Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»රුසියාව සලිත කළ ප්‍රහාරය – පුටින් ගේ සැලැස්ම
    International

    රුසියාව සලිත කළ ප්‍රහාරය – පුටින් ගේ සැලැස්ම

    By LFNMarch 26, 2024No Comments5 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මොස්කව්හි ක්‍රෝකස් නගර ශාලාවට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන් සිව්දෙනා මොස්කව්හි අධිකරණයක් හමුවට ඉදිරිපත් කර චෝදනා ගොනුකිරීමට රුසියානු ආරක්ෂක බලධාරීන් තීරණය කර තිබේ.

    එහිදී ඔවුන්ගේ අනන්‍යතාවද අනාවරණ කර ඇති අතර ඔවුන් සිව්දෙනාම ටජිකිස්තාන ජාතිකයින් බව සඳහන් ය.

    රුසියාවේ මොස්කව් නුවර ක්‍රෝකස් නගර ශාලාවේ පැවැති සංගීත ප්‍රසංගයකට පැමිණි පිරිසක් ඉලක්කකර ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූයේ පසුගිය සිකුරාදා රාත්‍රියේදී ය.

    ප්‍රහාරයෙන් සිදුවූ මරණ ගණන 137දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර, ප්‍රහාරයෙන් තුවාල ලැබූ 150කට වැඩි පිරිසක් තවමත් රෝහල්ගතව පසුවෙති.

    එදිනම පස්වරුවේ අත්අඩංගුවට ගත් ප්‍රහාරයේ සැකකරුවන් සිව්දෙනා ඊයේ දිනයේදී මොස්කව් හි අධිකරණයක් හමුවට ඉදිරිපත් කෙරුණි.

    සැකකරුවන්ගෙන් තිදෙනෙක් මේ වනවිටත් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර සිව්වැන්නා වන 19 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරුණේ ද රෝද පුටුවක ආධාරයෙනි.

    සැකකරුවන් සිව්දෙනාම ලබන මැයි මස 22වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට අධිකරණය අවසර ලබාදුන් අතර ඉන් පසුව ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවෙතැයි අපේක්ෂිත ය.

    මේ අතර (24) රුසියාවට ජාතික ශෝක දිනයක් විය.

    ඒ අනුව ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිකර ඉටිපන්දම් දල්වා ගෞරව පුද කළේය.

    මොස්කව් හි ජනතාව ඊයේත් ප්‍රහාරය සිදුවූ ක්‍රෝකස් නගර ශාලාව අබියසට පැමිණ සිය ශෝකය පළ කළහ.

    ජනතාව සිය වේදනාව, කනගාටුව, කෝපය ප්‍රකාශ කළේ, මියගිය පිරිසට පුෂ්පෝපහාර දක්වමිනි.

    අනුකම්පා විරහිත සිත්පිත් නොමැති ත්‍රස්තවාදය ලෝකයේ ප්‍රබලතම රාජ්‍යයන්ට පවා එල්ල කරන්නේ බරපතළ අභියෝගයකි.

    මොස්කව් නුවරට තදාසන්න ආසන්න 6,200කින් සමන්විත ක්‍රෝකස් නගර ශාලා රඟහලට පසුගිය සිකුරාදා සන්ධ්‍යාවේ විශාල පිරිසක් එක්රැස් වුණේ සෝවියට් යුගයේ රුසියානු රොක් සංගීත කණ්ඩායමක් වන ‘පික්නික්’හි සංදර්ශනයක් රසවිඳීම සඳහාය.

    ඔවුන් එහිදී තමන්ගේ ජනප්‍රියතම ගීතය ‘අෆ්‍රේඩ් ඔෆ් නතින්’ නැත්නම් ‘බිය නැහැ කිසිවකට’ සජීවීව ගයන්න සූදානම්ව සිටියේය.

    එහෙත් ප්‍රවේශ පත්‍ර සියල්ල විකිණී අතුරු සිදුරු නැතිව පිරෙමින් පැවති රඟහලට පැමිණි රුසියානුවන්ට මුහුණදීමට සිදුවුණේ දරුණුතම අත්දැකීමකටය.

