Close Menu
Lanka Focus News
    What's Hot

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්
    Featured

    සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

    By LFNApril 25, 2024No Comments2 Mins Read155 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව එදින මධ්‍යම රාත්‍රී 12.00 සිට උපකාරක පංති, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදී විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන කටයුතු අත්හිටවනු ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

    එම නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිතය.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 06 සිට 15 වන දින දක්වා පැවැත්විමට සැලසුම් කර තිබේ.

    මේ අතර පසුගියදා පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි මස අග නිකුත් කිරීමට කටයුතු කරන බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

    2023 වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් සිසුන්ට උසස් පෙළ පංති වෙත ඇතුළු වීමේ අවදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පවසයි.

    අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත ලිපියක් යොමුකරමින් මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවනු ලැබුව ද මාස 4ක් ඉක්මවා ගොස් ඇතත් නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා අසමත් වී ඇති බවය.

    සිසුන් ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිඵල නැවත සමීක්ෂණ සදහා අයදුම්පත් යොමුකර ඇති අතර නැවත සමීක්ෂණ ප්‍රතිඵල ප්‍රමාද වීම් හේතුවෙන් එම සිසුන්ගේ උසස් පෙළ විෂය ධාරාවන් තෝරා ගැනීමේ කටයුතුවලට බාධා පැමිණ ඇති බව ගාමිණි වලේබොඩ මන්ත්‍රීවරයා පවසනවා.

    එම නිසා නැවත සමීක්ෂණ කටයුතු සිදුකර එහි ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරන ලෙසට විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝග කරන මෙන් මන්ත්‍රීවරයා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026010 Views

    පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක්, ගැහැණු ළමුන් දෙදෙනෙකු හා පිරිමි ළමයෙකු…

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.