Author: LFN
දිවයිනේ, විශේෂයෙන් දකුණු අර්ධයේ පවතින වියළි කාලගුණයේ තාවකාලික වෙනසක් අද (20) දිනයෙන් පසු අපේක්ෂා කළ හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතී. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
බස්නාහිර සහ දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුවන පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් පිහිටුවීම අද සිදුකළේය. ඒ් යුක්තිය මෙහෙයුමට සමගාමීව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදිය. පසුගිය කාලයේදී බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් පාතාල ක්‍රියාකාරකම් රැසක් සිදු වූ අතර මනුෂ්‍ය ඝාතනය රැසක් ද වාර්තා වුණි . පොලිස් විශේෂ කාර්ය බලකාගේ අණදෙන නිලධාරීන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම කණ්ඩායම් ක්‍රියාත්මක වෙයි. මෙම අලුතින් පිහිටුවන කණ්ඩායම් 20 යොදවා මේවනවිට ක්‍රියාත්මක එක් එක් පාතාල කණ්ඩායම් වල ක්‍රියාකාරකම් මැඩලීම සදහා කටයුතු කරනු ලබයි. ඒ සෑම කණ්ඩායමක් සඳහාම අපරාධ අංශ ස්ථානාධිපතිවරයෙක්, බුද්ධි නිළධාරීන් 04 ක්, විශේෂ…
අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් කිලෝග්‍රෑම් 10ක් ලබා දීමේ වැසටහන සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ජනාධිපතිවරයා විසින් අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිසාපතිවරුන් හරහා හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74ක් පමණ ආවරණය පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව අදාළ පවුල් සඳහා සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස 2ක් සඳහා ලබාදීමට තීරණය කර තිබේ. සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියන් සම්බන්ධ කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. හඳුනාගත් අඩු ආදායම්ලාභීන්ගේ පෝෂණ මට්ටම පවත්වාගෙන යාමට උපකාරයක් වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
රෝහිත අබේගුණවර්ධන මහතා අපහාසයක් සම්බන්ධයෙන් විජිත් හේරත් මන්ත්‍රීවරයාට එරෙහිව එන්තරවාසියක් යොමුකළ ද ඊට පිළිතුරු නොදෙන බව ජාතික ජන බලවේගය පක්ෂය පවසයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, ඒ හේතුව මත රෝහිත අබේගුණවර්ධන මහතා නඩු පවරන්නේ නම් ඔහු විශාල ධනයක් උපයා ගත් ආකාරය පිළිබඳ සාක්ෂිකරුවන් ඉදිරිපත් කරන බවය. නඩුව අතරමඟ ඉල්ලා අස්කර ගැනීමට ඉඩ නොදෙන බව ද කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (19) ආරම්භ වේ. ඒ අනුව අද පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා සහ හෙට (20) පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරු 4.30ට පමණ පැවැත්වීමට නියමිතය. මේ අතර විශ්වාසභංග යෝජනාව දේශපාලනික අරමුණකින් ඉදිරිපත් නොකළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්නායක මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාසභංග යෝජනාවට සහයෝගය පළකරන බව එහි වැඩබලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවසුවේය.
අනුරාධපුර නගරයේ බාබර් සාප්පුවක් තුළදී 14 හැවිරිදි වියේ පසුවන පාසල් දැරියක් වරින් වර දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ බාබර් සාප්පුවේ කරණවෑමියා සහ තවත් පුද්ගලයෙක් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් දෙදෙනා ඊයේ (18) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 28 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ. පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී වින්දිත දැරිය පොලිස් භාරයට ගෙන සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ. අදාළ බාබර් සාප්පුව පසුපස ඇති කාමරයක් තුළදී මෙම අපරාධය සිදුව ඇති…
පවතින අධික වියලි කාලගුණික තත්ත්වයත් සමග මේ වනවිට ජල මූලාශ්‍ර 18ක් අවදානම් තත්ත්වයේ පවතින බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඊයේ පැවති මාධ්‍ය හමුකට එක්වෙමින් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී අනෝජා කළුආරච්චි මහත්මිය මෙම අදහස් පළකළේය. මේ හේතුවෙන් ඉදිරියේදී අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා ජල පරිභෝජනය සිදු නොකරන ලෙස ද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටී. ලබුගම සහ කලටුවාව ජලාශවල ජල මට්ටම තවත් මාස දෙකක් සඳහා ප්‍රමාණවත් බවද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී අනෝජා කළුආරච්චි මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය පැවසුවේ මුර ක්‍රමය යටතේ ජල සම්පාදන ක්‍රම 16ක…
ගාල්ල බන්ධනාගාරයේ සේවය කරන ජේලර්වරයෙකුගේ නිවස ඉදිරිපිට මල් වඩමක් සහ ඉටි පන්දමක් යමෙකු විසින් තබා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. එම සිද්ධිය ඊයේ (18) උදෑසන වාර්තා වී තිබුණි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී දිසානායක මහතා පැවසුවේ අදාළ ජේලර්වරයා ගාල්ල බන්ධනාගාරයේ විනය අංශයේ සේවය කරන නිලධාරියෙක් බවයි. ගාල්ල බන්ධනාගාරයට පිටතින් විසිකරන පාර්සල් කිහිපයක තිබී ජංගම දුරකථන 13ක් සහ දුම්කොළ මෙම නිලධාරියා විසින් සොයාගෙන ඇති බවත් ඊයේ සවස ද පිටතින් විසිකළ පාර්සලයක් මෙම නිලධාරියා විසින් සොයාගෙන තිබුණි. ඒ අවස්ථාවේ රැඳවියෙක් එම නිලධාරියා සමග බහින්බස් වීමක් ඇතිකර ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් පැවැත්වෙයි. මෙම සිද්ධියට මුහුණදුන් නිලධාරියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන්…
ඉංගිරිය බෝධිනාගල තානායමක් තුළදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකිරීමෙන් අනතුරුව සිය දිවි හානිකර ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන්ගේ සහායෙන් රෝහල්ගත කළ බව ඉංගිරිය පොලීසිය පවසයි. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ ඉංගිරිය, පෝරුව දණ්ඩ, පැල්පිටිගොඩ පදිංචි කාන්තාවක් සහ හා ඇයගේ අනියම් සැමියා බව කියන පිළියන්දල ප්‍රදේශයේ අයෙකි. පසුගිය (17) පෙරවරු 10ට පමණ පිරිමි පුද්ගලයා තානායමට තනිවම පැමිණ කාමරයක් වෙන්කරවාගෙන ඇති අතර ඊට විනාඩි 20 කට පමණ පසු කාන්තාව ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් තානායම කරා පැමිණ තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. පැයකට පමණ පසු කාන්තාව පැමිණි ස්කූටි වර්ගයේ යතුරුපැදියෙන් පිරිමි පුද්ගලයා තානායම් භූමියෙන් වේගයෙන් පිටව යන අයුරු කළමනාකරුගේ නෙත ගැටී…
රේගු නිලධාරීන් ආරම්භකර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ආනයනික භාණ්ඩ ඇතුළත් බහාලුම් තුන්දහස් පන්සියයක් පමණ මේ වනවිට දින හතරක සිට කොළඹ වරායේ සිරවී ඇති බව වාර්තා වෙයි. රේගු නිලධාරීන් මෙලෙස වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන්නේ, රේගු ත්‍යාග අරමුදල මහා භාණ්ඩාගාරයට පවරා ගැනීමේ සිද්ධියක් මුල් කරගනිමිනි. රේගු ත්‍යාග අරමුදල යොදාගනිමින් රේගු සේවකයන්ට අතිකාල සහ දිරිදීමනා ගෙවීම් සිදු කරයි. එම අරමුදල මුදල් අමාත්‍යංශය භාරයට ගෙන ඇති බවත්, එය අසාධාරණ බවත් පවසමින් රේගු නිලධාරීන්, රේගු අධිකාරීවරුන් සහ රේගු මාණ්ඩලික නිලධාරීන් අතිකාල සේවයෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට මාර්තු 15 වනදා පස්වරුවේ සිට එළැඹුණි. මේ අතර, මෙවැනි තීරණාත්මක සමයක් තුළ ක්‍රියාත්මක කර ඇති රේගු වර්ජනය හේතුවෙන් සැලකිය යුතු…