Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනිවාර්යයෙන් ගෙදර යන්න වෙනවා – අනුර කුමාර
    Featured

    අනිවාර්යයෙන් ගෙදර යන්න වෙනවා – අනුර කුමාර

    By LFNMarch 20, 2024No Comments2 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කථානායකවරු කවදාවත් සාධාරණව කටයුතු කර නොමැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ඔහු අද (20) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ යාපා, යාපා පරම්පරාවක් පාර්ලිමේන්තුවට රැගෙන ආ බවය.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

    විවාදය අද පැවැත්වෙන්නේ දෙවැනි දිනටය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා,

    “පාර්ලිමේන්තුව සම්බන්ධයෙනුත් ජනතාවගේ විශ්වාසය භංග වෙලා තියෙන්නේ. ඒ සියල්ල ඉවත් කිරීම සඳහා මාස 6ක් 7ක් තුළ ජාතික මැතිවරණයක් එනවා. ඒ නිසා කථානායකවරයා හෙට ඡන්දෙදී සමත් වුණත් තව මාස 6කින් අනිවාර්යයෙන් ගෙදර යන්න වෙනවා.”

    “මහින්ද යාපා අබේවර්ධනට මේ මොකක්ද සිද්ධ වුණේ. මේක යාපාගේ දියවීමක් විතරක් නෙමෙයි අපේ රටේ දේශපාලනයේ දියවීමක් මෙතන තිබෙනවා.”

    “කථානායකවරයා… ඔහු විටෙක ආණ්ඩුවට බයයි. තවත් විටෙක විපක්ෂයටත් බයයි. විපක්ෂනායකට පැය 2කට ආසන්න කාලයක් මේ සභාවේ කෝලම් කරන්න ඉඩ දීලා තියෙනවා.”

    “මහින්ද යාපා අබේවර්ධනගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට… වසන්ත යාපා අබේවර්ධන, සරත් යාපා අබේවර්ධන, ඉඳුනිල් යාපා අබේවර්ධන, චාමර සී. යාපා අබේවර්ධන පත් කරගෙන. තමන්ගේ පවුල ගෙනාවා පාර්ලිමේන්තුවට. ඔහුගේ එක පුතෙක් ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා බවට පත්වෙනවා. යාපා, යාපා පරම්පරාවක් මෙතනට ගෙනාවා.”

    “මම පසුගියදා වව්නියාවේ ගියා. බැනර්, කටවුට්, ඡායාරූප විශාල ප්‍රමාණයක් තිබෙනවා. මම ජනතාවගෙන් ඇහුවා නගර සභා ඡන්දෙ තියෙනවා ද?. ඒකට දේශබන්දු කියලා කෙනෙක් ඉල්ලනවද කියලා. පොලිස්පතිවරයා… ඔහුගේ හැසිරීම කොහොමද ?”

    “කැබිනට් මණ්ඩලයත් අනීතිකව හැසිරෙනවා. එහෙම නැත්නම් කෙහෙළිය රඹුක්වැල්ල මා ඉස්සරහා ඉන්න එපැයි වාඩි වෙලා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.