Author: LFN
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේ පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඔහු ඒ බව පැවසුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය. ඔහු තවදුරටත් පැවසුවේ ඉදිරියේදී මුලින් එන්නේ මහ මැතිවරණයක්ද ජනාධිපතිවරණයක්ද කියලා ඔවුන් ට තීරණය කළ නොහැකි බවත් එය තීරණය කළ යුත්තේ රජය හෝ මැතිවරණ කොමිසම බවත් ය. එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට සූදානම් බව අලුත්ගමගේ මහතා පැවසීය.
පාකිස්තානයේ වයඹදිග ප්‍රදේශයේ වේල්ලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක සේවය කරමින් සිටි චීන ඉංජිනේරුවන් පිරිසක් ගමන්කරමින් සිටි රථ පෙළකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරයෙන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර මෙය සතියක් තුළ පාකිස්තානයේ පිහිටි චීන සම්බන්ධතා සහිත ස්ථාන වලට එල්ලකළ තුන්වැනි ප්‍රහාරය වෙයි. අධිබලැති පුපුරණ ද්‍රව්‍ය පිරවූ රථයක් චීන ජාතිකයින් ගමන්කළ රථ පෙළේ හැප්පීමට සලස්වා මෙම ප්‍රහාරය එල්ලකර ඇත. බ්ලොචිස්තාන ප්‍රාන්තයේ වරායකට සහ ගුවන් මූලස්ථානයකට පසුගිය දින කිහිපයේදී ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රාන්තයේ චීන ආයෝජන ව්‍යාපෘති විශාල ගණනක් ක්‍රියාත්මකය.
ජනාධිපතිවරණය මේ වසරේ ඔක්තෝබර් මුල් සතියේ ව්‍යවස්ථානුකූලව පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී ඇත. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනපතිවරයා මේ බව කැබිනට් අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බවය. එසේම ජනාධිපතිවරයා විසින් පසුගියදා පත්කරනු ලැබූ සියදේශපාලන කැබිනට්ටුවටද එය දැනුම් දී ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
ගෙවුණු වසරේ අවසන් කාර්තුවේ සියයට 4.5ක ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමත් සමඟ ඉදිරි මාස 12 තුළ මෙරට ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් දැක ගත හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශ්වාසය පළකරයි. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ආර්ථිකයේ වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු අනාවරණ කළේය. ලබා ඇති ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් 8.5% සහ 9.5% දක්වා පදනම් ඒකක 50කින් අඩු කිරීමටද මහ බැංකුව තීරණය කර තිබේ. මහ බැංකු නවතම වාර්තාවන්ට අනුව 2024 පෙබරවාරි මාසය අවසන් වන විට මෙරට නිල වත්කම් සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන…
හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග ඊයේ (26) අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර බොලොස්සගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු අවසන් වරට අරලියගහ මන්දිරයේ රාජකාරී කරමින් සිට දුෂ්චරිත වාර්තා හේතුවෙන් පොලිස් සේවයෙන් ඉවත් කළ අයකු බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. සැකකරු අයිස් මත්ද්‍රව්‍ය රැගෙන කුඩා ලොරි රථයකින් යමින් සිටින බවට ලද තොරතුරක් මත උප පොලිස් පරීක්ෂක පී.ආර්. වීරසේන ඇතුළු පොලිස් කණ්ඩායමක් වැටලීම සිදුකර තිබුණි. කළුතර අල්විස් වත්ත ප්‍රදේශයේදී ලොරි රථය නවතා පරීක්ෂා කිරීමේදී කලිසම් සාක්කුවේ සඟවාගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08කට ආසන්න ප්‍රමාණයක් සහ රුපියල් පනස්දහසක පමණ මුදල් සමග සැකකරුව…
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිඩක ශකීබ් අල් හසන් ව කැඳවා තිබේ. ඉකුත් දා බංග්ලාදේශ මහ මැතිවරණයෙන් පහසු ජයක් වාර්තා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ද ඔහු තේරී පත්වී තිබුණි. හිටපු නායක ශකීබ් අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළේ 2023 අප්‍රේල් මාසයේදීය. ඔහුගේ ඇසක ඇතිවී ඇති ආබාධයක් හේතුවෙන් ටෙස්ට් තරග සඳහා සහභාගී වීමෙන් ඔහු වැළැකී සිටි බව වාර්තා විය. අනතුරුව ඔහු එම රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාර ගැනීමට සිංගප්පූරුවට ද ගොස් තිබුණි. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවෙනි ටෙස්ට් තරගය මාර්තු 30 වනදා ආරම්භ වෙයි. ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහි දෙවෙනි ටෙස්ට් තරගයේ බංග්ලාදේශ…
කඩවත ඇල්දෙනිය ප්‍රදේශයේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ දේශපාලන පක්ෂ කාර්යාලයක් ආසන්නයේ තිබී අදාළ ජීව අත්බෝම්බය සොයාගත් බවය. එය විදෙස් රටක නිෂ්පාදිත එකක් බවද පොලීසිය තවදුරටත් සඳහන් කළේය. පසුව ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පැමිණ අදාළ අත්බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අනාවරණය වී නොමැති අතර කඩවත පොලීසිය විමර්ශන සිදුකරයි.
අද දිනයේ (27) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන…
අරගලය මුවාවෙන් ප්‍රචණ්ඩත්වය වැපිරූ පිරිසගෙන් එදා පාර්ලිමේන්තුව, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය දේපළ බේරාගනිමින් රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට තමා ගත් පියවර මානව හිමිකම් කඩකිරීමක් ලෙස පෙන්වාදීමට ඇතැමුන් උත්සාහ කරන බව ජනාධිපති පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ එදා එම පියවර නොගත්තා නම් අද රට තුළ මෙලෙස ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැගීමට හැකි නොවනු ඇති බවය. අසීරු සහ අමිහිරි යුගයක් පසු කර රටක් ලෙස ඉදිරියට යන ගමනේදී නීතිය හා සාමය කඩවීමට ඉඩ නොතැබිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා සෑම ක්ෂේත්‍රයක් තුළම නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට සියලු පාර්ශ්වයන්ට වගකීමක් පැවරී ඇති බවද පෙන්වා දුන්නේය. ජනාධිපති…
යුද හමුදාව විසින් යුද සමයේදී අධි ආරක්ෂිත කලාප පවත්වාගෙන ගිය කිලිනොච්චිය හා යාපනය යන දිස්ත්‍රික්කවල ඉඩම් අක්කර 109ක් නිදහස් කොට ජනතා අයිතියට පත්කිරීම (10දා) පසුගියදා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුවිණි. ජනාධිපති කාර්යාලයේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේයෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී සාගල රත්නායක මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් ඉඩම් හිමිකරුවන් වෙත ඉඩම් ඔප්පු ප්‍රදානය කළේය. මේ අවස්ථාවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, යාපනය වැඩ බලන දිසාපති එම්. ප්‍රදීපන්, යාපනය ආරක්ෂක ආඥාපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමරත්න, ජනාධිපති ලේකම් කාර්යාලයේ උතුරු සම්බන්ධීකාරක එල්. ඉලංගෝවන් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක්ද යාපනයේ හා කිලිනොච්චියේ ඉඩම්ලාභීහුද සහභාගී වූහ.