Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දියතලාවේ මාරක අනතුර ගැන පරීක්ෂණ කරන්න යුද හමුදාවෙන් කමිටුවක්
    Featured

    දියතලාවේ මාරක අනතුර ගැන පරීක්ෂණ කරන්න යුද හමුදාවෙන් කමිටුවක්

    By LFNApril 23, 2024No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා සත්පුද්ගල කමිටුවක් පත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව තීරණය කර තිබේ.

    මේජර් ජෙනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම කමිටුව පත්කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර මහතා පැවසුවේය.

    අනතුර සම්බන්ධයෙන් දැනට පවතින වීඩියෝ පට සහ ඡායාරූප උපයෝගී කරගනිමින් මෙම පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.

    විශේෂ විමර්ශන කමිටුව විසින් අනතුරට හේතු පාදක වූ කරුණු මොනවාද ? වගකිව යුතු අයවළුන් කවුරුන්ද ? තරගාවලිය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන්ගෙන් ආරක්ෂාව තහවුරුකොට තිබුණේද ? ධාවන පථයේ ප්‍රමිතිය සැබැඳිව වගකිවයුතු පාර්ශව / ආයතන නිසි පරිදි ක්‍රියා කර තිබුණේද ? සහ ඉදිරියේදී එවැනි අනතුරු සිදුවීම වළක්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග කවරේද ? යන්න ඇතුළු කරුණු ගණානාවක් පිළිබඳව සොයා බැලීමට නියමිතව ඇත.

    පසුගිය ඉරිදා පස්වරුවේ දියතලාව ෆොක්ස්හිල් මොටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.

    අනතුරින් 21 දෙනෙකු තුවාල ලැබු අතර ඔවුන්ගෙන් 15 දෙනෙකු දියතලාව මුලික රෝහලේත් තිදෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලේත් ප්‍රතිකාර ලබමින් සිටී.

    ආරක්ෂක පස්වලල්ල මත ප්‍රේක්ෂකයින් රැඳී සිටිමින් තරගය නරඹමින් සිටින අවස්ථාවේ දී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බව යුද හමුදාව පැවසුවේය.

    කෙසේවෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් රේසින් කාර් රියදුරන් දෙදෙනෙකු ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගත් අතර ඔවුන් දෙදෙනා අප්‍රේල් 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.