Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දියතලාවේ බිහිසුණු අනතුරින් දිවි අහිමි වූවන් ගැන සංවේදී සටහනක්
    Featured

    දියතලාවේ බිහිසුණු අනතුරින් දිවි අහිමි වූවන් ගැන සංවේදී සටහනක්

    By LFNApril 22, 2024No Comments3 Mins Read236 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටම කම්පා කරමින් ඊයේ (21) දියතලාව ෆොක්ස් හිල් මෝටර් ධාවන තරගය අතුරතුර සිදුවූ අනතුරින් කුඩා දැරියක් ඇතුළු 7 දෙනෙකුට දිවි අහිමි වුණි.

    එහිදී ධාවන තරගයේ සහායකවරුන් සිව්දෙනෙකුට දිවි අහිමි වූ අතර, සෙසු සියලුදෙනා තරගය නැරඹීම සඳහා පැමිණ සිටි අයයි.

    8 හැවිරිදි වැලිමඩ පදිංචිව සිටි ශිව කුමාර් දිනුෂිකා, 55 හැවිරිදි වැලිමඩ පදිංචිව සිටි මුත්තුසාමි උදයකුමාර්, සීදුවේ පදිංචිව සිටි 19 හැවිරිදි චමත් නිරෝෂන්, අරුණ ශාන්ත උපාලිගමගේ නැමති 62 හැවිරිදි මාතර පදිංචිව සිටි අයෙක්, 20 හැවිරිදි අකුරැස්සේ පදිංචි අසේන් හීනටිගල, රසික අබේනායක සහ 60 හැවිරිදි මාතර පදිංචිව සිටි ගනේෂ් ජයවර්ධන අයට මෙහිදී දිවි අහිමි වුණි.

    මේ අතර අනතුරින් දිවි අහිමි වූ 32 හැවිරිදි රසික අබේනායක ශ්‍රී ලංකා යුද හමුදා රගර් කණ්ඩායමේ සාමාජිකයෙකි.

    ඔහු කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටිය දී නිවාඩු ලබා මෙම තරගය නැරඹීම සඳහා ගොස් තිබිණි.

    ඇඹිලිපිටිය මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපන හදාරා යුද හමුදා ඉංජිනේරු බළකායට සම්බන්ධ වී ඇති රසික අද (22) දින සිට උඩවලව යුද හමුදා කඳවුරට ස්ථාන මාරුවීමක් ද ලබා සිටි බව ඥාතීන් පවසයි.

    ඇඹිලිපිටියේ ගොඩවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි රසික විවාහ වී ඇත්තේ, මහනුවර, ගලහ ප්‍රදේශයෙන් වන අතර, ඔහුගේ අවසන් කටයුතු ගලහ ප්‍රදේශයේ දී සිදුකිරීමට නියමිතය.

    අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පිරිසෙන් තිදෙනෙකුම මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

    අනතුරින් මියගිය ගනේෂ් කමලනාත් මහතා තිදරු පියෙක් වන අතර ඔහුගේ මිතුරෙකු වන අරුණ ශාන්ත මහතා දෙදරු පියෙකි.

    මේ අතර අකුරැස්සේ පදිංචිව සිටි අසේන් හීනටිගල මෙවර උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ප්‍රතිඵල අපෙක්ෂාවෙන් සිටි අයෙකි.

    මොවුන් තිදෙනාම මාතර රාහුල විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අයවීම ද විශේෂත්වයකි.

    මේ අතර, අදාළ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරන් දෙදෙනා අප්‍රේල් මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

    අනතුරින් ඔවුන් දෙදෙනා ද තුවාල ලබා රෝහලගත කර සිටිය දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.

    අනතුරින් තවත් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

    2024 ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගාවලිය ඊයේ (21) පෙරවරුවේ දියතලාව නරියාකන්ද ධාවන පථයේ දී ආරම්භ විය.

    මෙම තරගාවලිය මෙවර පැවැත්වුණේ වසර 5කට පසුවය.

    අවසන් වරට 2019 වර්ෂයේ අප්‍රේල් 21 වන දින මෙම ධාවන තරගාවලිය පවත්වා ඇති අතර පාස්කු ප්‍රහාරය හේතුවෙන් එම තරගය අතරමග නතර කිරීමට සිදුවිය.

    ඒ අනුව වසර 5ක කාලයක් එම තරගාවලිය නොපැවැත්වුණු අතර මෙවර එම තරගාවලිය සඳහා විශාල ජන සහභාගීත්වයක් ද පැවැති බව වාර්තා විය.

    අද (21) පෙරවරුවේ ආරම්භ වු ධාවන තරගය පැවැත්වෙන අතරවාරයේ මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබුණි.

    මෙම අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    අනතුර සම්බන්ධයෙන් දැනට පවතින වීඩියෝ පට සහ ඡායාරූප උපයෝගී කරගනිමින් මෙම පරීක්ෂණ කටයුතු සිදුකරන බව යුද හමුදාව සඳහන් කළේය.

    දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබන එක් අයෙකු දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබන බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.