    එම ශාලාව තුළට කඩාවැදුණු ත්‍රස්තවාදීන් සිව්දෙනෙකු ඉවක් බවක් නොමැතිව සිදුකළ වෙඩි තැබීමෙන් ප්‍රසංගය නැරඹීමට පැමිණි සමහර ප්‍රේක්ෂකයින්ට දිගට හරහර වෙඩි තැබීම හේතුවෙනි.

    ඒ සමග ඇතිවූ කලබලකාරී වාතාවරණය හමුවේ ශාලාවෙන් නික්මීමට උත්සාහ කළ ජනතාව, තෙරපී මියයාමටද ලක්වී තිබුණි.

    පසුව ශාලාවේ ආසන සහ තිරවලට ගිනිගන්නා සුළු ද්‍රාවණයක් හැළු ත්‍රස්තවාදීන් ඊට ගිනි තැබූ අතර ශාලාවේ ඇති වූ ගින්න නිවාදැමීමට ගිනි නිවන භටයින්ට පැය ගණනක් ගතවුණි.

    ගින්නත් සමග තම ඇඳුම්වලට ගිනි ඇවිළුණු පිරිසක්ද බරපතළ තුවාල ලබා හෝ මියගොස් තිබේ.

    ගින්න පැතිරීමත් සමග රඟහලේ පියස්සද කඩාවැටී තිබුණි.

    රුසියානු බලධාරීන් පවසන පරිදි අවසානයේ ප්‍රසංගය නැරඹීමට පැමිණි 137 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර 182 දෙනෙකු තුවාල ලබා තිබේ.

    මෙය දශක දෙකකින් රුසියාව මුහුණදුන් දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය වෙයි.

    2004 වසරේ උතුරු ඔසෙටියා ප්‍රදේශයේ පිහිටි බෙස්ලාන් නගරයේ පාසලකට කඩාවැදුණු චෙච්නියා බෙදුම්වාදී ත්‍රස්තවාදී පිරිසක් ළමුන් 777 දෙනෙකු ඇතුළු 1100ක් පමණ ප්‍රාණ ඇපයට ගත් සිද්ධිය මීට පෙර රුසියාව මුහුණදුන් දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය විය.

    සිද්ධිය නිමාවට පත්වුණේ ළමුන් 186 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු ජීවිතක්ෂයට පත්කරමිනි.

    ප්‍රහාරයට පැමිණි 31 දෙනෙකුද එහිදී මියගියේය.

    පසුගිය සිකුරාදා රාත්‍රියේ මොස්කව් නුවරට තදාසන්න ක්‍රෝකස් නගර ශාලා රඟහලට ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් එහි පැමිණ ඇත්තේ රාත්‍රී 7.40ට පමණය.

    මිනි වෑන් රථයකින් පැමිණි ඔවුන් ස්වයංක්‍රීය ගිනි අවි රැගෙන රඟහලේ ප්‍රධාන දොරටුව වෙත ගොස් දකින සෑම අයෙකුටම වෙඩිතැබීමට පටන්ගෙන ඇත්තේ එහි ලේ විලක් ඇතිකරමිනි.

    එහිදී ශාලාවේ වීදුරු දොර බිඳිමින් ඉවතට පළායාමට ඇතැමුන් කටයුතු කර තිබුණි.

    එක් කාන්තාවක් ඇගේ කබායද නොමැතිව මොස්කව් උමං දුම්රිය ස්ථානය දක්වා දිවගොස් ඇත්තේ මොස්කව් නුවර අධික ශීතල නොතකමිනි.

    ජනපති පුටින්ගේ නිල නිවහන වූ ක්‍රෙම්ලින් මන්දිරයට කිලෝමීටර් 20ක් පමණ ආසන්නයේ පිහිටි ක්‍රෝකස් ශාලාවේ සිටි ජනතාව මුලින් සිතා ඇත්තේ මේ ප්‍රහාරය සංදර්ශනයේ විශේෂ කොටසක් ලෙසට ය.

    පසුව සැබෑ තත්ත්වය වටහා ගත් ඔවුන් හැකි සෑම අයුරකින්ම පළා යාමට උත්සාහ කර තිබුණි.

    ශාලාවෙන් නික්මෙන පියගැට පෙළවල තිබී මළසිරුරු 14ක්ද වැසිකිළියක තිබී සිරුරු 28ක්ද හමුවී තිබෙන්නේ එලෙස පළායාමට ඇතැමුන් දැරූ උත්සාහය අසාර්ථක වීම හේතුවෙනි.

