Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සියලු පක්ෂ සාමාජිකයින් කොළඹට කැඳවන්න මෛත්‍රීගෙන් තීරණයක්
    Featured

    සියලු පක්ෂ සාමාජිකයින් කොළඹට කැඳවන්න මෛත්‍රීගෙන් තීරණයක්

    By LFNMarch 25, 2024No Comments1 Min Read165 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු සාමාජිකයින් සතිඅන්තයේ දී කොළඹට කැඳවීමට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

    ඉතා වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභිකයින්, විධායක කාරක සභිකයින්, ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්, පක්ෂයේ අනුබද්ධ සංවිධානවල සියලු නිලධාරීන් මෙලෙස පක්ෂ මුලස්ථානය වෙත කැඳවා ඇති බව සඳහන්ය.

    මෙම රැස්වීමට පැමිණීම අනිවාර්ය බවට ද සියලු සාමාජිකයින් වෙත ලිඛිතව දන්වා ඇති බව වාර්තා වේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයක් ඉදිරියේ දී බිහිවීමට නියමිත අතර එහි කටයුතු ද අවසන් අදියරට පැමිණ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

    මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතාගේ මුලිකත්වයෙන් නිර්මාණය වන නව සන්ධානයේ කටයුතු ද අප්‍රේල් මාසය තුළ අවසන් වීමට ද සැලසුම් කර තිබේ.

    ඒ අනුව එම සන්ධානයේ දේශපාලන රැස්වීම් මාර්තු මාසයේ සිට අඛණ්ඩව සිදුකරන බව දේශපාලන ආරංචි මාර්ග පැවසුවේය.

    වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීම වෙනුවෙන් මෙම නව සන්ධානය ක්‍රියාත්මක වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.