Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»අද දේශපාලනය වෙනස් – ජනපති
    Hot News

    අද දේශපාලනය වෙනස් – ජනපති

    By LFNApril 8, 2024No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊයේ (07) සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    මේ වනවිට එහි ආර්ථික ප්‍රතිපත්තිය හසුරුවන්නේ පොහොට්ටුවෙන් පිටමන් කළ කණ්ඩායම විසින් බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.

    2020 දී එක්සත් ජාතික පක්ෂයේ අයිතිය ප්‍රකාශ කරමින්, සිරිකොත අල්ලා ගැනීමට සූදානම්ව සිටි සමගි ජන බලවේගය අද පොහොට්ටුවේ සභාපති ඇතුළු පිරිසට යටවී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, මහනුවර ජනාධිපති මන්දිරයේදී ඊයේ (07) පැවති දේශපාලන පක්ෂ නියෝජිත හමුව අමතමිනි.

    2022 ජූලි මාසයේ සිදුවූ දේශපාලන පෙරළිය සමග මෙරට පක්ෂ ක්‍රමයද වෙනසකට ලක්වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කළ ද අද සියලුදෙනා රට පිළිබඳ සිතා රජයේ වැඩපිළිවෙළ සමඟ සහයෝගයෙන් ඉදිරියට යා යුතු බවද පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

    “පසුගිය කාලයේ දේශපාලන පක්ෂ තුළ බෙදිමක් ඇති වුණා. පොහොට්ටුවේ සභාපති සහ සුළුතරයක් විපක්ෂයට ගියා. දැන් එම කණ්ඩායම සමගි ජනබලවේගය අල්ලාගෙන සිටිනවා. 2020 සමගි ජන බලවේගය ප්‍රකාශ කළේ අපි එක්සත් ජාතික පාක්ෂිකයෝ ඒ නිසා සිරිකොත අල්ලාගන්න ඕන කියලා. එසේ පැවසු සමගි ජන බලවේගය අද පොහොට්ටුවෙන් පිටමන් කළ කණ්ඩායමට යට වී සිටිනවා.”

    “අද සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂය නැහැ. එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කළේ මමයි. ජේ.ආර්. ජයවර්ධන, ආර්, ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග මේ සියලුදෙනා සමඟ අපි වැඩකළා.”

    “අද සමගි ජන බලවේගයට එක්සත් ජාතික පක්ෂය කියන්න කිසිම අයිතියක් නැහැ. අද අපට පොදුජන පෙරමුණ සමඟ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ද වැඩ කිරීමට සිදුව තිබෙනවා. රට වෙනුවෙන් අපි එකට සිටිය යුතුයි. අද දේශපාලනය වෙනස් වෙලා.”

    මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන සංසදයේ සහාය ජනාධිපතිවරයා වෙත පළ කරමින් සංවිධානය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන සභාපතිවරුන්ගේ හමුවකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී එක් විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 202605 Views

    ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 2026…

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.