Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත්කර නොගත යුතුයි – ජනපති
    Featured

    අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත්කර නොගත යුතුයි – ජනපති

    By LFNApril 24, 2024No Comments4 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත්, එබැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය මෙම වසර දෙක තුන තුළදී තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ ඊයේ (23) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ 10 වැනි දෙවාර්ෂික සම්මේලනය අමතමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමබන්ධව කටයුතු කිරීම අධ්‍යාපන විශේෂඥයන්ට පමණක් සීමා නොකර පාසල් ගුරුවරුන්, ආර්ථික ක්ෂේත්‍රයේ කටයුතු කරන පිරිස් මෙන්ම සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය වැනි සංගම් ද ඊට සහභාගී කරවා ගන්නා බවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

    1981 වසරේදී මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ධවල පත්‍රිකාව සකස් කරන විට බොහෝ දෙනෙක් ප්‍රකාශ කළා පෞද්ගලික පංති තහනම් කරන්න කියලා. එදා අප ඊට එකඟ වුණේ නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශයේ යුතුකම සෑම දරුවෙකුටම හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. මේ අතර අමතර පන්ති ක්‍රමය රට තුළ බිහිවී අද එය විශාල දියුණුවක් ලබා තිබෙනවා. එදා අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතු වු අඩු පාඩු නිසා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට දේශපාලනය එක්වීම නිසා ගැටලු විසදා ගැනීමට නොහැකි වීම මත ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ දෙමාපියන් අධ්‍යාපනය සඳහා විකල්පයක් ලෙස අමතර පන්ති ක්‍රමය තෝරාගත්තා. නමුත් දැන් පාසල් අධ්‍යාපනය සහ අමතර පංති එකිනෙකට සම්බන්ධව ඉදිරියට පැමිණ තිබෙනවා.

    විශේෂයෙන්ම පසුගිය කෙරෝනා සමයේ මාර්ගගත තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය ලබාදීම පිළිබඳව මෙහිදී සඳහන් කෙරුණා. උසස් පෙළ සිසුන්ට මාර්ගගත අධ්‍යාපනය ලබාදීම සඳහා ටැබ් ලබාදීමට අපි 2017 වසරේදී අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනා කළා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ද වෙන් කළා. නමුත් මතු වූ විරෝධතා නිසා අධ්‍යාපන අමාත්‍යාංශය එය අතහැර දැමුවා. එදා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූවානම් මාර්ගගත අධ්‍යාපනය එතැනින් ආරම්භ වෙනවා. නමුත් අද එම ව්‍යාපෘතිය සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සම්මේලනයෙන් ආරම්භ කිරීම පිළබඳව මම ඔබට ප්‍රශංසා කරනවා.

    ලෝකයේ බොහෝ රටවල අද වන විට පාසල් අධ්‍යාපනය සහ අමතර පංති ක්‍රමය එකට බැඳී පවතිනවා. පසුගිය ආර්ථික කඩා වැටීම සමග අපට අත්දැකීම් සම්භාරයක් ලැබුණා. අප දැන් එම ආර්ථික අර්බුදයෙන් ක්‍රමයෙන් ගොඩ එමින් සිටිනවා. අප නව ආර්ථිකයක් සමඟ ඉදිරියට යා යුතුයි. එහිදී අපනයන ඉලක්කරගත් සහ ඉතා තරගකාරී ආර්ථිකයක් අවශ්‍යයි. ඒ වගේම දිළිදු බව අවම කෙරෙන ආර්ථික දියුණුවක් ඇති කළ යුතුයි. මේ සියල්ල සමඟ රටට සුදුසු අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කළ යුතුව තිබෙනවා. එහිදී පාසල් අධ්‍යාපනය සහ අමතර පන්ති අතර තිබෙන සම්බන්ධය කුමක්ද, ඒ වගේම මාර්ගත තාක්ෂණය සහ කෘත්‍රීම බුද්ධිය අධ්‍යාපනයට එක්කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ අප සොයාබැලිය යුතුයි. අද තාක්ෂණය නිසා අධ්‍යාපනය වෙනස්වීමකට ලක්වෙමින් තිබෙනවා. එම වෙනස සමඟ අපත් ඉදිරියට යා යුතුයි.

    බ්‍රිතාන්‍ය පාලනයේ එක් වාසියක් වුණේ බ්‍රිතාන්‍ය ක්‍රමයේ පාසල් ආරම්භ කිරීමට කෝල්බෘක් ක්‍රමය තීරණය කිරීමයි. රජය වගේම මිෂනාරි සහ බෞද්ධ පාසල් ආරම්භ වුණා. ඒ අනුව ඉන්දියාවට පෙර බටහිර ක්‍රමයේ අධ්‍යාපනය එදා ලංකාවේ ආරම්භ වුණා. එම අධ්‍යාපනය ක්‍රමය ආසියාවට එක්වුණේ ලංකාවෙන් බව කිව යුතුයි. ඒ වගේම අපි අනෙක් රටවලට පෙර නිදහස් අධ්‍යාපනය ආරම්භ කළා. එසේනම් මෙම නව තාක්ෂණය අධ්‍යාපනයට එක් කරගන්නේ කෙසේද කියා අප ඉදිරි වසර දෙක තුන තුළ සිතිය යුතුයි. ඒ අනුව නවීන අධ්‍යාපන ක්‍රමයකට යා යුතුයි. එය 2030ට නොව 2050ට සුදුසු අධ්‍යාපන ක්‍රමයක් විය යුතුයි.

    මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අධ්‍යාපන විශේෂඥයන්ට පමණක් සීමා කරන්න බැහැ. ඒ අය වගේම සාමාන්‍ය ගුරුවරු, ආර්ථික අංශය නියෝජනය කරන අය වගේම සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සම්මේලනය වැනි සංගම්ද ඊට සහභාගී කරගත යුතු වෙනවා. එම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා කර නවීන අධ්‍යාපන ක්‍රමයකට යා යුතුයි. එහිදී ඉදිරිපත්වන කිසිදු අදහසක් ප්‍රතික්ෂේප නොකළ යුතුයි. ඒ වගේම අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් නොකළ යුතුයි. අපි කොච්චර ක්‍රීඩා කළත් ගෝල් එකක් ගහන්න බැහැ. අවසානයේ පරාජය වන්නේ රටයි . ඒ නිසා මෙයින් ඉවත් වී සියලුදෙනා එකට එක්ව කටයුතු කළ යුතුයි. සියලු දෙනා එක්ව අනාගත අධ්‍යාපන ක්‍රමය තීරණය කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට අප කටයුතු කරනවා. ඒ අනුව වසර 2050 වන විට රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය කුමක්ද කියා මෙම වසර දෙක තුන තුළදී සාකච්ඡා කළ යුතුයි. ඉන් පසුවත් සිදුවන තාක්ෂණික වෙනස්කම් සමඟ පරිවර්තනය වෙමින් අපි ඉදිරියට යමු.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.