Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වරද පිළිගත් තිළිණිට අධිකරණයෙන් දැඩි අවවාද
    Featured

    වරද පිළිගත් තිළිණිට අධිකරණයෙන් දැඩි අවවාද

    By LFNMarch 16, 2024No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධිකරණ නියෝග කඩ කිරීම් තුනක් සම්බන්ධයෙන් ගොනුකළ නඩුවක වරද පිළිගත් ව්‍යාපාරිකාවක් වන තිළිණි ප්‍රියමාලි දැඩි අවවාද මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊ (15) නියෝග කළේය.
    ‍
    සැකකාරියට රුපියල් 1,500ක දඩ මුදලක් නියම කළ මහෙස්ත්‍රාත්වරයා එය නොගාවන්නේ නම් සති දෙකක සිරදඩුවම් නියම කළේය.

    කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වන ව්‍යාපාරිකාවක් වන තිළිණි ප්‍රියමාලිට රන් මාලයක් ගෙන නැවත ලබා නොදුන් බවට වන නඩුකරයක දී තිබු ඇප කොන්දේසියක් කඩ කරමින් දින තුනක් පොලීසියට වාර්තා නොකිරීම මත කොටුව පොලීසිය විසින් අධිකරණයට කරුණූ දැක්වීමෙන් අනතුරුව ඇය ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබූ අතර එම නියෝගයෙන් අනතුරුව මෝසමක් ගොනුකරමින් ඇය වෙනුවෙන් පෙනී සිටි නිතිඥ කිංස්ලි හෙට්ටිආරච්චි මහතා ප්‍රමුඛ නිතිඥ මඩුල්ල අධිකරණයෙන් සමාව ගෙන ඇය සිටින බවට කළ දැනුම් දීම මත මහෙස්ත්‍රාත්වරයා ඇය පෙර ඇප මත මුදාහරින ලෙස නියෝග කළේය.

    ඇය වෙනුවෙන් කරුණු දක්වමින් මුල් උත්තරවාදය ඉල්ලා අස් කරගන්නා බවත් නැවත මෙවැනි වැරිද සිදුනොකිරිමට වග බලාගන්නා බවත් නිතිඥ මඩුල්ල අධිකරණයට දැනුම් දුන්නේය.

    අධිකරණ නියෝග ප්‍රකාරව කටයුතු නොකළ දින තුනට අදාළ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කෙරුණු අතර මේවා හොර වෛද්‍ය වාර්තා බවට මහෙස්ත්‍රාත්වරයා දැනුම් දෙමින් මේවා මත සලකා ඇප නොදෙන බවත් අධිකරණයේ වරද පිළිගෙන සමහව ඇයැදීම මත සැකකාරිය මුදා හරින බවත් දන්වා සිටියේය.

    සිද්ධිය සම්බන්ධයෙන් නඩුව ලබන ජුලි මස 26 යළි කැඳවන ලෙස නියෝග කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.