Author: LFN
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බව එම කාර්යාංශය නිවේදනය කරයි. අදාළ පුද්ගලයා කොළඹ 07, විජේරාම මාවතේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු වෛද්‍යවරයෙකු ලෙස ද පෙනී සිට ඇත. මුදල් ලබාගැනීම සඳහා සැකකරු නාරාහේන්පිට විදේශ රැකියා අමාත්‍යාංශයට හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයටද පුද්ගලයන් කැඳවා තිබේ. සැකකරු මෙසේ පුද්ගලයන් 9 දෙනෙකුගෙන් රුපියල් 7,650,000ක් වංචා කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇති අතර මොහුට මුදල් ලබාදුන් පුද්ගලයකු විසින් කරන ලද…
කැලණිය විශ්විවිද්‍යාලයේ සිසුන් පිරිසක් එහි පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ. කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඊයේ (24) රාත්‍රි ඇතිවු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන්ය. කෙසේවෙතත් අදාළ සිසුවා රෝහලට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය ගිලන්රථ පහසුකම හෝ වෙනත් වාහනයක් විශ්වවිද්‍යාලය තුළ නොතිබීම හේතුවෙන් ඔහු රෝහල්ගත වීම ප්‍රමාද වු බවට විශ්වවිද්‍යාල සිසුන් චෝදනා කරයි. ඒ අනුව මේ වන විට සිසුන් 150 දෙනෙකු පමණ විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු සාමාජිකයින් සතිඅන්තයේ දී කොළඹට කැඳවීමට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ. ඉතා වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභිකයින්, විධායක කාරක සභිකයින්, ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්, පක්ෂයේ අනුබද්ධ සංවිධානවල සියලු නිලධාරීන් මෙලෙස පක්ෂ මුලස්ථානය වෙත කැඳවා ඇති බව සඳහන්ය. මෙම රැස්වීමට පැමිණීම අනිවාර්ය බවට ද සියලු සාමාජිකයින් වෙත ලිඛිතව දන්වා ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයක් ඉදිරියේ දී බිහිවීමට නියමිත අතර එහි කටයුතු ද අවසන් අදියරට පැමිණ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා…
ඉදිරි මැතිවරණයකදී මෙරට ඉතිහාසයේ පළමුවරට ජනතාවගෙත් පාලකයාගෙත් අපෙක්ෂාවන් එකක් බවට පත්වන ආණ්ඩුවක් බිහිකරන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මෙම අදහස් පළකළේ කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදි පසුගිය (23) එරට සිටින ශ්‍රී ලාංකිකයන් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, “බැසිල් පාර්ලිමේන්තු ඡන්දය කලින් තිබුනොත් හොඳයි කියනවා. ජනාධිපතිවරණයකදී වැඩිම අසීරුතාවයකට මුහුණදෙන්නේ ඔවුන් එක්කෝ රනිල්ට සහාය දෙන්න ඕනේ. රනිල්ට සහය දුන්නොත් පොහොට්ටුව ඉවරයි නැත්නම් වෙනකෙනෙක් දාන්න ඕනේ. වෙන කෙනෙක් දැම්මොත් ඡන්ද ලැබෙන්නේ නැහැ. ගෙදර ගියොත් අඹු නසී – මඟ හිටියොත් තෝ නසී. ඒකයි මහමැතිවරණය කලින් ගන්න හදන්නේ. මහමැතිවරණය කලින් ගන්න පුළුවන් රනිල්ට විතරයි. අද…
පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කළ අදහස් දැක්වීම පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමටඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලීසිය වෙත දැනුම්දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව පැවසීය.
