Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අවුරුදු 30කින් ඉපැයූ අරුම පුදුම ධනස්කන්ධය
    Featured

    අවුරුදු 30කින් ඉපැයූ අරුම පුදුම ධනස්කන්ධය

    By LFNMarch 22, 2024No Comments1 Min Read142 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරතවූ නිකවැරටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සතු දේපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (21) දින පවරාගෙන තිබේ.

    එහිදී වසර 30කට ආසන්න කාලයක් තිස්සේ නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරතවෙමින් සැකකරු උපයා තිබූ රුපියල් කෝටි 10කට වැඩි වටිනාකමකින් යුත් නිශ්චල හා චංචල දේපොළ පොලීසියට පවරාගෙන ඇත.

    අදාළ සැකකරු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් සතුව තිබී මෙහිදී පවරාගෙන ඇති දේපොළ අතර රුපියල් ලක්ෂ අසූවකට අධික වටිනා ටිපර් රථයක්, නිකවැරටිය ප්‍රදේශයේ කුඹුරු අක්කර 30 ක්, නවීන නිවසක් සහිත ගොඩ ඉඩම් අක්කර තුනක්, තවත් ඉදිකරමින් පවතින නිවසක් ඇති බව පොලීසිය පවසයි.

    එසේම සැකකාර ජාවාරම්කරුට වසර 15ක පමණ කාලයක් තිස්සේ මත්පැන් ජාවාරම සිදුකරගෙන යාමට සහාය ලබාදුන් පුද්ගලයෙකු සතු රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු අධි සුඛෝපභෝගී වැන් රථයක්ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් පවරාගෙන ඇත.

    වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා නීතිවිරෝධී මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් හතලිස් වතාවකට ආසන්න වාර සංඛ්‍යාවක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවටය.

    මේ සම්බන්ධව ඉදිරියේදී කුරුණෑගල මහාධිකරණය වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරුණු වාර්තා කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.