Close Menu
Lanka Focus News
    What's Hot

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉන්දියාව රත්කළ ශ්‍රී ලංකාවේ දූපත
    Featured

    ඉන්දියාව රත්කළ ශ්‍රී ලංකාවේ දූපත

    By LFNApril 4, 2024No Comments2 Mins Read167 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවට කච්චතිව් දූපත පවරාදීම මේවනවිට ඉන්දීය දේශපාලන වේදිකාවේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ.

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සම්බන්ධයෙන් ඉන්දීය කොංග්‍රස් පක්ෂයට එල්ල කරන්නේ දැඩි චෝදනාවකි.

    ඒ ලබන 19 වැනිදා සිට තමිල්නාඩු ප්‍රාන්තයෙන් ඉන්දිය මහමැතිවරණය ආරම්භ වීමට නියමිත පසුබිමකය.

    ඉතිහාසයේ සිට අයිතිය සම්බන්ධයෙන් විවිධ මතවාද පැවැති කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිවන්නේ, 1974 වසරේදීය.

    ඒ එවක ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි සහ ශ්‍රී ලංකා හිටපු අගමැති සිරිමාවෝ බණ්ඩාරණායක අතර අත්සන් තැබුණු ගිවිසුමක ප්‍රතිඵලයක් වශයෙනි.

    ශ්‍රී ලංකාවට අයත් දූපත් සමූහය අතරින් වඩාත්ම දුරින් පිහිටි මෙම දූපත, රාමේෂ්වරම් නගරයට වඩාත් ආසන්නව පිහිටා තිබේ.

    කච්චතිව් දූපතේ අයිතිය ගිවිසුමකින් ලංකාවට හිමිවුවත්, වසර ගණනාවක් පුරා ඉන්දීය දේශපාලන පක්ෂ මේ දූපත ගැන විවිධ ස්ථාවරවල පසුවෙයි.

    තමිල්නාඩුවෙන් ලබන 19 වැනිදා ආරම්භවන මහ මැතිවරණයත් සමග මෙම දූපත ඉන්දීය දේශපාලන වේදිකාවේ මාතෘකාව බවට පත්ව අවසන්.

    ඒ, තමිල්නාඩු ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂයේ නායක කේ.අන්නමලෙයි තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සම්බන්ධයෙන් වාර්තාවක් ද ඉල්ලා සිටීමත් සමගය.

    එක්ස් පණිවිඩයක් තබමින් අගමැති නරේන්ද්‍ර මෝදි පවසන්නේ, 1974දී කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සම්බන්ධයෙන් ඉන්දියානුවන් කෝපයට පත්ව ඇති බව සහ කොංග්‍රස් පක්ෂය පිළිබඳව විශ්වාසය බිඳවැටී ඇති බවය.

    මේ සම්බන්ධයෙන් අගමැති මෝදි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පැවති දේශපාලන රැළියකදී ද කොංග්‍රස් පක්ෂයට චෝදනා කර තිබුණි.

    මේ අතර තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ කච්චතිව් දූපත පවරා දීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ඉන්දීය විදේශ ඇමති එස්. ජයිශංකර්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් ද පවත්වා තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026010 Views

    පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක්, ගැහැණු ළමුන් දෙදෙනෙකු හා පිරිමි ළමයෙකු…

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.