Author: LFN
2024 ලෝකයේ බිලියනපතියන්ලේ ලැයිස්තුව ‘ෆෝබ්ස්’ ව්‍යාපාරික සඟරාව විසින් එළිදක්වා ඇත. එම ලැයිස්තුවේ, ළාබාලතම බිලියනපතියන් අතරේ සිටින 19 හැවිදිරි පාසල් සිසුවියක ද වන ලිවියා වොයිට් ලොව ළාබාලතම බිලියනපතියා වෙයි. බ්‍රසීල ජාතික යුවතියක වන ලිවියා වොයිට්ගේ වත්කම ඇමෙරිකන් ඩොලර් බිලියන 1.1 කි. WEG මෝටර් රථ නිෂ්පාදන සමාගමේ ඇය කොටස්කාරියන වන බැවින් ඇයට මෙසේ ඩොලර් බිලියන ගණනක් උරුම වී ඇත. WEG මෝටර් රථ නිෂ්පාදන සමාගමේ කර්මාන්තශාලා බ්‍රසීලයේ පමණක් නොව, ඇමෙරිකාවේ, මෙක්සිකෝවේ, ආජන්ටිනාවේ, කොලොම්බියාවේ, ඉන්දියාවේ, චීනයේ, පෘතුගාලයේ, දකුණු අප්‍රිකාවේ සහ ජර්මනියේ ඇත. 2024 වසර සඳහා ‘ෆෝබ්ස්’ සඟරාව ප්‍රසිද්ධ කළ බිලියනපතියන් ලැයිස්තුවේ සිටින බිලියනපතියන් අතරේ 25 දෙනකු අවුරුදු 33 අඩු අය වීම විශේෂත්වයකි. ලිවියා වොයිට්ට…
ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග මෙවර IPL තරගාවලිය සඳහා සහභාගී නොවන බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබේ. මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. එසේම එම ආරංචි මාර්ග උපුටාදක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ වනිඳු හසරංගගේ වම් වළලුකර ආශ්‍රිතව ඇති ආබාධ තත්ත්වය සඳහා ඔහුට විවේක ගැන්වීමට අවශ්‍ය බවය. මේ අනුව ප්‍රතිකාර සඳහා ඩුබායි වෙත ගොස් සිටියදී ඔහු මෙම අවස්ථාවේ විවේකගැන්වීම වඩාත් සුදුසු බවට විශේෂඥ උපදෙස් ලැබී ඇති බවද එම වාර්තා පෙන්වා දී තිබේ.
උත්සව කාලසීමාව තුළ ව්‍යාජ මුදල් ජාවාරම්කරුවන් ඇතුළු කූඨ ව්‍යාපාරිකයින් පිළිබඳව දැඩි අවධානයකින් පසුවිය යුතු බව පොලීසිය මහජනතාවට දැනුම්දෙයි. සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් මේ දිනවල ජනතාව විශාල වශයෙන් විවිධ භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින අතර එහිදී විවිධ ජාවාරම්කරුවන් පිළිබඳව ජනතාව කල්පනාකාරී වියයුතු බව පොලීසිය සඳහන් කළේය. මේ අතර උත්සව සමය තුළ විනෝද චාරිකා යෑමේ දී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැහැදිලි කළේය. “චාරිත්‍ර වාරීත්‍ර ඉටුකළාට පස්සේ බොහෝ පිරිස් තමන්ගේ නෑදැයින් බලන්න යනවා. ගම්බිම්වල යනවා. යාළු මිත්‍ර ආදීන් බලන්න යනවා. විවිධ චාරිකා යනවා. විනෝද චාරිකා යනවා මේ නිවාඩු කාලසීමාවේ. මේවායෙදී විශේෂ අවධානය යොමුකළයුතු කාරුණු…
කොළඹ පිහිටි ලොව දෙවැනි පැරණිතම ගොල්ෆ් පිටියේ සුවිශේෂී තරග රැසක් ඉදිරියේදී පැවැත්වීමට සැලසුම් දියත් කර තිබේ. ඒ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයින් ද සහභාගි කරගනිමිනි. කොළඹ නගරයට සුන්දරත්වයක් එක්කළ අක්කර 100කට ආසන්න භූමි ප්‍රමාණයක පැතිර පවතින එම ගොල්ෆ් පිටිය බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකරන ලද්දකි.
