Author: LFN

ලොකු ලූනු අපනයනයට පනවා තිබු තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් ඉවත් කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ. මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි ඒ අනුව ලොකු ලූනු මෙට්‍රික් ටොන් 10,000ක් දක්වා ශ්‍රී ලංකාවට අපනයනය කිරීමට මෙමගින් අවසර ලබා දී තිබේ. පළමුව අසල්වැසියා යන පදනම සහ අලුත් අවුරුදු උත්සව සමය සැලකිල්ල ට ගෙන ඉන්දියාව එම තීරණය ගත් බව සඳහන් ය.

Read More

වික්ටෝරියා ජලාශයේ දියේ ගිලීමෙන් මියගිය යුවළ බේරාගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකුද ඊයේ පස්වරුවේ දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය පවසයි. දිගන, කුඹුක්කඳුර ප්‍රදේශයෙන් වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය අඹුසැමි යුවළක් අද පස්වරුවේ දියේ ගිලී තිබුණි. එහිදී ඔවුන් බේරාගැනීම සඳහා ඉදිරිපත් වූ 30 හැවිරිදි වියේ පසුවූ ප්‍රදේශවාසියෙකු ද මෙලෙස දියේ ගිලී මියගොස් ඇත. දියේ ගිලී මියගිය අඹුසැමි යුවළ තිහාරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර කාන්තාවගේ ගම් ප්‍රදේශයට ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණ දී තිබේ. මියගොස් ඇති සැමියාගේ වයස අවුරුදු 28ක් සහ බිරිඳගේ වයස අවුරුදු 22ක් ලෙසට වාර්තාවෙයි. පළමුව කාන්තාව දියනෑම සඳහා ජලාශයට බැස ඇති අතර ඇය එක්වරම දියේ ගිලී තිබේ. ඇගේ ස්වාමිපුරුෂයාත් සැණෙකින්…

Read More

ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. පොලීසිය පවසන්නේ කුඹුරු යායක වැඩ කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බවය. ඊයේ (15) දහවල් කාලයේදී එම සිදුවීම වාර්තා වී ඇති බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ, කැකැලාන, කොටියාගල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් ඇතිමලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ඊසාන දිග බ්‍රසීලයේ වෙරළ තීරයට ඔබ්බෙන් වූ බෝට්ටුවක තිබී නරක් වූ මළසිරුරු විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මළසිරුරු 20කට ආසන්න ප්‍රමාණයක් එහි ඇති බවට අනුමාන කරන බවය. මළසිරුරු නරක් වීම හේතුවෙන් බෝට්ටුවේ කොපමණ සංඛ්‍යාවක් මියගොස් ඇත් ද යන්න සම්බන්ධයෙන් නිශ්චිතව නොදන්නා බව බ්‍රසීල බළධාරීන් උපුටා ගනිමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අදාළ පිරිස බ්‍රසීල ජාතිකයන් විය නොහැකි බවට අනුමාන කරන විමර්ශකයින් පවසන්නේ බොහෝ දුරට ඔවුන් කැරිබියන් දූපත්වල සිට පැමිණි පුද්ගලයින් විය හැකි බවය.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව පළාතේත්, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා…

Read More

දඹරන් සහ මැණික්වලින් නිර්මාණය කළ බවට සැක කෙරෙන දේව ප්‍රතිමාවක් අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මුල්ලේරියාව පොලීසියට ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අංගොඩ සහ කඩුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි. අදාළ දේව ප්‍රතිමාව සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති අතර මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

ඉරානයට පහරදීමට සුදුසු අවස්ථාවක් ලැබෙන තුරු බලාසිටින බව ඊශ්‍රායලය පවසයි. මැදපෙරදිග කලාපය තුළ දරුණු යුද බියක් මවමින් ඉරානය පළමු වරට ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කළේය. ඒ අනුව ඉරානය විසින් ඉකුත් 13 වනදා සහ ඊයේ (14) අලුයම් කාලයේදී ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර රැසක් එල්ල කර තිබුණි. සිරියාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයට එල්ලවූ ඊශ්‍රායල ප්‍රහාරයට පළිගැනීමක් ලෙසින් මෙම ප්‍රහාර දියත් කර තිබුණි. කෙසේවෙතත් ඊශ්‍රායලය පවසන්නේ ඉරාන ප්‍රහාරවලින් සියයට 99ක්ම සාර්ථකව ව්‍යර්ථ කළ බවය. ඉරානය ඊශ්‍රායලයෙන් පළිගන්නා බවට අනතුරු අඟවා තිබුණේ සිරියාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයට ඊශ්‍රායලයෙන් පසුගිය අප්‍රේල් පළමුවැනිදා එල්ලවූ දරුණු ප්‍රහාරයත් සමගිනි. ඉරාන හමුදා ප්‍රධානියෙකු ඇතුළු 13 දෙනෙකු එම…

Read More

වැල්ලවාය – මොනරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල අසල ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් අවුරුදු දෙකයි මාස අටක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ත්‍රීරෝද රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුරක් සිදුව තිබිණි.

Read More

කිරිබත්ගොඩ, හුණුපිටිය ප්‍රදේශයේ ගරාජයක තිබී කාබයිට් ටැංකියක් පුපුරා යාම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (08) උදෑසන එම සිදුවීම වාර්තාවූ බව පොලීසිය පවසයි. එම අනතුරින් මියගොස් ඇත්තේ, දෙවලගම, දෙකටන ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. මේ අතර, කොටුව පොලිස් වසමේ චැතැම් විදියේ පිහිටි පැරණි ගොඩනැගිල්ලක 04 වන මහලේ උළුවහු ජනේලයක් ගැලවී මාර්ගයේ පදික වේදිකාවේ ගමන් කරමින් සිටි පදිකයකුගේ ඇඟට වැටී තිබිණි. පදිකයා එම අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත. තුවාලකරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිව පවසයි. තුවාලකරු කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර කොටුව පොලීසිය වැඩිදුර…

Read More

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී යුද්ධය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්වූවන් රඳවා සිටින සියලු සුබසාධන මධ්‍යස්ථාන මෙම වසරේදී වසා දමන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය පවසයි. මේ වනවිට යාපනය දිස්ත්‍රික්කයේ සුබසාධන මධ්‍යස්ථාන තුනක් ක්‍රියාත්මකව පවතින අතර එහි රැඳී සිටින පවුල් සංඛ්‍යාව 10ක් බව එම අමාත්‍යංශය පැවසුවේය. උතුරු හා නැගෙනහිර පැවති ගැටුම්කාරී වාතාවරණය හමුවේ අවතැන්ව සිටි පවුල්වලින් මේ වනවිට සුබසාධන මධ්‍යස්ථානවලට ඇතුළත් නොවී නැවත පදිංචිය බලාපොරොත්තුවෙන් නෑදෑ හිත මිතුරන්ගේ නිවාසවල පවුල් 1,502ක් රැඳී සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පැවසුවේය. ඉන් පවුල් 212ක් සඳහා ඉඩම් නිදහස් කර ඇති අතර ඔවුන්ට ඉදිරියේදී නිවාස ලබාදීම නියමිතය. එමෙන්ම ඉඩම් අහිමි අනෙකුත් සියලුදෙනාට කඩිමින් ඉඩම්…

Read More