Close Menu
Lanka Focus News
    What's Hot

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රවේසම්වන්න – පොලීසියෙන් නිවේදනයක්
    Featured

    ප්‍රවේසම්වන්න – පොලීසියෙන් නිවේදනයක්

    By LFNApril 7, 2024No Comments1 Min Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උත්සව කාලසීමාව තුළ ව්‍යාජ මුදල් ජාවාරම්කරුවන් ඇතුළු කූඨ ව්‍යාපාරිකයින් පිළිබඳව දැඩි අවධානයකින් පසුවිය යුතු බව පොලීසිය මහජනතාවට දැනුම්දෙයි.

    සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් මේ දිනවල ජනතාව විශාල වශයෙන් විවිධ භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින අතර එහිදී විවිධ ජාවාරම්කරුවන් පිළිබඳව ජනතාව කල්පනාකාරී වියයුතු බව පොලීසිය සඳහන් කළේය.

    මේ අතර උත්සව සමය තුළ විනෝද චාරිකා යෑමේ දී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැහැදිලි කළේය.

    “චාරිත්‍ර වාරීත්‍ර ඉටුකළාට පස්සේ බොහෝ පිරිස් තමන්ගේ නෑදැයින් බලන්න යනවා. ගම්බිම්වල යනවා. යාළු මිත්‍ර ආදීන් බලන්න යනවා. විවිධ චාරිකා යනවා. විනෝද චාරිකා යනවා මේ නිවාඩු කාලසීමාවේ. මේවායෙදී විශේෂ අවධානය යොමුකළයුතු කාරුණු කිහිපයක් තියෙනවා. ගමන් කරන වාහන පුද්ගලික වාහන වෙන්න පුළුවන් පොදු වාහනයක් වෙන්න පුළුවන්. පුද්ගලික වාහනයක් නම් ඔබගේ වාහනය ධාවනය කරන රියදුරා මත්පැන් පානය කරලා ඉන්නවාද? අධික වේගයෙන් ගමන් කරනවද? ඒ වගේම තමයි මාර්ග නීති කඩකරනවාද කියලා අවධානය යොමු කරන්න. පොලිස් නිලධාරීන් අපි රාජකාරියේ යොදවලා ඉන්නවා දිවයින පුරාම දැඩි ලෙස රථ වාහන නීතිය ක්‍රියාත්මක කරනවා පොදු ප්‍රවාහන සේවකයින් මෙවැනි රියදුරෙක් ඉන්නවනම් ඔබට එරෙහි වෙන්නට අයිතිය තියෙනවා. මේ පුද්ගලයා මත්පැන් පානය කරලා කියලා තේරුණොත්, මාර්ග නීති කඩ කරමින් ගමන් කරනවා කියලා තේරුණොත් ඔබට විරුද්ධ වීමේ අයිතිය තියෙනවා. විශේෂයෙන්ම අදිවේගී මාර්ගයේ යම් කාරණයක් සිදුවූවොත් 1969 දැනුම්දීම් කරන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026010 Views

    පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක්, ගැහැණු ළමුන් දෙදෙනෙකු හා පිරිමි ළමයෙකු…

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.