Author: LFN
පාසල් භුමියේ ගොඩගසා තිබූ කොන්ක්‍රීට් බොක්කුවක් ඇඟ මතට පෙරළීමෙන් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවෙකු රෝහලගත කිරීමෙන් පසු මියගොස් ඇත. ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මස්කෙලිය ගාඩ්මොර් වතුයායේ පදිංචිව සිටි එම පාසලේ 6 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි එස්.අනිෂන් නමැති 11 හැවිරිදි සිසුවෙකි. ජීවිතක්ෂයට පත් පාසල් සිසුවා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග ඊයේ (04) දින පස්වරු 1.30 ට පමණ වැසිකිළිය වෙත යාම සඳහා පැමිණි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණපා තිබේ. පාසල් භුමියේ ගොඩගසා තිබු කොන්ක්‍රිට් බොක්කුවක් සිසුවාගේ ඇඟ මතට පෙරළීමෙන් සිසුවා වැසිකිළියේ බිත්තියට සිරවී බරපතළ ලෙස තුවාල ලබා තිබුණි. පසුව පාසලේ ගුරුවරුන් සහ අසල්වාසින් එක්වී තුවාල ලබා සිටි සිසුවා සුවසැරිය ගිලන් රථය මගින් මස්කෙලිය ප්‍රාදේශීය රෝහලට…
හිටපු අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ නිවසට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 68 දෙනෙකු නිදහස් කිරීමට හලාවත අධිකරණය ඊයේ (04) තීරණය කළ බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ස්විනි පෙරේරා මහතා පැවසීය. මෙම නඩුවේ සාක්ෂි සඳහා සිටි දෙදෙනාම මිය යෑමත් පොලීසිය සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමත් හේතුවෙන් සැකකරුවන් නිදහස් කිරීමට අධිකරණය තීරණය කළ බවද එහිදී නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.
ශක්තිමත් ආර්ථිකයක් සමග විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා හැකි පරිසරයක් අද රට තුළ නිර්මාණය වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, රත්නපුරයේ ස්ථාපිත ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයේදීය. රත්නපුර, දෙමුවාවත ඉදිකළ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානය එනම් රත්නපුර මැණික් කුලුන ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි. එහි පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ 3,650ක වියදමකින් ඉදිකළ පස් මහල් ගොඩනැඟිල්ල ව්‍යාපාරික ස්ථාන 27කින් සමන්විතය. මින් මැණික් අලෙවිකරුවන්ට සහ ගැණුම්කරුවන්ට ජාත්‍යන්තර මැණික් වෙළෙඳාම් කටයුතුද එකම වහලක් යට ක්‍රමවත්ව හා ආරක්ෂිතව සිදුකිරීමට ඉඩ සැලසෙයි. මෙම මධ්‍යස්ථානය ආසියාවේ මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය සඳහා…
විවිධ ලෙඩ රෝග පැතිරීම ඉතාමත් පහසුවෙන් සහ වේගවත්ව සිදුවන්නේ මීයන් සහ වවුලන්ගෙන් බවට කාලාන්තරයක් පුරා තිබූ මතය වෙනස් කිරීමට විද්‍යාඥයින් පිරිසක් සිදුකළ පර්යේෂණයකට හැකිව තිබේ. එම පර්යේෂණයට අනුව හෙළි වී ඇත්තේ මෙම සත්තුන්ට වඩා මිනිසාගෙන් රෝග සම්ප්‍රේෂණය ඉතා වේගයෙන් සිදු වන බවය. එංගලන්තයේ University College London හි පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදුකළ එම පර්යේෂණයෙන් හෙළි වී ඇත්තේ සතුන්ට වඩා දෙගුණයක් වේගයෙන් මිනිසාගෙන් වෛරසයක් සම්ප්‍රේෂණය විය හැකි බවය. ඔවුන් සිදුකළ වෛරස් විශ්ලේෂණ අනුව බොහෝ අවස්ථාවන්හිදී එනම් 64% ක දී පමණ වෛරස් මිනිසුන්ගෙන් වෙනත් සතුන්ට සම්ප්‍රේෂණය වී ඇති බව සොයාගෙන ඇත. එමෙන්ම මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් ද රෝග පැතිරීමට දායක වන බව ඔවුන් පෙන්වා…
අද (05) සවස 2න් පමණ පසු බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම නිවේදනය නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි. වයඹ පළාතේත් මන්නාරම සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි. දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට…
හැටන් නගරයේ බස් නැවතුම්පොළේ ආහාර පාන අලෙවි කරමින් සිටි 21 හැවිරිදි තරුණයෙක් සිව් මසක් පුරා අතුරුදන් වී ඇතැයි හැටන් පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ. එම තරුණයාගේ පියා විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. හැටන් බස් නැවතුම්පොලේ වඩේ ඇතුළු සුළු ආහාර අලෙවි කරමින් ජිවන උපාය සිදුකරගෙන යන තමන්ට දරුවන් තිදෙනෙකු සිටින බවත්, ඉන් වැඩිමහල් පුතා වන ආර්. මහමුද් නැමැත්තා පසුගිය දෙසැම්බර් 13 වන දින සිට අතුරුදන්ව ඇතැයි එම පියා විසින් පොලීසියට පැමිණිලි කර තිබේ. වෙළෙඳාම් කටයුතු සඳහා උපකාර කිරීමට යන බව පවසා අදාළ තරුණයා නිවසින් පිටව ගොස් ඇති අතර, මේ සම්බන්ධයෙන් දෙසැම්බර් 15 වන දින පියා විසින් පොලීසියට පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.…
ඉදිරියේදී එන අවුරුදු නිවාඩු සමයේදී ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවා කිසිඳු අඩුපාඩුවකින් තොරව රට තුළ පවත්වාගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ. ඊට අදාළ රජයේ නිලධාරීන්ට සහ අමාත්‍යාංශ වෙත ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් දී ඇති බව සඳහන්ය.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු පිරිසක් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස්පතිවරයාට හෙට (05) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. අදාළ පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කළහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අලුත් ගමනක් යෑමට එක්වන ලෙස සියලුම දෙනාට ආරාධනා කරන බව දුමින්ද දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර අද (04) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මෙම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වුණි. එහිදි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ, “හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මේ විනාශය බලාගෙන ඉන්න බැරුව අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වුණා. ඒ අනුව පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතාට වාරණ නියෝගයක් පැනවුණා.”
දිවුලපතන ගම්මානය ආශ්‍රිතව ඉදිකර තිබෙන ආරක්ෂිත මුරකපොලු ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. අම්පාර දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව බහුතරයක් වාසය කරන දිවුලපතන ගම්මානය ආශ්‍රිතව ඉදිකර තිබෙන ආරක්ෂිත මුරකපොලු ඉවත්කොට එම ජනතාවට නිදහසේ ජීවත් විය හැකි වතාවරණයක් උදාකර දීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි සහ දිවුලපතන ගම්වාසින් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු, නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඇතුළු පිරිසක් නම්…