Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගණේමුල්ලේදී වෙඩිකෑ වෙඩික්කරු ගැන තවත් තොරතුරු
    Featured

    ගණේමුල්ලේදී වෙඩිකෑ වෙඩික්කරු ගැන තවත් තොරතුරු

    By LFNMarch 22, 2024No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් සමග ගණේමුල්ලේදී පෙරේදා (21) රාත්‍රියේ ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත් පාතාලයේ කුලී ඝාතකයා සම්බන්ධයෙන් තවත් තොරතුරු හෙළිවී තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, යුද හමුදාවේ සේවය කර මීට ටික කලකට පෙර ඉන් පළාගොස් සිටි 28 හැවිරිදි ශෙහාන් අසංක නම් ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    ඔහු පැට්ටා මංජු නම් අපරාධකරුගේ සහෝදරයා වන දිනේෂ් වසන්ත යන පුද්ගලයාගේ සමීපතමයෙක් වන අතර වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක්, පතුරම් ගැබක් හා ඊට යොදන ජීව උණ්ඩ කිහිපයක්ද සොයාගෙන තිබුණි.

    මේ අතර වෙඩික්කරු මියයෑමෙන් අනතුරුව දිනේෂ් වසන්ත නම් පුද්ගලයා තවත් අයෙකුට දුරකථන ඇමතුමක් ලබාදී අදාළ සිදුවීම පිළිබඳව විමසන හඬපටයක් ද විමර්ශන නිලධාරීන්ට හමුවී ඇත.

    මාර්තු 09 වනදා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ජා-ඇළ දී කුඩු අංජු නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට වෙඩි තබා පළාගොස් තිබුණි.

    විමර්ශන සිදුකළ පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබුණේ අදාළ වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා ගණේමුල්ල, සුමේධ මාවතේ දෙමහල් නිවසක තවත් අපරාධයක් සිදුකිරීම සඳහා සූදානමින් සිටින බවය.

    ඒ අනුව වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ එහි ගොස් තිබුණි.

    එහිදී සැකකරු සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අතර වෙඩි හුවමාරුවක් සිදුවී ඇති අතර ඉන් තුවාල ලැබූ සැකකරු රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මෙලෙස මියගොස් තිබුණි.

    මියගිය පුද්ගලයාට කුඩු අංජු ඝාතනය කිරීමට නොහැකිවීම නිසා කොන්ත්‍රාත්තුව ලබාදුන් පුද්ගලයා මුදල් ගෙවීමක්ද සිදුකර නොමැති බව පොලීසිය පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.