Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හදිසියේම ලැබුණු ඇරයුම පිළිගත් ජනපති ගිය ගමන
    Featured

    හදිසියේම ලැබුණු ඇරයුම පිළිගත් ජනපති ගිය ගමන

    By LFNMarch 25, 2024No Comments2 Mins Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නවීන වෛද්‍ය සේවාවන්ට ගැළපෙන පරිදි නව තාක්ෂණය සමඟ අනුගත වෙමින් මෙරට සෞඛ්‍ය සේවාව තුළ සිදුකළ යුතු පරිවර්තනයන් පිළිබඳ පුළුල් සංවාදයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    යටත් විජිත යුගයේ සිට ගොඩනගාගත් නිදහස් වෛද්‍ය ක්‍රමයක් ශ්‍රී ලංකාව සතු බවත් එය ලෝකයම පිළිගෙන ඇති බවත් පවසන ජනාධිපතිවරයා එම අතීත අත්දැකීම්ද සමඟ ගුණාත්මක සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවාවක් රට තුළ සහතික කළ යුතු බව සඳහන් කළේය.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ පැවති හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේය.

    එම සංගමය විසින් සංවිධානය කළ වැඩමුළුවක් පෙළොන්නරුවේ දී ආරම්භ වූ අතර එහි පැවති වෙනත් නිල වැඩසටහනකට සහභාගීවීමට පැමිණි සිටි ජනාධිපතිවරයා මුණ ගැසුණු අවස්ථාවේ දී තම වැඩමුළුව පැවැත්වෙන ස්ථානයටද කෙටි වේලාවකට හෝ පැමිණෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් හදිසි ඇරයුමක් සිදුකර තිබේ.

    අදාළ ඇරයුම පිළිගත් ජනාධිපතිවරයා එම ස්ථානයට පැමිණ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන් සමඟ සුහද කතා බහක නිරත වු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

    මේ අතර මේ වන විට දිවයින පුරා පැවැති ඖෂධ හිඟය ක්‍රමානුකූලව පහව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව සඳහන් ක‍ළේය.

    රාජ්‍ය පිළිබඳ කාරක සභාව එහි සභාපති ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා රැස්වු අතර ඊට සෞඛ්‍ය ආමත්‍යංශ නිළධාරීන් කැදවා තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.