Close Menu
Lanka Focus News
    What's Hot

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රෝග ව්‍යාප්තිය ගැන බරපතළ අනාවරණයක්
    Featured

    රෝග ව්‍යාප්තිය ගැන බරපතළ අනාවරණයක්

    By LFNApril 5, 2024No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විවිධ ලෙඩ රෝග පැතිරීම ඉතාමත් පහසුවෙන් සහ වේගවත්ව සිදුවන්නේ මීයන් සහ වවුලන්ගෙන් බවට කාලාන්තරයක් පුරා තිබූ මතය වෙනස් කිරීමට විද්‍යාඥයින් පිරිසක් සිදුකළ පර්යේෂණයකට හැකිව තිබේ.

    එම පර්යේෂණයට අනුව හෙළි වී ඇත්තේ මෙම සත්තුන්ට වඩා මිනිසාගෙන් රෝග සම්ප්‍රේෂණය ඉතා වේගයෙන් සිදු වන බවය.

    එංගලන්තයේ University College London හි පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදුකළ එම පර්යේෂණයෙන් හෙළි වී ඇත්තේ සතුන්ට වඩා දෙගුණයක් වේගයෙන් මිනිසාගෙන් වෛරසයක් සම්ප්‍රේෂණය විය හැකි බවය.

    ඔවුන් සිදුකළ වෛරස් විශ්ලේෂණ අනුව බොහෝ අවස්ථාවන්හිදී එනම් 64% ක දී පමණ වෛරස් මිනිසුන්ගෙන් වෙනත් සතුන්ට සම්ප්‍රේෂණය වී ඇති බව සොයාගෙන ඇත.

    එමෙන්ම මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් ද රෝග පැතිරීමට දායක වන බව ඔවුන් පෙන්වා දී ඇත.

    එනම් සතුන්ගේ වාසස්ථාන විනාශ කිරීම, පරිසර දූෂණය වැනි අහිතකර ක්‍රියාවන් හේතුවෙන් වේගයෙන් මිනිසාගෙන් විවිධ ලෙඩ රෝග සතුන්ට සම්ප්‍රේෂණය විය හැකි බව ඔවුන් පෙන්වා දී තිබේ.

    මෙම තත්ත්වය මිනිසාට මෙන්ම සතුන්ටද තර්ජනයක් වන බව ඔවුන් පවසයි.

    ව්‍යාප්ත වන වෛරස නව ධාරකයා තුළ පරිණාමය විය හැකි අතර ඒ අනුව මිනිසාගෙන් සතුන්ටත්, සතුන්ගෙන් නැවතත් මිනිසුන් වෙතටත් පැතිරීම සිදුවිය හැකි බව විද්‍යාඥයින් පෙන්වා දී ඇත.

    එය වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් විශේෂයන්ට දිගින් දිගටම තර්ජනයක් විය හැකි බව පර්යේක්ෂකයින් පවසයි.

    සතුන් සහ මිනිසුන් අතර වෛරස් සම්ප්‍රේෂණය වීම පිළිබඳව සමීක්ෂණය කිරීම සහ අධීක්ෂණය කිරීම මගින්, අපට වෛරස් පරිණාමය වන අයුරු වඩා හොඳින් අවබෝධ කර ගත හැකි වන අතර, අනාගතයේදී නව රෝග පැතිරීම් සහ වසංගත සඳහා වඩාත් සූදානම් විය හැකිය බවත් එම පර්යේක්ෂකයින් පෙන්වා දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026010 Views

    පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක්, ගැහැණු ළමුන් දෙදෙනෙකු හා පිරිමි ළමයෙකු…

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.