Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහමැතිවරණයක් ලබාගැනීමේ සටන පොහොට්ටුව අත්නොහරින ලකුණු
    Featured

    මහමැතිවරණයක් ලබාගැනීමේ සටන පොහොට්ටුව අත්නොහරින ලකුණු

    By LFNApril 2, 2024No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රථමයෙන් ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවට ජනාධිපතිවරයා ඇතුළු පාර්ශව විවිධ ප්‍රකාශ සිදුකළ ද මහ මැතිවරණයක් ලබාගැනීමේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උත්සාහය මේ වන තෙක් අවසන්ව නොමැති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    පොදුජන පෙරමුණ නියෝජනය කරන බොහෝ මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවලදී මෙන්ම දේශපාලන සාකච්ඡාවලදීද මහ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ විවිධ අදහස් පළ කරයි.

    ඒ අනුව සිංහල අලුත් අවුරුද්දෙන් පසුව කිසියම් දේශපාලන පෙරළියක් සිදුවනු ඇති බව දේශපාලන කේෂ්ත්‍රයේ කතාබහට ලක්ව ඇත.

    කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යධුර දරන කණ්ඩායමක් ජනාධිපතිවරයා සමඟ එක්ව කටයුතු කළ යුතු බවට පසුගිය දා පැවැති විධායක සභාවේ දී ප්‍රකාශ කර තිබේ.

    මෙම ප්‍රකාශයත් සමඟ දැනට අමාත්‍ය ධුර දරන කංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු පිරිසක් ඉදිරියේ දී කණ්ඩායමක් ලෙස ජනාධිපතිවරයාට සහය පළ කිරීම සඳහා එක්වනු ඇති බව වාර්තා වේ.

    මෙම තත්වය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවදුරටත් අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ.

    මේ අතර එළඹෙන ජනාධිපතිවරණයේ දී ඡන්ද දායකයන් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති බව සඳහන්ය.

    2019 වර්ෂයේ දී අවසන් වරට පැවැති ජනාධිපතිවරණය සඳහා ඡන්ද දායකයින් එක් කෝටි හැට ලක්ෂයක් සුදුසුකම් ලබා තිබුණ ද මෙවර එම සංඛ්‍යාව ලක්ෂ 10කින් වැඩි වී තිබේ.

    වයස අවුරුදු 18 සම්පුර්ණ වු ඡන්ද දායකයින් මෙලෙස සුදුසුකම් ලබා ඇති බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202603 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.