බොරලැස්ගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ ගෙළ කපා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු පානදුර ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 49 හැවිරිදි වියේ පසුවන පෙදරේරුවෙකි. සැකකරු පොලීසියට පවසා ඇත්තේ ඝාතනය කරන ලද පුද්ගලයා සහ සිය බිරිඳ අතර වසර 15ක් තිස්සේ අනියම් සම්බන්ධතාවයක් ඇති බවය. පසුගිය දිනක බිරිඳ නිවසින් පිටව ගිය බවත් ඇය ඔහු සමග සිටිනු ඇතැයි යන සැකය මත තමන් මෙම ඝාතනය කළ බවත් සැකකරු පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ. සැකකරු වැඩිදුරටත් පවසා ඇත්තේ තමන්ට වයස අවුරුදු 24ක සහ 17 ක දියණියන් දෙදෙනෙකු සිටින බවත් ඔවුන්ට සමාජයෙන් සිදුවන අවමන් ඉවසාගැනීමට නොහැකිව මෙම අපරාධය සැලසුම් කළ බවත්ය. ඒ අනුව බෙල්ලන්තර හංදිය…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (07) ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් අම්මපාර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට…
සටන් පාඨ හා තර්කවලට යටත් නොවී, රට සහ තාරුණ්‍ය ඉදිරියට ගෙන යා හැකි වැඩපිළිවෙළක් දියත්කිරීමේ අවශ්‍යතාව මතුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “මගෙන් පටන් ගමු” අනුරාධපුර දිස්ත්‍රික් තරුණ සමුළුවට ඊයේ (06) පස්වරුවේ එක්වෙමිනි. “අපි දැන් යම් ස්ථාවරභාවයක් ඇතිකරගෙන යනවා. IMF සංවිධානය අපි බංකොළොත් ලැයිස්තුවෙන් අයින් කරලා. අනාගතය ගැනයි දැන් හිතන්න තියෙන්නේ. අපි හිතනදේට වඩා ඔබ හිතනදේ වැදගත්. මට ඔබේ අදහස් ලබාදෙන්න කවුද නිවේදක වෙන්නේ?. මම වාඩිවෙලා අහන් ඉන්නම් කවුද ප්‍රශ්න කරන්න කැමති.” ගැටලු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සමුළුවට පැමිණ සිටි අයෙක් – ඔබතුමාගෙන් මම බලාපොරොත්තුවනවා අධ්‍යාපනවේදීන්ට හොඳ වැඩපිළිවෙළක්…
කොළඹ 10 ටී බී ජයාමාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට මරදාන පොලිසිය විශේෂ ආරක්ෂාවක් යොදවා ඇත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මරදාන පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මෙම ආරක්ෂාව යොදවා ඇත එහි තිබූ ලිපිගොනු වගයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් වැඩ බලන මහලේකම්වරයා මෙම පැමිණිල්ල කර තිබුණි ඒ අනුව මරදාන පොලිසිය එහි ගේට්ටු වසා තිබියදී අද උදෑසන 9යි තිහට පමණ වැඩ බලන මහලේකම්වරයා ආසන සංවිධායකවරුන් සමග එහි පැමිණ ඒ ආසන්නයේම පිහිටි වෙනත් ගොඩනැගිල්ල ක රැස්විමක් පැවැත්වීමට ඒ තුළට යාමට අවසර ඉල්ලුවද පොලිසිය ඊට අවසර දී නැත මේ හේතුවෙන් වැඩ බලන මහලේකම්වරයාට සිය ආසන සංවිධා…
වැල්ලවාය අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ ගංජා කිලෝ ග්‍රෑම් 171යි ග්‍රෑම් 285 ක් සහ නඩු බඩු වශයෙන් තිබූ ගිනි අවියක් සොරාගෙන ගියේ යැයි කියන එම අධිකරණයේ කාර්යාල කාර්ය සහායකයෙක් වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස් ලන්ද, මා වෙළගම ප්‍රදේශයේ පදිංචි හතළිස් තුන් හැවිරිදි අයෙකි. මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි දෙලක්ෂයක් පමණ වන බව පොලිසිය සඳහන් කරයි. නඩු භාණ්ඩ කාමරයේ තිබී සොරාගන්නා ලද විදේශීය නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවිය නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබී ඇත්තේ ගෝනගං ආර පොලිසිය විසිනි.
එළැඹෙන සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව පවත්වන අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි වන ආකාරයේ උත්සව අංග සහ ක්‍රීඩා ඇතුළත් කර තිබේ නම් ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. අවුරුදු උත්සවවල පවත්වන සදාචාර විරෝධී උත්සව අංග ඉවත් කිරීම හා නිර්මාණාත්මක අංග එකතු කිරීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. අවුරුදු උත්සව පැවැත්වීමට අදාළ උපදේශන මාලාවක් මේ වන විට සියලුම දිස්ත්‍රික් ලේකම්වරු මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම්වරු වෙත ලබා දී තිබේ. ඒ අනුව අවුරුදු උත්සවවලට ඇතුළත් කර ඇති උත්සව අංග සහ ක්‍රීඩා අදාළ ප්‍රාදේශීය ලේකම්…