Author: LFN

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සේවකයින්ට ප්‍රසාද දීමනා ඇතුළු විවිධ දීමනා ගෙවීමේදී මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මුදල් වැයකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. 2022 වර්ෂයට අදාළ ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක ඒ බව සඳහන් වෙයි. ඒ අනුව අදාළ වර්ෂයේදී මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සේවකයින්ට ප්‍රසාද දීමනා ඇතුළු විවිධ දීමනා සඳහා රුපියල් කෝටි 61කට ආසන්න මුදලක් වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලය සඳහන් කර ඇත. ප්‍රසාද දීමනා ගෙවීම සඳහා රුපියල් කෝටි 07කට ආසන්න මුදලක් සහ වෙනත් දීමනා සඳහා රුපියල් කෝටි 54කට වැඩි මුදලක් වැය කර ඇති බව එම විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ. කෙසේවෙතත්…

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වල අද (24) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි. මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්…

Read More

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සම්බුද්ධ ශාසනය තුළ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස මැදින් පොහොය දිනය සැලකේ. බුදුරජාණන් වහන්සේ ඥාතී සංග්‍රහය පිණිස සිය ජන්ම භූමිය වු කිඹුල්වත්පුරයට වැඩම කරවීම ආරම්භ කරනු ලැබුවේ අද (24) වැනි මැදින් පුර පසළොස්වක පොහෝ දිනකය. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩම කරවීමෙන් අනතුරුව යමාමහ පෙළහර පෑම, ශුද්ධෝදන රජුට වෙස්සන්තර ජාතකය දේශනා කිරිම, රාහුල කුමරු මහණ කරවීම සහ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය සෝවාන් ඵලයට පත්වීම ද අද වැනි පොහෝ දිනක සිදුවු බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. අදට යෙදී තිබෙන මැදින් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් දිවයින පුරා සෑම විහාරස්ථානයකම ආමිස සහ ප්‍රතිපත්ති පූජා රැසක්…

Read More

කොකේන් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන කරල් 12 සමග පුද්ගලයෙකු අද (23) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ තුළදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසිනි. සැකකරු අද උදෑසන බ්‍රසීලයේ සිට ඩුබායි හරහා කටුනායකට පැමිණ තිබූ අතර එහිදී අත්අඩංගුවට පත් වුණි. සැකකරු වෙනිසියුලානු ජාතික 41 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සතුව තිබී ග්‍රෑම් 132ක් බර කරල් 12ක් සොයාගෙන ඇති අතර ඒවා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.

Read More

රිය අනතුරකදී තුන්වන පාර්ශ්වයේ වින්දිතයන්ට අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව කඩිනමින් වන්දි ලබාදීමේ වැඩපිළිවෙළ මාර්තු 01 වනදා සිට ආරම්භ කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. ඒ අනුව අනතුර සිදුවී වසරක් තුළ අදාළ රක්ෂණ ආයතනයට අයදුම් කිරීමෙන් උපරිමය රුපියල් ලක්ෂ 05ක් දක්වා වන වන්දි මුදල එම රක්ෂණ ආයතනයේ දිවයින පුරා පිහිටි ඕනෑම ශාඛාවකින් ලබාගැනීමේ හැකියාව ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. මේ අතර මෙරට රියදුරු බලපත්‍රය අවශ්‍ය විදේශිකයන්ට අප්‍රේල් 15 වනදා සිට ගුවන් තොටුපළේදීම ඒ…

Read More

එළැඹෙන අප්‍රේල් 10 වනදා සිට මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් පිළිබඳ තොරතුරු දත්ත පද්ධතියකට ඇතුළු කරන බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ දඩ මුදල් ගෙවීම් සිදු කරන තැපැල් කාර්යාල හරහා වරදේ ස්වභාවය, අදාළ පොලිස් ස්ථානය, රියදුරු බලපත්‍රයේ විස්තර සහ දුරකතන අංකය යන තොරතුරු මෙම දත්ත පද්ධතියට ඇතුළු කරන බවය. මේ අතර මෙරට රියදුරු බලපත්‍රය අවශ්‍ය විදේශිකයන්ට අප්‍රේල් 15 වනදා සිට ගුවන්තොටුපොළේදීම ඒ සඳහා අයදුම්කර රියදුරු බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read More

අධිකරණයකින් නියෝග කරන්නේ නම් හෝ විමසන්නේ නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හා වගකිවයුතු සියලුදෙනා පිළිබඳ තොරතුරු හෙළි කිරීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. අස්ගිරි මහා විහාර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාර නව ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත වශයෙන් ඊයේ (22) දින එක් වූ ඒ මහතා මාධ්‍යයට අදහස් පළ කරමින් මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා, “මට කලකිරීමකට වඩා මගේ ලොකු හිතේ අමාරුවක් තියෙනවා. මම 2015 පොදු අපේක්ෂකයා විදියට මැතිවරණයට ඉදිරිපත් වෙලා රට ඉතා ඉතාමත් හොඳ තැනකට ගෙනියන්න ඕන වුණා. ඒ වැඩපිළිවෙල මට ගෙනියන්න හම්බ වුණේ නෑ. මට ආණ්ඩු පක්ෂයේ සහයෝගය…

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම උතුරු-මැද සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන් වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු…

Read More

රුසියාවේ මොස්කව් නගරයේ නාට්‍ය ශාලාවක සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ආසන්න වශයෙන් පුද්ගලයින් 40ක් පමණ මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ එම නාට්‍ය ශාලාවේ නර්තන තරගාවලියක් පැවැත්වෙමින් තිබූ බව සඳහන්ය.

Read More

වටවල පොලිස් වසමේ බින්වල ඉහළ කොටසේ වතුයායේ වගා ළිඳකින් බිළිදෙකුගේ මළසිරුරක් හමුවී තිබේ. නිවසේ ක්‍රීඩාකරමින් සිට ඇති බිළිඳා අතුරුදන්වීමත් සමග දෙමව්පියන් කළ සොයාබැලීමකදී නිවස පිටුපස වගා ළිඳකින් දරුවාගේ සිරුර හමුව තිබුණි. මියගොස් ඇත්තේ තුන් හැවිරිදි බිළිදෙකි. බිළිඳාගේ මව රැකියාවක් සඳහා විදෙස්ගත වී සිටින බවත් මිය ගිය දරුවා පවුලේ එකම දරුවා බවත් සඳහන් වේ.

Read More