‍රදේශයේ ජනතාව සහ බඩල්ගම පොලීසිය කටයුතු කර තිබේ. මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ තම්මිට ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරුදු 90ක පමණ වයෝවෘද කාන්තාවකි. එම කාන්තාව බඩල්ගම කාසිවත්ත ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී ප්‍රදේශවාසීන් ඇය පිළිබඳව බඩල්ගම පොලීසියට දැනුවත් කර ඇත. අනතුරුව බඩල්ගම පොලීසියේ නිලධාරීන් පැමිණ එම කාන්තාව පොලිස් ස්ථානය වෙත රැගෙන යාමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි. ඇය එහිදී ප්‍රකාශ කර ඇත්තේ තමන් කෑගල්ල ප්‍රදේශයේ සිට එම ප්‍රදේශයට පැමිණි බවය. පසුව බඩල්ගම පොලිස් ස්ථානාධිපතිවරයා අදාළ නිලධාරීන් වෙත පවසා ඇත්තේ එම කාන්තාව මීට පෙර එම ප්‍රදේශයේදීම තමන් දුටු බවය. එදින පොලිස්…
අනුර කුමාර දිසානායක මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා නොපැමිණෙන්නේ නම් ඒ පිළිබඳව දැනුම්දෙන ලෙසට ඉල්ලා සිටිමින් ජාතික ජන බලවේගය විසින් සමගි ජන බලවේගය වෙත ලිපියක් යොමුකර ඇත. එම ලිපිය මගින් ජාතික ජන බලවේගය එම යෝජිත විවාදය සඳහා මැයි මස 07,09,13 සහ 14 යන දිනවලින් සජබය කැමති දිනයක් යොදාගැනීමට එකඟත්වය පළකර තිබේ. එසේම සජබයේ සූදානම අනුව දිනය තෝරාගැනීමෙන් අනතුරුව විවාදය පැවැත්වීමට අදාළ අදාළ වෙලාව සහ විවාදයේ කාලසීමාව ආදී කරුණු පිළිබඳව සාකච්ඡා කරගත හැකි බවද එමගින් දැනුම්දී ඇත.
ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී පුද්ගලයන් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුර සම්බන්ධයෙන් අදාළ මෝටර් රථ දෙකේ රියදුරන් දෙදෙනා ඊයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාරගත කළේය. අනතුරට සම්බන්ධ මෝටර් රථ ධාවකයින් දෙදෙනෙකු දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගත් අතර බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ඔවුන් දෙදෙනාව අප්‍රෙල් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත්වරයා විසින් අනතුරට සම්බන්ධ මෝටර් රථ ධාවකයින් දෙදෙනා දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තේය. උපුටා ගැනීම, පොලිස් නිලධාරියා – මේ බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත්තුමා ඇවිත් ඉන්නේ. ඔයාට කියන්න දෙයක් තියෙනවානම් ගරු මහේස්ත්‍රාත්තුමාට කියන්න පුළුවන්. බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත්වරයා…
ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9 දෙනා මැයි මස හය දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ. ඊට අදාළ නඩුව ඊයේ යළි කැඳවූ අවස්ථාවේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචිනි අබේවික්‍රම මහත්මිය මෙම නියෝගය කළාය. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කළ ඇප ඉල්ලීම එහිදී ප්‍රතික්ෂේප කෙරිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස තම පාර්ශ්වයෙන් තෝරා පත් කරගත් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම් දීමට පියවර ගන්නා බව එම පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය පවසයි. ඒ අනුව නිදහස් පක්ෂ වැඩබලන මහලේකම්වරයා විසින් විජයදාස රාජපක්ෂ මහතාගේ නම සහ විධායක සභාවේ දී ගත් තීරණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම් දීමට නියමිතය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය පසුගිය 20 රැස්වූ අවස්ථාවේ ගත් තීරණයට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක රැස්වීමක් ඊයේ (21) පෙරවරුවේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ හෝටලයකදී කැඳවා තිබිණි. මෙම විධායක සභා රැස්වීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාද සහභාගී වී සිටි අතර එහිදී ඔහුව…