Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රටේ අවශ්‍යතාවය සටන් පාඨ හා තර්ක නොවෙයි – ජනපති
    Featured

    රටේ අවශ්‍යතාවය සටන් පාඨ හා තර්ක නොවෙයි – ජනපති

    By LFNApril 7, 2024No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සටන් පාඨ හා තර්කවලට යටත් නොවී, රට සහ තාරුණ්‍ය ඉදිරියට ගෙන යා හැකි වැඩපිළිවෙළක් දියත්කිරීමේ අවශ්‍යතාව මතුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “මගෙන් පටන් ගමු” අනුරාධපුර දිස්ත්‍රික් තරුණ සමුළුවට ඊයේ (06) පස්වරුවේ එක්වෙමිනි.

    “අපි දැන් යම් ස්ථාවරභාවයක් ඇතිකරගෙන යනවා. IMF සංවිධානය අපි බංකොළොත් ලැයිස්තුවෙන් අයින් කරලා. අනාගතය ගැනයි දැන් හිතන්න තියෙන්නේ. අපි හිතනදේට වඩා ඔබ හිතනදේ වැදගත්. මට ඔබේ අදහස් ලබාදෙන්න කවුද නිවේදක වෙන්නේ?. මම වාඩිවෙලා අහන් ඉන්නම් කවුද ප්‍රශ්න කරන්න කැමති.”

    ගැටලු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව

    සමුළුවට පැමිණ සිටි අයෙක් – ඔබතුමාගෙන් මම බලාපොරොත්තුවනවා අධ්‍යාපනවේදීන්ට හොඳ වැඩපිළිවෙළක් එක්ක උතුරු මැද පලාතට සුබදායක පිළිතුරක් ලැබෙනවානම් හොඳයි කියලා.

    ජනාධිපතිවරයා – බස්නාහිර පලාතේ 2300ක් අරගත්තා. තව 700ක් ගන්න ඉන්නවා. 4000කට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම දන්නේ නැහැ උතුරු මැද පළාත ගැන. එන්න එන්න ඔයා ඇවිත් කියන්න දැනට සම්මුඛ සාකච්ඡා යනවා කිව්වා. මෙයා කියනවා සම්මුඛ සාකච්ඡාවට කැඳවුයේ නැහැ කියලා. මට කරුණු ටික ලියලා දෙන්න. තේරුවේ නැත්නම් දේශපාලනය කරන්න බැහැ

    සමුළුවට පැමිණ සිටි අයෙක් – ජනාධිපතිතුමනි වසර ගණනක් තිස්සේ නොච්චියාගම ප්‍රදේශය හරහා ගමන් කරන පාරක් තියෙනවා. නමුත් මේ පාරේ වලවල් හැදිලා පයින් යන්නවත් බැරි තත්ත්වෙට ඇවිත්

    ජනාධිපතිවරයා – මම සැකකරුගෙන් අහන්නම් මොකක්ද වෙන්නේ කියලා

    සමුළුවට පැමිණ සිටි අයෙක් – අපි නගර සභාවේ, ප්‍රාදේශීය සභාවේ අනියම් සේවකයෝ අපේ 8430ක් ඉන්නවා. කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙනවා.හැමදාම ස්ථිරවෙනවා කියනවා. දැන් අවුරුදු 10 ක් මගේ සේවා කාලය. දවසින් දවසට වයසට යනවා.

    ජනාධිපතිවරයා – මම දන්නවා කොටසක් අනුමත කරලා තිබුණා. කොටසක් අනුමත කරලා තිබුණේ නැහැ. පසුව අනුමත කරනවා කියලා තියෙනවා.

    සමුළුවට පැමිණ සිටි අයෙක් – ඔබතුමා අපිව ස්ථිර කරන්න පිං සිද්ධ වෙනවා.

    සමුළුවට පැමිණ සිටි අයෙක් – අපි තරුණියන් වශයෙන් ඔබතුමාට කැමතියි.දැනගන්න කැමතියි රජරට තරුණියන් වෙනුවෙන් ඉදිරි සැලැස්ම ගැන?

    ජනාධිපතිවරයා – බංකොලොත්භාවයෙන් පිටවුණාම ආපහු බැංකුවත් එක්ක ගනුදෙනු කරයි, සමාගම් අපිත් එක්ක ගනුදෙනු කරයි.රට දියුණුවෙයි. එතැන සිට අපි කොහොමද ඉදිරියට යන්නේ? කොහොම අනාගතයක්ද වුවමනා? අපි මේ තත්ත්වෙට ආපහු වැටෙනවාද නැද්ද? කවුද මෙතන ඉන්න කැමති අය? කැමතිද? අපොයි නැහැ කියනවා. හැම දේශපාලන පක්ෂයකින්ම අහන්න කෙලින් කියන්න කියලා මොකක්ද කරන්නේ කියලා. අපි ගත් ගිවිසුම තියෙනවා ද නැද්ද? ඉස්සරහට යනවාද නැද්ද? මොකක්ද අනාගතයේ තියෙන්නේ?

    මැයි මාසය වනවිට ප්‍රතිව්‍යුහගතකිරීමේ නීතිය නමින් අලුත් නීතියක් ගේනවා. ඒක සම්මත කරගන්න. ඒක සම්මත කළාම තමයි අපිට ඉදිරියට යන්න පුළුවන්. 2042 වනතුරු කල්ගන්න. ණය ගන්න ප්‍රමාණයෙන් කොටසක් අයින් කරන්න. ඒ වැඩ කටයුත්ත කරනවානම් අපි ඉදිරියට යා යුතුයි. අපනයන ආර්ථිකයක් ඇතිකරන්න. මෙය භාරගෙන යනවානම් මම හිතන්නේ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙනවා. නැත්නම් අපි හැමෝම සටන් පාඨවලට යටවෙනවා. විවිධ තර්කවලට යටවෙනවා. රට මොකක්ද කරන්නේ කියලා අපිට අමතක වෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.