Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»අපනයන ආර්ථිකයකට කඩිනමින් නොගියොත් නැවතත් ආර්ථික අර්බුදයක්
    Hot News

    අපනයන ආර්ථිකයකට කඩිනමින් නොගියොත් නැවතත් ආර්ථික අර්බුදයක්

    By LFNMarch 21, 2024No Comments2 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබාගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර එය කඩිනමින් අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බවය.

    ඊට අදාළව නව නීතියක් ද මෙම අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එසේම රජයේ මූල්‍ය පාලනය සඳහා ද නීතියක් ගෙනඑන බව පැවසූ ජනාධිපතිවරයා මෙම සියලු කටයුතු තුළින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම අරමුණ බව පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කෑගල්ල, මංගෙදර ටැම්පිට පුරාණ පිරිවෙන් විහාරස්ථානයේ ‌‌ඓතිහාසික බෝධින් වහන්සේ වටා ඉදිකළ බෝධිඝරය සහ රන්වැට විවෘත කිරීමේ පුණ්‍යෙත්සවයට ඊයේ (20) පෙරවරුවේ එක්වෙමිනි.

    ශ්‍රී ලංකාව ණය ගෙවිය හැකි රටක් ලෙස නැවත ලෝකය හමුවේ සහතික කිරීමට අදාළ සාකච්ඡා මෙම ජූනි, ජුලි මාසය වනවිට අවසන් කිරීමට අපේක්ෂා කරන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සමඟම බංකොළොත් රටක් යන නාමකරණය යටතේ අපට මෙතෙක් අහිමිව තිබූ විදෙස් ආධාර නැවත රටට ලැබීම ආරම්භ වන බවද පෙන්වා දුන්නේය.

    එපමණක් නොව ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කිරීමෙන් වැළකී සිටි විදෙස් බැංකු සහ සමාගම් නැවත ගනුදෙනු කිරීම ආරම්භ වීමත් සමඟ රටේ මුදල් ප්‍රමාණය ඉහළ යාම තුළින් ආර්ථිකය ශක්තිමත් වන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සමඟ ජනතාවට තවදුරටත් සහන සැලසීමට අවස්ථාව සැලසෙනු ඇති බවද කියා සිටියේය.

    ආර්ථිකයේ ප්‍රතිලාභය ද කිහිප දෙනෙකුට පමණක් නොව සියලු ජනතාවට හිමිකර දීම අරමුණ බවද අවධාරණය කළේය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “මේ වනවිට රුපියල ශක්තිමත් වී තිබෙන අතර ජූනි මාසය පමණ වනවිට ඩොලරයක මිල රුපියල් 280 දක්වා අඩු වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව භාණ්ඩවල මිල ගණන්වල අඩුවීමක් සිදු වෙනවා. ලබන වසර වනවිට රුපියල මීටත් වඩා ශක්තිමත් වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.”

    “කොපමණ ආර්ථික දුෂ්කරතා පැවතියත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අප පියවර ගත්තා. ඒ අනුව මෙම සිංහල දෙමළ අලුත් අවුරුද්ද වන විට රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩිවීමක් සිදු වෙනවා. එසේම සමෘද්ධිය මෙන් තුන් ගුණයක ප්‍රතිලාභ අස්වැසුම වැඩසටහන හරහා ජනතාවට ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ වගේම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව දහ අට ලක්ෂයේ සිට විසි හතර ලක්ෂයට වැඩිකර තිබෙන බව කිවයුතුයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 202605 Views

    ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 2026…

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.