Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති මැණික් කුලුන විවෘත කරයි
    Featured

    ජනපති මැණික් කුලුන විවෘත කරයි

    By LFNApril 5, 2024No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශක්තිමත් ආර්ථිකයක් සමග විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා හැකි පරිසරයක් අද රට තුළ නිර්මාණය වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, රත්නපුරයේ ස්ථාපිත ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයේදීය.

    රත්නපුර, දෙමුවාවත ඉදිකළ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානය එනම් රත්නපුර මැණික් කුලුන ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

    එහි පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ 3,650ක වියදමකින් ඉදිකළ පස් මහල් ගොඩනැඟිල්ල ව්‍යාපාරික ස්ථාන 27කින් සමන්විතය.

    මින් මැණික් අලෙවිකරුවන්ට සහ ගැණුම්කරුවන්ට ජාත්‍යන්තර මැණික් වෙළෙඳාම් කටයුතුද එකම වහලක් යට ක්‍රමවත්ව හා ආරක්ෂිතව සිදුකිරීමට ඉඩ සැලසෙයි.

    මෙම මධ්‍යස්ථානය ආසියාවේ මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය සඳහා ප්‍රමුඛතම විකුණුම් මධ්‍යස්ථාන වන බැංකොක් හා හොංකොං හී මෙන් ස්වාධීන තත්ත්ව පරීක්ෂණ සේවා, රසායනාගාර සේවා සහ බැංකු මෙන්ම අපනයන සේවාද සපයනු ලබයි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “එදා ත්‍රීවිල් ඔක්කොම තල්ලුකරගෙන ගියේ. අද ඕන තරම් ඉන්ධන තියෙනවා. දෙස් විදෙස් මගීන් ඉන්නවා. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ත්‍රීවිලර් එකේ දාගෙන… ජාතික ජන බලවේගයට ජය වේවා කියලා පෝස්ටරයක් අලවගෙන යන්න පුළුවන්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.