Author: LFN

පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවකට සහභාගීවීමට ගිය 17 හැවිරිදි සිසුවෙකු දින 15ක් තිස්සේ අතුරුදන්වී ඇතැයි ඔහුගේ ඥාතීන් පවසයි. එම සිසුවා, සිය 21 හැවිරිදි පෙම්වතිය සමග මුහුදු වෙරළට ගොස් සිටියදී රළ පහරකට හසුවූ බව පෙම්වතිය පොලීසියට පවසා ඇතත් සිසුවාගේ ඥාතීන්ට ඒ පිළිබඳ සැක මතුවී තිබේ. ඒ අනුව ගාල්ල, වලහන්දූව ප්‍රදේශයේ පදිංචි සෙනුක දේශාන් නම් සිසුවෙක් පසුගිය මාර්තු 18 වනදා සිට අතුරුදන්ව සිටී. ඔහු එදින පෙරවරුවේ සිය නිවසින් පිටව ගොස් තිබුණේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවකට සහභාගී වන බව මවට පවසමිනි. පසුව හෙළිවී ඇත්තේ 17 හැවිරිදි සෙනුක සිය 21 හැවිරිදි පෙම්වතිය සමග සවස් කාලයේ ගාල්ල ජංගල් බීච් වෙත ගොස් ඇයගේ උපන්දිනය සමරා…

Read More

ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ඊයේ (02) තීන්දු කළේය. ඒ, විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. දමිතා අබේරත්න සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ විනිසුරු මඩුල්ල පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට තීරණය කරමින් පෙත්සම විභාගයට ගැනීම සඳහා වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙස නියෝග කර තිබේ. ඉන් අනතුරුව පෙත්සම යළි…

Read More

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ. මේ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

කොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල තිබෙන ගැටලු පිළිබඳ සොයා බලා ඒවාට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබාදී ඇත්තේ කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවට එක් වෙමිනි. කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී තිබෙන අභියෝග පිළිබඳව මෙහිදී අදාළ නිලධාරීන් ජනාධිපතිවරයාව දැනුවත් කර තිබේ. ගුරු පුරප්පාඩු, පන්ති කාමර හිඟය සහ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම, ඉස්ලාම් දහම සිංහලෙන් ඉගැන්වීමේ දුෂ්කරතා සහ මුස්ලිම් ප්‍රජාව බහුතරයක් වෙසෙන ප්‍රදේශවල මුස්ලිම් පාසල් නොමැතිකම වැනි ගැටලු පිළිබඳ ‍මෙහිදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය…

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ප්‍රථමයෙන් ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවට ජනාධිපතිවරයා ඇතුළු පාර්ශව විවිධ ප්‍රකාශ සිදුකළ ද මහ මැතිවරණයක් ලබාගැනීමේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උත්සාහය මේ වන තෙක් අවසන්ව නොමැති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. පොදුජන පෙරමුණ නියෝජනය කරන බොහෝ මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවලදී මෙන්ම දේශපාලන සාකච්ඡාවලදීද මහ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ විවිධ අදහස් පළ කරයි. ඒ අනුව සිංහල අලුත් අවුරුද්දෙන් පසුව කිසියම් දේශපාලන පෙරළියක් සිදුවනු ඇති බව දේශපාලන කේෂ්ත්‍රයේ කතාබහට ලක්ව ඇත. කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යධුර දරන කණ්ඩායමක් ජනාධිපතිවරයා සමඟ එක්ව කටයුතු කළ යුතු බවට පසුගිය දා පැවැති විධායක සභාවේ දී ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රකාශයත් සමඟ දැනට අමාත්‍ය ධුර දරන කංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග,…

Read More

බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කර තිබූ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය. ඥානසාර හිමියන්ට සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතාම විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. දැනට නියම කර තිබෙන වසර හතරක සිරදඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා විත්තිකාර ඥානසාර හිමියන් ඇපමත මුදාහරින ලෙස ඉල්ලමින් ඔහුගේ නීතිඥවරු විසින් මෙම ඇප ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 9 දෙනෙක් සහ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. බස්නාහිර පළාත හා දකුණු පළාත මුලික කරගෙන ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා සිදුකරන විශේෂ යුක්තිය මෙහෙයුම යටතේ මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. ඊයේ (01) ගාල්ල අපරාධ කොට්ටඨාසයේ නිලධාරීන් විසින් ගෝනපීනුවල පොලිස් වසමේ වැටලීමක් සිදුකර 32 හැවිරිදි අපරාධ කල්ලි සාමාජිකාවක් අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර, ගාල්ල අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින්ම බේරුවල වැටලීමක් සිදුකර 40 හැවිරිදි හිඟුරක්ගොඩ පදිංචි සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් අයිස් මිලිග්‍රෑම් 360ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර හික්කඩුව පොලිස් වසමේ තිරාණගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී 32 හැවිරිදි අපරාධ කල්ලි…

Read More

ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී පසුගියදා අමෙරිකාවේ බොල්ටිමෝ පාලමෙහි ගැටුණු භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ අඩංගු ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට නිසි අවසරයක් ගෙන තිබුණේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. එම පරීක්ෂණය මේ වනවිටත් ආරම්භකර ඇති බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා එම නෞකාවේ තිබූ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර නොතිබූ බවත් පැවසීය. “ඇත්තවශයෙන්ම මේ නැව හැප්පුණු නිසා තමයි එහි තිබූ භාණ්ඩ ගැන දැනගන්නට පුළුවන් වුණේ..” ඔහු ඒ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි. ද ඩාලි නම් එම භාණ්ඩ ප්‍රවාහන නෞකාව මාර්තු 26…

Read More

ප්‍රදේශ දෙකකින් මනුෂ්‍ය ඝාතන දෙකක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි. ඊයේ (02) එම ඝාතන සිදුව ඇත්තේ, කලවාන සහ මූතූර් පොලිස් වසම්වලින්ය. මූතුර්, බහිරියා නගර් කලපු ප්‍රදේශයේ දී පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇතැයි පොලීසියට තොරතුරක් ලැබී තිබිණි. එලෙස මියගොස් ඇත්තේ, බහිරියා නගර්, මූතුරු 01 ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි අයෙකි. මරණකරුගේ දෑත් සහ දෙපා ගැට ගසා දෙඅත්වල වැලි උරයක්ද ගැට ගසා තිබී ඇති අතර මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට පොලීසිය සැකකරයි. මෙම පුද්ගලයා පසුගිය 30 වනදා රාත්‍රී කාලයේදී කිසිවෙකුටත් නොදන්වා නිවසින් පිටව ගොස් ඇති බවත් ඔහු මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයෙකු බවටත් අනාවරණය වී ඇති බව වාර්තා වේ. ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට…

Read More