යතුරුපැදි සොරකම් කර කොටස් කර විකිණීමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී ඔවුන් සන්තකයේ තිබී යතුරුපැදි අංක තහඩු 116ක් සොයාගැනීමට පොලීසිය සමත්ව ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ශ්‍රාවස්තිපුර, දඹුල්ල කිතුල්හිටියාව, මිරිස්ගෝනියාව හංදිය සහ හීන් මොරගොල්ල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 29ත් 44ත් හැවිරිදි වියේ පසුවන සැකකරුවන් පිරිසකි. අනුරාධපුර කොට්ඨාශ විමර්ශන ඒකකය විසින් සිදුකළ විමර්ශනයකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ මෙම ජාවාරම වසර 10කට ආසන්න කාලයක් තිස්සේ සිදුකර ඇති බවය. අත්අඩංගුවට ගත යතුරුපැදිවල අංක තහඩුවලට අදාළ යතුරුපැදිවල නිත්‍යානුකූල හිමිකරුවන් සොයාගැනීම සඳහා මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට නියමිතය.…
නවීන වෛද්‍ය සේවාවන්ට ගැළපෙන පරිදි නව තාක්ෂණය සමඟ අනුගත වෙමින් මෙරට සෞඛ්‍ය සේවාව තුළ සිදුකළ යුතු පරිවර්තනයන් පිළිබඳ පුළුල් සංවාදයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. යටත් විජිත යුගයේ සිට ගොඩනගාගත් නිදහස් වෛද්‍ය ක්‍රමයක් ශ්‍රී ලංකාව සතු බවත් එය ලෝකයම පිළිගෙන ඇති බවත් පවසන ජනාධිපතිවරයා එම අතීත අත්දැකීම්ද සමඟ ගුණාත්මක සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවාවක් රට තුළ සහතික කළ යුතු බව සඳහන් කළේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ පැවති හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේය. එම සංගමය විසින් සංවිධානය කළ වැඩමුළුවක් පෙළොන්නරුවේ දී ආරම්භ වූ අතර එහි පැවති වෙනත් නිල වැඩසටහනකට සහභාගීවීමට පැමිණි…
රුසියාවේ ත්‍රස්ත ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී රඟහලේ රැඳී සිටි 100කට අධික පිරිසකට ඉන් පිටතට රැගෙන යාමට සහාය දී ඔවුන්ගේ ජීවිත බේරාගත් 15 හැවිරිදි පාසල් සිසුවෙක් සම්බන්ධයෙන් රුසියානු මාධ්‍ය වාර්තා කර තිබේ. ඉස්ලාම් ඛලිලොව් නම් මෙම පාසල් සිසුවා ප්‍රහාරය එල්ලවූ රඟහලේ අර්ධකාලීන රැකියාවක නිරතව සිටින අතරතුර මෙම සිද්ධියට මුහුණ පා තිබුණි. ත්‍රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාර මැද කලබලයට පත්ව දිව ආ ජනතාවට ශාලාවෙන් පිටතට යාමට මෙම පාසල් සිසුවා මඟ පෙන්වීම ප්‍රශංසාවට ලක්වී තිබේ. මේ අතර මොස්කව් ප්‍රහාරය සම්බන්ධව අමෙරිකානු ඔත්තු සේවා මීට දෙසතියකට පමණ පෙර රුසියාව වෙත තොරතුරු ලබාදුන් බවට පළවන වාර්තා අමෙරිකාවේ රුසියානු තානාපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ. මේ අතර ප්‍රහාරය කාලයක් පුරා සැලසුම්…
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට පවසයි.
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා කිහිපයක් අලුත් කරමින් බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ වැඩි ගෞරව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (24) හැකියාව ලැබුණි. ඒ තරගයේ තුන්වන දිනය වූ අද දිනයේ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් වාර්තා කළ විශිෂ්ට ශතක දෙකත් සමගය. තරගයේ තෙවැනි දිනය ආරම්භ කරනවිට සිය දෙවැනි ඉනිම ක්‍රිඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 119කි. පසුගිය (23) සැඳෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි විශ්ව ප්‍රනාන්දු ලකුණු 4කට දැවී ගියේය. ඉන් අනතුරුව පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස් නායක ධනංජය ද සිල්වා සමඟ එක්ව 7වැනි කඩුල්ලට ලකුණු 173ක සාර්ථක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී…