Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රේගු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් වරාය සිරවෙයි
    Featured

    රේගු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් වරාය සිරවෙයි

    By LFNMarch 19, 2024No Comments1 Min Read109 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රේගු නිලධාරීන් ආරම්භකර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ආනයනික භාණ්ඩ ඇතුළත් බහාලුම් තුන්දහස් පන්සියයක් පමණ මේ වනවිට දින හතරක සිට කොළඹ වරායේ සිරවී ඇති බව වාර්තා වෙයි.

    රේගු නිලධාරීන් මෙලෙස වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන්නේ, රේගු ත්‍යාග අරමුදල මහා භාණ්ඩාගාරයට පවරා ගැනීමේ සිද්ධියක් මුල් කරගනිමිනි.

    රේගු ත්‍යාග අරමුදල යොදාගනිමින් රේගු සේවකයන්ට අතිකාල සහ දිරිදීමනා ගෙවීම් සිදු කරයි.

    එම අරමුදල මුදල් අමාත්‍යංශය භාරයට ගෙන ඇති බවත්, එය අසාධාරණ බවත් පවසමින් රේගු නිලධාරීන්, රේගු අධිකාරීවරුන් සහ රේගු මාණ්ඩලික නිලධාරීන් අතිකාල සේවයෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට මාර්තු 15 වනදා පස්වරුවේ සිට එළැඹුණි.

    මේ අතර, මෙවැනි තීරණාත්මක සමයක් තුළ ක්‍රියාත්මක කර ඇති රේගු වර්ජනය හේතුවෙන් සැලකිය යුතු ව්‍යාපාරික අභියෝගවලට මුහුණ දීමට සිදුව ඇතැයි ආනයන හා අපනයන ක්ෂේත්‍රයේ පිරිස් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් දැනුම්වත් කර තිබේ.

    එම ලිපියෙන් ඔවුන් පෙන්වා දී ඇත්තේ, වර්ජනය හේතුවෙන් අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය නැව්ගත කිරීම් සඳහා ප්‍රවේශයක් නොමැතිව තමන් දැඩි පීඩාවකට පත්ව ඇති බවයි.

    එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ කර්මාන්ත ශාලා මෙහෙයුම් නවතා දැමීමට සිදුව ඇති බවද ජනාධිපතිවරයා වෙත ඔවුන් යොමුකළ ලිපියේ සඳහන් වෙයි.

    මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, ඒ අනුව ජනපතිවරයා ලබාදුන් උපදෙස් මත ගැටලුව සම්බන්ධයෙන් අද දිනයේ වෘත්තිය සමිති සමඟ යළි සාකච්ඡාවක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.