Author: LFN
වසර 30ක පමණ කාලයක සිට අහුංගල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බවට සැක කෙරෙන අනෝමා ශාන්ති නොහොත් කුඩු නෝනි නමැත්තියට අයත් රුපියල් ලක්ෂ 1,103කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපොළ රැසක් ඊයේ (29) තහනම් කෙරුණි. ඒ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගිනි. ගාල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රා දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම් කර එයද සිය භාරයට ගනු ලැබීය. ඒ එම යාත්‍රා, වසර 30කට ආසන්න කාලයක් අහුංගල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බවට සැකකෙරෙන එම කාන්තාව මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් මුදලින් මිලදීගත් ඒවා බව හෙළිවීමෙන් පසුව ය. ඇය එම යාත්‍රා සිය ඥාතීන්ගේ නමට මිලදී…
යුක්තියේ මෙහෙයුම අවසන් වන්නේ, පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙරටින් තුරන් වී ඇති බවට මහජනතාවට හැගුණ දවසට බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. මෙහෙයුම් අතර මැද නවතා දැමුවහොත් නැවතත් තිබූ තත්ත්වයට පත් විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයකින් කටයුතු කරන බවත් පොලිස්පතිවරයා ඊයේ (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය. එමෙන්ම පාතාලය සමග සම්බන්ධතා පවත්වන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන්ද දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය. ප්‍රශ්නය – යුක්තියේ මෙහෙයුම දැන් දිගටම ක්‍රියාත්මක වෙනවා. ජනතාව බලාපොරොත්තු වෙනවා මොන කාලෙක මේක ඉවරවෙයි ද කියලා? “එය ඉවර වන දවස තමයි මේ රටේ මත්ද්‍රව්‍ය සහ පාතාලය ඉවරයි කියලා මේ රටේ මහජනතාවට හැගෙන දවසට…
බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරුමැද, ඌව සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පමණ පසුවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සියලු දායකත්වය ලබාදෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එසේම දේශපාලනය සහ ක්‍රීඩාව වෙන්කර තබා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලනඥයන්ට ක්‍රීඩා සමාජවල ඉහළ තනතුරු ලබාදීමෙන් වැළකි සිටිය හැකි නම් එය යහපත් තත්ත්වයක් වනු ඇතැයි තමා විශ්වාස කරන බවද සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ (28) පස්වරුවේ කොළඹ පැවති සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) 125 වන සංවත්සර සැමරුමට එක් වෙමිනි. සිංහල ක්‍රීඩා සමාජයේ වසර 125ක ඉතිහාසය සටහන් කෙරුණු සුවිශේෂී ග්‍රන්ථයක් එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරුණු අතර එයට සමගාමීව…
සංවිධානාත්මක අපරාධ කල්ලිවලට අයත් තවත් සාමාජිකයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඔවුන් සමග විවිධ සම්බන්ධතා පවත්වමින් අපරාධවලට සහාය වූ බවට සැක කෙරෙන පුද්ගලයන් 05 දෙනෙකු ද එහිදී පොලිස් භාරයට ගෙන ඇත. ඉකුත් 19 වනදා සිට මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් හා සැකකාරියන් 186 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අමෙරිකාවේ ඉලිනෝයි ප්‍රාන්තයේ රොක්ෆර්ඩ් ප්‍රදේශයේ සිදුකළ පිහි ඇනුමකින් සිව් දෙනෙක් මියගොස් තවත් 5 දෙනෙක් තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. බදාදා නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධියකින් අනතුරුව මෙම පිහි ඇනුම කර තිබුණි. එහිදී මියගොස් ඇත්තේ වයස අවුරුදු 15ක ගැහැණු ළමයෙක්, 63 හැවිරිදි කාන්තාවක්, 49 හැවිරිදි පුද්ගලයෙක් සහ 22 හැවිරිදි තරුණයෙකි. පොලීසිය පැවසුවේ 22 හැවිරිදි තරුණයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බවයි.
ත්‍රිරෝද රථ රියදුරෙකුගෙන් අල්ලස් මුදලක් ලබාගත් පොලිස් සැරයන්වරයෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද සිර දඬුවම් නියම කර තිබේ. සැකකාර පොලිස් සැරයන්වරයා විසින් රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිමය වශයෙන් කටයුතු නොකර සිටීමට ත්‍රිරෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500ක ලබාගැනීමේ චෝදනාවට ඔහු වරදකරු කර ඇත. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහුට විරුද්ධව චෝදනා 4ක් යටතේ අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණි. ඒ අනුව මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා විසින් සැකකාර සැරයන්වරයා එම චෝදනා 4ටම වරදකරු ලෙස තීරණය කර ඇත. ඒ අනුව එක් එක් චෝදනාව සඳහා වසර බැගින් වසර 4ක සිර දඬුවම් නියම කර ඇති අතර එකී සිර දඬුවම් එකවර ගෙවී යායුතු බවට…
පාස්කු දින ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් අප්‍රේල් මස 4 වනදා ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝග කර තිබේ. නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ එම අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.
මහරගම ප්‍රදේශයේ හයිලෙවල් මාර්ගය ආශ්‍රිතව රථවාහන තදබදයක් ඇතිවී තිබේ. මහරගම බෝ ගසේ අත්තක් කඩාවැටීම හේතුවෙන් මෙලෙස එම රථවාහන තදබදය ඇතිවී ඇත.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ජනාධිපති අරමුදලට ලබාදුන් දායකත්වය පෙර වසරට සාපේක්ෂව 13%ක ප්‍රතිශතයකින් ඉහළ දමමින් රු. 3,622,506,725/-ක අගයක් සහිතව බිලියන 03ක ඉලක්කය ඉක්මවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ සමඟම රජයට පිරිනැමෙන දායකත්වය 6%කින් ඉහළ දමමින් රු. 5,193,833,721 අගයක් බවට පත්ව ඇත. ඒ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වාර්තා කර ඇති වැඩිම ලාභය මෙයයි.