Author: LFN
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. අද (18) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ ඒ පිළිබඳ ලිපිය කථානායකවරයා වෙත භාරදුන් බවය.
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති ගැටලු සඳහා විසඳුම් ලබාදෙමින් එම ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහන ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, එම ක්ෂේත්‍රයේ නිරතවූවන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නිරතවූවන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පසුගියදා පැවැත්වුණි. ඔවුන්ගේ කර්මාන්තයට බලපා ඇති රජයේ නව බදු ප්‍රතිපත්ති පිළිබඳ ගැටලු මෙන්ම කර්මාන්තයේ සෙසු ගැටලු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. ජනාධිපතිවරයා එහිදී පැවසුවේ, මේ මොහොතේ බදු ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කළ නොහැකි නමුත් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ශක්තිමත් කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කරන බවය. එමෙන්ම රාජ්‍ය සහ…
අම්බලන්ගොඩ ගලගොඩ වෙළපාර ප්‍රදේශයේදී පසුගිය 11 වනදා රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියට අදාළව සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 100ක් ද පොලීසිය සොයාගෙන ඇත. එසේම දුරකථන සිම්කාඩ් පත් 3ක් ජංගම දුරකතනයක් ද සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ. පොලීසියට ලද තොරතුරකට අනුව සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය පවසන්නේ වැඩිදුර විමර්ශනවලදී සැකකරු සමන් කොල්ලා නමැති අපරාධකරු සමග දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වී මෙම අපරාධය කිරීම සඳහා ආධාර අනුබල දී ඇති බවය. සැකකරු බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිතය, පසුගිය 11 වනදා…
ජාඇළ ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු අනතුරකින් පාපැදියක ගමන්කරමින් සිටි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි වියේ පසුවූ ජාඇළ වැලිගම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවිවාහක පුද්ගලයෙකි. විදෙස්ගතවීමට සූදානම්ව සිටියදී ඔහු මෙම අවාසනාවන්ත අනතුරට මුහුණදී තිබුණි. ජාඇළ කනුවන දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී මෙම පුද්ගලයා කන්ටේනර් රථයේ ගැටී ඇති අතර එහි පැටලී මීටර් 300කට ආසන්න දුරක් ඇදී ගොස් ඇති බවද අනාවරණය වී තිබුණි. එහිදී මියගොස් ඇති පුද්ගලයාගේ සිරුරේ කොටස් මාර්ගයේ තැන තැන විසිරී ගොස් තිබී ඇති අතර පොලීසිය ඔහුගේ අනන්‍යතාව තහවුරු කරගෙන ඇත්තේ ඔහුගේ දුරකථනයේ සිම් කාඩ්පත උපයෝගී කරගනිමිනි. පසුව පොලීසිය විසින් CCTV පරීක්ෂා කිරීමෙන් අනතුරුව කන්ටේනර් රථය හඳුනාගෙන තිබුණි. වැඩිදුර විමර්ශනවලදී…
සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුට රටින් පැන යාම සඳහා ගමන් බලපත්‍ර සකසා දීම සඳහා සහාය වූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයෙකු සහ හිටපු නියෝජ්‍ය පාලකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයටත් අනෙක් සැකකරු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයටත් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකළ විමර්ශනයකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සැකකාර නියෝජ්‍ය පාලකවරයා විසින් නුරේෂ් සුපුන් දයාරත්න නොහොත් “හීනටියන මහේෂ්” නමැති සංවිධානාත්මක අපරාධකරුට ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකසා දී ඇති බවට අනාවරණ වී ඇත. මාණික්කුගේ දිනේෂ් සිල්වා යන ව්‍යාජ නාමය ඇතුළත් කර…
යුක්‍රේන හමුදාවේ රැකියා දෙන බව පවසමින් මිනිස් ජාවාරමේ යෙදුණු මෙරට අඹුසැමි යුවළක් එළඹෙන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයට ඊයේ පැමිණ භාරවීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකාර අඹුසැමි යුවළ කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටින අතර එම පුරුෂයා වෘත්තීයෙන් ආර්ථික විද්‍යා ගුරුවරයෙකි. යුක්‍රේන හමුදාවේ රැකියා ලබාදෙන බව පවසා ඔවුන් මෙරටින් පිටත් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 55කි. යුද හමුදාවේ සේවය කළ පිරිසක්ද ඒ අතර වන අතර යුක්‍රේන හමුදාවේ කපිතාන්වරයෙක් වශයෙන් සේවය කර දැනට මියගොස් සිටින රනීෂ් හේවගේ නැමැත්තාගේ සම්බන්ධීකරණයෙන් අදාළ පිරිස එවකට යුක්‍රේනයට යැවීමට…
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නෞකාවක් සහ එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 17 දෙනාද සමඟ මුදාගැනීමට ඉන්දීය නාවික හමුදාව සමත්ව තිබේ. ඒ ඉන්දීය හමුදාවේ කමාන්ඩෝ භටයන්ගේ ද සහාය ඇතිවය. මෙහිදී නෞකාවේ සිටි සෝමාලියානු කොල්ලකරුවන් 35 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. ඒඩ්න් බොක්කේ යාත්‍රාකරමින් පැවතියදී සෝමාලියානු කැරලිකරුවන්ගේ අත්අඩංගුවට පත් වෙළෙඳ නෞකාවක් ජාත්‍යන්තර නාවුක හමුදාවක් මගින් මෙලෙස මුදාගෙන ඇත්තේ 2017 වසරෙන් පසු පළමුවරට වීමද විශේෂත්වයකි.
ජීව වායු දෙමුහුන් බැටරි එනම් LNG භාවිතයෙන් බලගැන්වෙන ලොව ප්‍රථම රථ වාහන ප්‍රවාහන නෞකාව වන ද ජස්මින් ලීඩර් (The Jasmine Leader) නෞකාව හම්බන්තොට වරායට තිබේ. NYK නෞකා සේවයට අයත්, එය මෙරටට සේන්දුවූයේ මාර්තු පළමු සතියේදීය. ජීව වායු බැටරි සහිත නෞකා සැලකෙන්නේ, පරිසර හිතකාමී, මීළඟ පරම්පරාවේ නෞකා ලෙසටය. ඒ එමගින් වායු දූෂණය සහ සාගරයේ ඉන්ධන ඉහිරීමද අවම වන බැවිනි.
දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (18) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව වයඹ, උතුරු මැද, නැගෙනහිර, බස්නාහිර පළාත් සහ මොනරාගල, මන්නාරම, රත්නපුර සහ වවුනියා දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු…
වලංගු වීසා බලපත්‍ර නොමැතිව මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු පුද්ගලයින් 158 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් එරට මහල් නිවාස සංකීර්ණයක සිදුකළ විශේෂ පරීක්ෂාවකදී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. එහිදී විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 358 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති අතර ඉන් පුද්ගලයින් 158 දෙනෙකුටම මැලේසියාවේ රැඳී සිටීම සඳහා වලංගු වීසා බලපත්‍ර තිබී නොමැති බව සඳහන්ය. අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 83 දෙනෙකු, කාන්තාවන් 54 දෙනෙකු, පිරිමි ළමුන් 08 දෙනෙකු සහ ගැහුණු ළමුන් තිදෙනෙකු සිටි බව මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. අත්අඩංගුවට ගත් පිරිස අතර ශ්‍රී ලාංකිකයින්ට අමතරව ඉන්දුනීසියාව, නේපාලය, මියන්මාරය,…