Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»වනිඳුට යළිත් තරග තහනමක්
    Sport

    වනිඳුට යළිත් තරග තහනමක්

    By LFNMarch 20, 2024No Comments2 Mins Read150 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට යළිත් ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (19) පියවර ගත්තේය.

    ඒ, බංග්ලාදේශය කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින තරගයේදී ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනය නීති උල්ලංඝණය කිරීම හේතුවෙනි.

    බංග්ලාදේශය සමග ඊයේ පැවති තරගයේදී වනිඳු හසරංග විනිසුරු තීරණයකට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම හේතුවෙන් වනිඳු හසරංගට ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙලෙස තීරණය කර තිබේ.

    බංග්ලාදේශ ඉනිමේ 37 වැනි පන්දුවාරයේදී වනිඳු හසරංග විසින් විනිසුරුවරයෙකුගෙන් ඔහුගේ හිස්වැසුම උදුරා ගැනීමක් සිදු කළ බවත්, ඉන් විනිසුරුවරයා සමච්චලයට ලක් කිරීමක් සිදුවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දෙයි.

    මෙම වරද හේතුවෙන් වනිඳුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණු 3ක් පනවා ඇති අතර තරග ගාස්තුවෙන් සියයට 50ක දඩ මුදලක්ද නියම කර තිබේ.

    ඒ අනුව මාස 24ක් තුළ ඔහුගේ දඬුවම් ලකුණු ප්‍රමාණය ලකුණු 8 දක්වා ඉහළ යාම හේතුවෙන් ඔහුට එරෙහිව ටෙස්ට් තරග දෙකක් හෝ එක්දින තරග 4ක් හෝ 20-20 තරග 4ක තහනමක් පැනවෙනු ඇති.

    ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමගත් වනිඳු හසරංග බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය සඳහා ඊයේ නම් කර තිබුණි.

    ඒ අනුව බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය වනිඳු හසරංගට අහිමි වෙයි.

    යම් හෙයකින් වනිඳු හසරංග ටෙස්ට් සංචිතයට නම් කර නොතිබුණේ නම් එළඹෙන ලෝක කුසලාන තරගාවලියේදී වනිඳුට පළමු තරග 4 අහිමිවීමට ඉඩ තිබුණි.

    මින්පෙර ඇෆ්ගනිස්තානය සමග පැවැති තරගාවලියේදී විනිසුරු තීරණයක් විවේචනය කිරීම හේතුවෙන් වනිඳු හසරංගට තරග දෙකක තහනමක් පැනවීම හේතුවෙන් බංග්ලාදේශය සමග පැවති පළමු 20-20 තරග දෙකද ඔහුට අහිමි වුණි.

    මේ අතර ඊයේ තරගයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනය නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස්ටද තරග ගාස්තුවෙන් සියයට 50ක දඩ මුදලක් නියම කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.