Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»තායිවාන භූ කම්පනයෙන් විශාල පිරිසක් සුන්බුන් අතර
    International

    තායිවාන භූ කම්පනයෙන් විශාල පිරිසක් සුන්බුන් අතර

    By LFNApril 4, 2024No Comments2 Mins Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයෙන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

    වසර 25කට පසුව එරටට බලපෑ ප්‍රබලතම භූකම්පනය මෙය වන අතර සුන්බුන් අතර සිරවී සිටින පිරිස මුදාගැනීමට තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.

    තායිවාන භූ කම්පනයේ අපිකේන්ද්‍රය සටහන් වූයේ එරට නැගෙනහිර වෙරළබඩ හුවාලියෑන් නගරයට කිලෝමීටර් 18ක් පමණ දුරින් පැසිෆික් සාගරයේය.

    රික්ටර් මාපකයේ ඒකක 7.4ක් සටහන් වූ භූ කම්පනයෙන් තායිපේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ලවුණි.

    ගොඩනැගිලි 100කට පමණ හානි සිදුවී ඇති අතර, සුන්බුන් මැද සිරවූ 130ක පමණ පිරිසක් මුදාගැනීම සඳහා මෙහෙයුම් දියත් කර තිබේ.

    ඉන් 80ක් පමණ කඳුකර උමං මාර්ගවල සිරවී සිටින අතර, ඒ අතරට විදේශිකයින්ද අයත් ය.

    භූ කම්පනයත් සමග තායිවානයේ කඳුකර කලාපවල නායයාම් ද සිදුවුණි.

    මියගිය පිරිසෙන් සිව්දෙනෙකු මියගියේ මෙම කලාපයක කඳුනගිමින් සිටියදීය.

    ප්‍රධාන භූ කම්පනයෙන් පසුව එම කලාපයට රික්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රබලත්වයෙන් යුතු පසු කම්පනයක් ඇතුළු කම්පන 100ක් පමණ බලපා තිබුණි.

    බලධාරීන් පුරෝකථනය කරන්නේ, ඉදිරි දින කිහිපය තුළ රික්ටර් මාපකයේ ඒකක 7 ඉක්මවූ පසු කම්පන සිදුවිය හැකි බවය.

    භූ කම්පනයත් සමඟ තායිවානයට, අසල්වැසි ජපානයට සහ පිලිපීනයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළත් පසුව ඒවා ඉවත් කර ගැනුණි.

    තායිවානයට මීටර් භාගයක උසින් යුතු සුනාමි රළ පැමිණි අතර, ජපානයේ ඔකිනාවා දිස්ත්‍රික්කයට මීටර් 0.3ක උසැති උදම් රළ බලපා තිබුණි.

    කෙසේවෙතත් පිලිපීනයට සුනාමි බලපෑමක් එල්ල වූයේ නැත.

    1999 දී තායිවානයට බලපෑ ප්‍රබල භූ කම්පනයකින් එරටින් මරණ 2,400 ඉක්මවා සිදුවූ අතර එහිදී ගොඩනැගිලි 5,000 කට වැඩි සංඛ්‍යාවක් විනාශ වුණි.

    තායිවානයේ ප්‍රබලතම ප්‍රතිවාදියා මෙන්ම සමීප අසල්වැසියා වන චීනය ආපදාවේදී ඔවුන්ට සහන සැලසීමේ සූදානමින් පසුවන පුවතක් ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    එහෙත් තායිවානය තවමත් ඊට ප්‍රතිචාර දක්වා නොමැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.