Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තහනම් කළ කුඩු නෝනිගේ දේපොළ
    Featured

    තහනම් කළ කුඩු නෝනිගේ දේපොළ

    By LFNMarch 30, 2024No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වසර 30ක පමණ කාලයක සිට අහුංගල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බවට සැක කෙරෙන අනෝමා ශාන්ති නොහොත් කුඩු නෝනි නමැත්තියට අයත් රුපියල් ලක්ෂ 1,103කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපොළ රැසක් ඊයේ (29) තහනම් කෙරුණි.

    ඒ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගිනි.

    ගාල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රා දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම් කර එයද සිය භාරයට ගනු ලැබීය.

    ඒ එම යාත්‍රා, වසර 30කට ආසන්න කාලයක් අහුංගල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බවට සැකකෙරෙන එම කාන්තාව මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් මුදලින් මිලදීගත් ඒවා බව හෙළිවීමෙන් පසුව ය.

    ඇය එම යාත්‍රා සිය ඥාතීන්ගේ නමට මිලදී ගෙන ඇති බව පොලීසිය පවසයි.

    මෙම බහුදින ධීවර යාත්‍රා නිරීක්ෂණය කිරීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගාල්ල ධීවර වරාය වෙත අද පෙරවරුවේ පැමිණියේය.

    මේ අතර මෙම සැකකාරියට අයත් අහුංගල්ල ප්‍රදේශයේ පිහිටි නිවාස 03ක්, කඩ කාමරයක් හා ඉඩම් 05 ක් ද නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සිය භාරයට ගත් අතර එම දේපොළ නිරීක්ෂණයට ද පොලිස්පතිවරයා එක් විය.

    එමෙන්ම සැකකාරියට අයත්ව තිබී පොලිස් භාරයට ගැනුණු ලොරි රථයක්, යතුරුපැදි දෙකක්, බැකෝ යන්ත්‍රයක්, වෑන් රථයක්, ත්‍රිරෝද රථ දෙකක්ද පොලිස්පතිවරයා අද නිරීක්ෂණය කළේය.

    මේ අතර සැකකාරිය සීනිගම පිහිටි පෞද්ගලික ආයතනයකට රුපියල් ලක්ෂ 52ක් ගෙවා නිෂ්පාදනය කරවමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක්ද නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අද සිය භාර ගත්තේය.

    ඒ අනුව කුඩු නෝනිට අයත්ව තිබී, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අද තහනම් කෙරුණු දේපළවල මුළු වටිනාකම රුපියල් ලක්ෂ 1,103කට අධික බව පොලීසිය පැවසුවේය.

    සැකකාර කුඩු නෝනි සහ ඇගේ ඥාතීන් ඇතුළු හයදෙනෙකු මෙම දේපොළ සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවේ පසුවන බව පොලීසිය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202603 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.