Author: LFN

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව පිතිකරුවන්ගේ ලැයිස්තුවේ පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක සමත්ව තිබේ. ඒ අනුව පැතුම් නිස්සංක පළමු 10 අතර සිය ස්ථානය වෙන්කරගෙන ඇත. මේ වනවිට පැතුම් නිස්සංක එක්දින පිතිකරුවන්ගේ ලැයිස්තුවේ රැඳී සිටින්නේ 08 වන ස්ථානයේය. ඔහු මීට පෙර 11 වන ස්ථානයේ රැඳී සිටි අතර ස්ථාන 3ක් පෙරමුණට පැමිණීමට සමත්ව ඇත. ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 711කි. තවදුරටත් එහි පෙරමුණේ සිය ස්ථානය රැකගැනීමට පාකිස්තාන සුපිරි පිතිකරු බාබර් අසාම් සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 824ක් හිමිකරගනිමින්ය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් ඊයේ (20) නව සන්ධානයක් බිහි කෙරුණි. ඒ “මානුෂීය ජනතා සන්ධානය” නමිනි. දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 22ක එකතුවෙන් නිර්මාණය කළ “මානුෂීය ජනතා සන්ධානය” ජනගත කිරීම ඊයේ කොළඹදී සිදුකෙරුණි.

Read More

පාතාලය සහ මත්ද්‍රව්‍ය තුරන් කළ පසු මත්පැන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ඔහු සඳහන් කළේ වසර 2025 වනවිට පාතාලය සහ මත්ද්‍රව්‍ය අවසන් කරන්නට සැලසුමක් ඇති බවය. “මේ රටේ පාතාලයයි මත්ද්‍රව්‍යයි… 2025 අවුරුද්ද ලබද්දී ඔය දෙකම මේ රටේ මිනිසුන්ගේ මනසින් මම අයින් කරලා පෙන්වනවා. පොලීසියත් පොලිස් විශේෂ කාර්ය බළකායත් මුලුමනින්ම පාතාලය සහ මත්ද්‍රව්‍යවලට විරුද්ධව මම පෙළගස්වනවා අනෙක් වැඩ සියල්ල පසෙක තබා…. ඉදිරි කාලයේදී. සම්පූර්ණ ශක්තියම යොදවලා මම මේක නැති කරලා තමයි අනෙක් වැඩවලට අත තියන්නේ. කරන්න තව වැඩ ගොඩක් තියෙනවා. අපේ රටේ ජනතාවගේ පවුල් ජීවිත… දරුවන්ගේ අනාගතය.. විනාශ වෙන්න බලපා තිබෙන දේවල් තමයි මත්පැන් පානය. දෙවැනි…

Read More

කාන්තා පොලිස් නිලධාරිනියක් ඊයේ (20) සවස බූම් ට්‍රක් රථයකට යටවීමෙන් මියගොස් ඇති බව මතුගම පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ කළුතර පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ දොඩංගොඩ පුහාඹුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සැරයන් දමයන්ති වීරසූරිය නමැති පොලිස් කාන්තා නිලධාරිනියකි. ඇය රාජකාරී නිමවා මලබඩ හන්දියේදී බසයෙන් බැස පදික මාරුවෙන් පාර මාරුවෙමින් සිටියදී මෙම අනතුරට මුහුණදී ඇත. එහිදී ඇය මතුගම දෙස සිට කළුතර දෙසට ගමන් කළ ට්‍රක් රථයේ ගැටී තිබේ. බරපතළ තුවාල ලබා සිටි ඇයව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත් රෝහල්ගත කිරීමේදී මියගොස් ඇති බවත් වාර්තා වෙයි. අනතුර සම්බන්ධයේ ට්‍රක් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුව මතුගම මහෙස්ත්‍රාත්…

Read More

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණි. මෙම හමුව සඳහා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක් සහභාගීවී තිබුණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ලක්ෂ 220ක මෙරට ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබාදිය යුතු බවය. රජය අක්‍රමවත් ලෙස ආර්ථිකය හැසිරවීම හේතුවෙන් අගතියට පත්වී සිටින ජනතාවගේ දුගීභාවය තුරන් කිරීමේ වැඩපිළිවෙළක අත්‍යවශ්‍යතාවය ද මෙහිදී IMF නියෝජිතයින්ගේ අවධානයට යොමුකර තිබේ. විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමට ඉදිරිපත් කළ යෝජනා සහ ඉලක්කවලට සමගි ජන බලවේගය…

Read More

ගණේමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට සැකකරුවෙකු වෙඩි තබා තිබේ. එහිදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු සහ තුවක්කුකරු ද තුවාල ලබා ඇත. මීට පෙර පාතාල කල්ලි වෙඩි තැබීම්වලට සම්බන්ධ බවට සැක කෙරෙන තුවක්කුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී මෙම වෙඩිතැබීම සිදුවී තිබේ.

Read More

ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබාගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර එය කඩිනමින් අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බවය. ඊට අදාළව නව නීතියක් ද මෙම අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එසේම රජයේ මූල්‍ය පාලනය සඳහා ද නීතියක් ගෙනඑන බව පැවසූ ජනාධිපතිවරයා මෙම සියලු කටයුතු තුළින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම අරමුණ බව පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කෑගල්ල, මංගෙදර ටැම්පිට පුරාණ පිරිවෙන් විහාරස්ථානයේ ‌‌ඓතිහාසික බෝධින් වහන්සේ වටා…

Read More

දිවයිනේ දැනට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් හෙට දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නැගෙනහිර ඌව සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා…

Read More

කථානායකවරු කවදාවත් සාධාරණව කටයුතු කර නොමැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු අද (20) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ යාපා, යාපා පරම්පරාවක් පාර්ලිමේන්තුවට රැගෙන ආ බවය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. විවාදය අද පැවැත්වෙන්නේ දෙවැනි දිනටය. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා, “පාර්ලිමේන්තුව සම්බන්ධයෙනුත් ජනතාවගේ විශ්වාසය භංග වෙලා තියෙන්නේ. ඒ සියල්ල ඉවත් කිරීම සඳහා මාස 6ක් 7ක් තුළ ජාතික මැතිවරණයක් එනවා. ඒ නිසා කථානායකවරයා හෙට ඡන්දෙදී සමත් වුණත් තව මාස 6කින් අනිවාර්යයෙන් ගෙදර යන්න වෙනවා.” “මහින්ද යාපා අබේවර්ධනට මේ මොකක්ද සිද්ධ වුණේ. මේක යාපාගේ දියවීමක් විතරක් නෙමෙයි…

Read More

කෝප් කමිටුවේ සභාපති ධුරය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය. ඔහු පැවසුවේ එම පත්කිරීම මඟින් කෝප් කමිටුව හෑල්ලුවට පත්වන බවයි. කෝප් කමිටුවෙන් මේ වනවිට මන්ත්‍රීවරුන් 8 දෙනෙක් පමණ ඉවත් වී ඇති බවත් කෝප් කමිටු සභාපතිවරයාව ඉවත් නොකළහොත් උපවාසයකට යෑමට සිදුවිය හැකි බවද ඔහු පැවසීය. කෝප් කමිටුවේ සභාපති ලෙස රෝහිත අබේගුණවර්ධන මහතා ව පසුගියදා පත් කෙරුණු අතර එම පත්කිරීමට එරෙහිව විවිධ පාර්ශ්ව විරෝධය දක්වති.

Read More