    පවුල් පිටින් එක පොදියට මියගොස් ඇති අවස්ථාද දක්නට ලැබී ඇත්තේ ඇතැම් මව්වරුන් සිය දරුවන් තුරුළු කරගෙන මියගොස් සිටි අතර එය හද කම්පා කරවන දසුනක් වූ බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය.

    මෙම ත්‍රස්ත ප්‍රහාරයේ මියගිය හා අනතුරට ලක්වූ පිරිස් වෙනුවෙන් ඊයේ ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කළ ජනපති ව්ලැදිමීර් පුටින් සිද්ධියට සම්බන්ධ වූවන්ට නිසි ප්‍රතිචාර දක්වන බවට ප්‍රතිඥාවක්ද ලබාදුන්නේය.

    ප්‍රහාරය සම්බන්ධයෙන් IS සංවිධානය වගකීම භාරගත් අතර ප්‍රහාරකයන් පිළිබඳ තොරතුරුද ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍යට නිකුත් කළේය.

    කෙසේ නමුත් ප්‍රහාරකයන් හතරදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු ජනපති පුටින් ප්‍රකාශ කළේ ඔවුන් යුක්‍රේනය දෙසට පළායමින් සිටි බවයි.

    සෝවියට් දේශයෙන් වෙන්වූ තජිකිස්තානයේ වැසියන් වූ සැකකරුවන් ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් ලෙස හැඳින්වූ ජනපති පුටින් ත්‍රස්තවාදය නැමැති පොදු සතුරා පරාජය කිරීමට ඕනෑම රටක් සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව කියා සිටියේය.

    එමෙන්ම මෙම ත්‍රස්තවාදීන් පිටුපස සිටින පුද්ගලයන් සහ සංවිධාන හඳුනාගෙන ඔවුන්ට අනිවාර්යෙන්ම දඬුවම් පමුණුවන බව ජනපති පුටින් සඳහන් කළේය.

    ක්‍රෝකස් නගර ශාලා ප්‍රහාරය සිදුවීමට සති කිහිපයකට පෙර මේ මස මුලදී මොස්කව් නුවර ප්‍රබල ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බවට අමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලය අනතුරු අඟවා තිබීමද විශේෂ කරුණකි.

    එහිදී අමෙරිකානු පුරවැසියන්ට මොස්කව් නගරයෙන් නික්මෙන ලෙසද දන්වා තිබුණි.

    කෙසේනමුත් ප්‍රහාරයෙන් පසු ක්‍රෙම්ලින් මන්දිර ප්‍රකාශිකාව කියා සිටියේ අමෙරිකා එක්සත් ජනපදය ඒ පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු රුසියාවට ලබා නොදුන් බවයි.

    ප්‍රහාරය අයි එස් සංවිධානය විසින් එල්ල කළ බව තහවුරු කළ හැකියැයි අමෙරිකාව ප්‍රකාශ කළේ ඊට යුක්‍රේනයේ සම්බන්ධයක් නොමැති බව පවසමිනි.

    දැනට රුසියාවේ මරණ දඬුවම ක්‍රියාත්මක නොවූවත් සැකකරුවන්ට දඬුවම් පැමිණවීම සඳහා මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම පිළිබඳවද රුසියාව දැන් සලකා බලමින් සිටින බව වාර්තා වෙයි.

    ප්‍රහාරය නිසා ප්‍රකාශයට පත්කෙරුණු ජාතික ශෝක දිනය නිමිත්තෙන් රුසියාව පුරා ජාතික ධජ අඩ-කුඹුකර තිබූ අතර මොස්කව් නුවර ප්‍රදර්ශනය කර තිබූ දැවැන්ත පුවරුවල එක් ඉටිපන්දමක රුවක් සමග සටහන් කර තිබුණේ ‘අපි වැළපෙමු’ යන්න ය.

    ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් ක්‍රෙම්ලින් මන්දිරය ආසන්නයේ දේවස්ථානයේදී ජනපති පුටින් ශෝකානුකූලව ඉටිපන්දමක් දල්වන අයුරු රුසියානු මාධ්‍ය විකාශය කරනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.