Close Menu
Lanka Focus News
    What's Hot

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දියතලාවේ බිහිසුණු අනතුරින් දිවි අහිමි වූවන් ගැන සංවේදී සටහනක්
    Featured

    දියතලාවේ බිහිසුණු අනතුරින් දිවි අහිමි වූවන් ගැන සංවේදී සටහනක්

    By LFNApril 22, 2024No Comments3 Mins Read234 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටම කම්පා කරමින් ඊයේ (21) දියතලාව ෆොක්ස් හිල් මෝටර් ධාවන තරගය අතුරතුර සිදුවූ අනතුරින් කුඩා දැරියක් ඇතුළු 7 දෙනෙකුට දිවි අහිමි වුණි.

    එහිදී ධාවන තරගයේ සහායකවරුන් සිව්දෙනෙකුට දිවි අහිමි වූ අතර, සෙසු සියලුදෙනා තරගය නැරඹීම සඳහා පැමිණ සිටි අයයි.

    8 හැවිරිදි වැලිමඩ පදිංචිව සිටි ශිව කුමාර් දිනුෂිකා, 55 හැවිරිදි වැලිමඩ පදිංචිව සිටි මුත්තුසාමි උදයකුමාර්, සීදුවේ පදිංචිව සිටි 19 හැවිරිදි චමත් නිරෝෂන්, අරුණ ශාන්ත උපාලිගමගේ නැමති 62 හැවිරිදි මාතර පදිංචිව සිටි අයෙක්, 20 හැවිරිදි අකුරැස්සේ පදිංචි අසේන් හීනටිගල, රසික අබේනායක සහ 60 හැවිරිදි මාතර පදිංචිව සිටි ගනේෂ් ජයවර්ධන අයට මෙහිදී දිවි අහිමි වුණි.

    මේ අතර අනතුරින් දිවි අහිමි වූ 32 හැවිරිදි රසික අබේනායක ශ්‍රී ලංකා යුද හමුදා රගර් කණ්ඩායමේ සාමාජිකයෙකි.

    ඔහු කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටිය දී නිවාඩු ලබා මෙම තරගය නැරඹීම සඳහා ගොස් තිබිණි.

    ඇඹිලිපිටිය මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපන හදාරා යුද හමුදා ඉංජිනේරු බළකායට සම්බන්ධ වී ඇති රසික අද (22) දින සිට උඩවලව යුද හමුදා කඳවුරට ස්ථාන මාරුවීමක් ද ලබා සිටි බව ඥාතීන් පවසයි.

    ඇඹිලිපිටියේ ගොඩවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි රසික විවාහ වී ඇත්තේ, මහනුවර, ගලහ ප්‍රදේශයෙන් වන අතර, ඔහුගේ අවසන් කටයුතු ගලහ ප්‍රදේශයේ දී සිදුකිරීමට නියමිතය.

    අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පිරිසෙන් තිදෙනෙකුම මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

    අනතුරින් මියගිය ගනේෂ් කමලනාත් මහතා තිදරු පියෙක් වන අතර ඔහුගේ මිතුරෙකු වන අරුණ ශාන්ත මහතා දෙදරු පියෙකි.

    මේ අතර අකුරැස්සේ පදිංචිව සිටි අසේන් හීනටිගල මෙවර උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ප්‍රතිඵල අපෙක්ෂාවෙන් සිටි අයෙකි.

    මොවුන් තිදෙනාම මාතර රාහුල විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අයවීම ද විශේෂත්වයකි.

    මේ අතර, අදාළ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරන් දෙදෙනා අප්‍රේල් මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

    අනතුරින් ඔවුන් දෙදෙනා ද තුවාල ලබා රෝහලගත කර සිටිය දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.

    අනතුරින් තවත් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

    2024 ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගාවලිය ඊයේ (21) පෙරවරුවේ දියතලාව නරියාකන්ද ධාවන පථයේ දී ආරම්භ විය.

    මෙම තරගාවලිය මෙවර පැවැත්වුණේ වසර 5කට පසුවය.

    අවසන් වරට 2019 වර්ෂයේ අප්‍රේල් 21 වන දින මෙම ධාවන තරගාවලිය පවත්වා ඇති අතර පාස්කු ප්‍රහාරය හේතුවෙන් එම තරගය අතරමග නතර කිරීමට සිදුවිය.

    ඒ අනුව වසර 5ක කාලයක් එම තරගාවලිය නොපැවැත්වුණු අතර මෙවර එම තරගාවලිය සඳහා විශාල ජන සහභාගීත්වයක් ද පැවැති බව වාර්තා විය.

    අද (21) පෙරවරුවේ ආරම්භ වු ධාවන තරගය පැවැත්වෙන අතරවාරයේ මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබුණි.

    මෙම අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    අනතුර සම්බන්ධයෙන් දැනට පවතින වීඩියෝ පට සහ ඡායාරූප උපයෝගී කරගනිමින් මෙම පරීක්ෂණ කටයුතු සිදුකරන බව යුද හමුදාව සඳහන් කළේය.

    දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබන එක් අයෙකු දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබන බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026010 Views

    පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක්, ගැහැණු ළමුන් දෙදෙනෙකු හා පිරිමි ළමයෙකු…

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.