Author: LFN

පැවති රජය හා වත්මන් රජයද දිගින් දිගටම පාස්කු ප්‍රහාරයේ සත්‍යය යටපත් කිරීමට උත්සාහ ගන්නා බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් චෝදනා කරයි. කාදිනල් රංජිත් හිමිපාණන් ඒ බව පවසා සිටියේ, පාස්කු ප්‍රහාරය එල්ලවී වසර 5 සැපිරීම වෙනුවෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පැවති ප්‍රධාන වැඩසටහනට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් රංජිත් හිමිපාණන්, “පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සහ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා නිර්දේශ වන කරුණු ක්‍රියාත්ම කිරීමේ මූලික වශයෙන් පැවරුණේ ජනාධිපති ධුරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතය. පාස්කු ප්‍රහාරය පිළිබඳ විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වා ඒ ගැන සාධාරණය ඉටුකරන බවට සහතික වූ ඒ මහතා. ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, රටේ…

Read More

දියතලාවේ පැවති මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ. ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත. අනතුරින් පුද්ගලයින් 21කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බව පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාව පත්කර ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. වාරණයට ලක්වූ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය අද පෙරවරුවේ ඇතුල්කෝට්ටේ ප්‍රසිද්ධ හෝටලයකදී කැඳවා තිබූ විධායක සභා රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇතිබව වාර්තාවිය.

Read More

සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුවන “පයාගල තෝරා”ගේ ප්‍රධාන ගෝලයකු වන “පයාගල සුට්ටු” පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන්නේ කළුතර අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (20) සවස එම සැකකරු පයාගල, කලමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවය. එහිදී ඔහුගේ යට ඇඳුමේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සහ එම ජාවාරම සඳහා භාවිතා කළ ජංගම දුරකථන දෙකක්ද කළුතර අපරාධ කොට්ඨාසය භාරයට ගෙන තිබේ. සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ “පයාගල තෝරා” නැමැත්නා කළුතර බන්ධනාගාරයේ සිට එම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවටය. පොලීසිය පැවසුවේ මෙම සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇත්තේ, ජංගම දුරකත ඔස්සේ මුදල් හුවමාරු කිරීමේ ක්‍රමවේදයක් හරහා බවය. සැකකරු මෙම අයිස්…

Read More

ගොවිදුපුර, ජයන්ති වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (20) උදෑසන එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. එසේ මියගොස් ඇත්තේ, කොටගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු පෙරේදා (19) දින මසුන් ඇල්ලීම සඳහා නිවසින් පිටව ගොස් ඇති බවට පොලිස් විමර්ශනයේදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ගොවිදුපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

තම දෛනික වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා වතු සේවකයින් හෙට (22) සිට වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. එම වැඩ වර්ජනයට දමිළ ප්‍රගතිශීලි සන්ධානය පුර්ණ සහයෝගය ලබාදෙන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පැවසීය. වතු සේවකයින් ගේ දෛනික වැටුප රු 1,700 දක්වා වැඩි කරන ලෙසට ජනාධිපතිවරයා විසින් තේ වතු සමාගම්වලට උපදෙස් ලබා දී තිබිය දී එම වැටුප ලබාදිමට වතු සමාගම් එකඟතාවය පළ නොකිරිමට විරෝධය පළ කරමින් වැඩවර්ජනය සිදුකරන බව ඔහු සඳහන් කළේය.

Read More

ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය ලංකා සතොස හරහා සිදුකිරීමට තීරණය කර තිබේ. ලොකු ලූනු අපනයනය තහනම ශ්‍රී ලංකාව සඳහා ඉවත් කිරීමට තීරණය කළ ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලොකු ලූනු මෙට්‍රික්ටොන් දසදහසක තොගයක් අපනයනය කිරීමට පසුගියදා තීරණය කළේය. එම ලූනු තොගය ගෙන්වනු ලබන්නේ පෞද්ගලික අංශයෙන් ද නැතහොත් රාජ්‍ය අංශයෙන් ද යන්න සම්බන්ධයෙන් වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යංශය සාකච්ඡා කළ අතර එහිදී තීරණය වී ඇත්තේ ලංකා සතොස හරහා ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය කර අලෙවි කිරීමටය. ඒ අනුව පළමු තොගය ලෙස ලූනු මෙට්‍රික්ටොන් 2000ක් ඉදිරි සති දෙක තුළ ගෙන්වීමට නියමිත බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා අද දෙරණට සඳහන් කළේය. කෙසේවෙතත් මෙරට මාසික…

Read More

ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් පසුවන බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. පවතින තත්ත්වය මත ගැටලුකාරී පසුබිමක පසුවන අයෙක් ඇත්නම් තානාපති කාර්යාලය හා සම්බන්ධ වන ලෙස තානාපතිවරයා දැනුම්දෙයි. මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විමසීම් ලැබුණ ද ඊශ්‍රායලය තුළ ජන ජීවිතය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසීය. ශ්‍රී ලාංකිකයින් 11,500ක පම‍ණ පිරිසක් ඊශ්‍රායලයේ සේවය කරන අතර ඉන් සියයට 70ක් පමණ නිවෙස්වල සේවය කරන බව සඳහන් ය. සියයට 15ක් පමණ කෘෂිකර්ම, වැඩබිම්වලත් සෙසු පිරිස ඉදිකිරීම් හා වෙනත් අංශවලත් සේවයේ නිරතව සිටින බව තානාපති කාර්යාලය සඳහන් කරයි. ගාසා තීරය ආසන්නයේ ජීවත්වූ…

Read More

බස්නාහිර පළාත තුළ අපරාධ මර්දනය සඳහා නව ආරක්ෂක වැඩපිළිවෙළක් මැයි මස පළමු වනදා සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් මේ වන විටත් පුහුණු කරමින් සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. පසුගිය වසර 3 තුළ බස්නාහිර පළාතේ පොලිස්බල ප්‍රදේශ 25ක ඝීග්‍රයෙන් අපරාධ ඉහළ ගොස් ඇති බව පොලීසිය අනාවරණ කරගෙන තිබේ. ඒ අතර පසුගිය වසර තුළ රන් මාල කොල්ලකෑම් 846ක්, ගෙවල් බිදුම් 12,125ක් සහ වාහන සොරකම් 1,748ක් වාර්තාවන බව පොලිස් වාර්තා පවසයි. එය සමස්ත දිවයිනේම සිදුවූ අපරාධ අතරින් ප්‍රතිශතයක් ලෙස 32%කි. ඒ අනුව එම අපරාධ මර්දනය සඳහා…

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාරණයට ලක්වූ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය කැඳවූ රැස්වීමක් පැවති ස්ථානයට ගොස් විරෝධය පළකීරිමට එහි වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ කණ්ඩායම ඊ (20) කටයුතු කර තිබුණි. එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පැවසුවේ පක්ෂයේ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීම නීත්‍යානුකූල නොවන බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තනතුරු බෙදීයාම සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදකාරි තත්ත්වය තුළ වාරණයට ලක්වූ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය අද දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවා තිබුණි. එම පක්ෂයේ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම ජයවර්ධනපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක කැඳවා ඇති බව වාර්තා විය කෙසේවෙතත් එය…

Read More