Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හදිසියේම බස්නාහිරට නව ආරක්ෂක වැඩපිළිවෙලක්
    Featured

    හදිසියේම බස්නාහිරට නව ආරක්ෂක වැඩපිළිවෙලක්

    By LFNApril 21, 2024No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බස්නාහිර පළාත තුළ අපරාධ මර්දනය සඳහා නව ආරක්ෂක වැඩපිළිවෙළක් මැයි මස පළමු වනදා සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

    පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් මේ වන විටත් පුහුණු කරමින් සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

    පසුගිය වසර 3 තුළ බස්නාහිර පළාතේ පොලිස්බල ප්‍රදේශ 25ක ඝීග්‍රයෙන් අපරාධ ඉහළ ගොස් ඇති බව පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

    ඒ අතර පසුගිය වසර තුළ රන් මාල කොල්ලකෑම් 846ක්, ගෙවල් බිදුම් 12,125ක් සහ වාහන සොරකම් 1,748ක් වාර්තාවන බව පොලිස් වාර්තා පවසයි.

    එය සමස්ත දිවයිනේම සිදුවූ අපරාධ අතරින් ප්‍රතිශතයක් ලෙස 32%කි.

    ඒ අනුව එම අපරාධ මර්දනය සඳහා දිවයිනේම පොලිස් කොට්ඨාසවල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට උපදෙස් ලබාදී ඇත්තේ,පොලිස් ස්ථානවල සිටින නිලධාරීන්ගෙන් 60% ක් ඒ සඳහා යොදවන ලෙසය.

    එහි පළමු පියවර ලෙස බස්නාහිර පළාත තුළ සිටින පොලිස් නිලධාරීන්ට පාපැදි, ටී56 වර්ගයේ ගිනි අවිද සහිතව ලබාදී අදාළ ප්‍රදේශවල සංචාරය කරවීමට නියමිතව තිබේ.

    එමෙන්ම පාතාල මර්දනය සඳහා යොදවා ඇති පොලිස් කණ්ඩායම් 20ට අමතරව පොලිස්පතිවරයා ඉදිරියේදී නව පොලිස් කණ්ඩායම් 10ක් යෙදවීමටද නියමිතය.

    එම කණ්ඩායම් 10ට අපරාධ කල්ලි සාමාජිකයන් 360කට ආසන්න පිරිසකගේ නාමාවලියක් ලබාදී ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා උපදෙස් ලබා දෙන බව වාර්තා වෙයි.

    මේ අතර තවත් 100 දෙනෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමග මේ වනවිට විශේෂ පුහුණුවකට යොදවා තිබේ.

    ඔවුන් සඳහා විශේෂ නිල ඇඳුමක්, යතුරුපැදි සහ ගිනි අවි ද ලබාදීමට නියමිතය.

    ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ අපරාධකරුවන් හඹාගොස් අත්අඩංගුවට ගැනීමය.

    එමෙන්ම කොළඹ නගරය තුළ පොලීසිය නිරීක්ෂණය කරනු ලබන CCTV කැමරා 176ක සංඛ්‍යාව 2000ක් දක්වා වැඩි කිරීමට ද පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබේ.

    ඒ අනුව පෞද්ගලික නිවාසවල ඇති cctv ද ඔවුන්ගේ කැමැත්ත පරිදි පොලිසිය මගින් නිරීක්ෂණය කිරීමට කටයුතු කරනු ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.